
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අනෝජන් සිවරාසා මරණ දඬුවමින් ගැලවූවාට සෞදි රජයට ස්තූතිවන්ත වන බව සභානායක අමාත්ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
දේව නීතිය යටතේ දඬුවම් ලැබූ අයකුගේ දඬුවම් මෙලෙස අඩුකිරීම ප්රථම වතාවට සිදුවූ දෙයක් බව කී හෙතෙම ශ්රීලංකා හෘද සාක්ෂියේ ගින්න නිවා දැමීමට කටයුතු කිරීම ගැන නැවත වරක් ස්තූතිවන්ත වන බවද සඳහන් කළේය.
මෙයට දායකවූ පක්ෂ විපක්ෂ සියලු දෙනාට මෙන්ම එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයට ස්තුතිවන්ත වන බවද සභානායකවරයා කීය.
ඔහු මෙසේ පැවැසුවේ විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd