(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මත්ද්‍රව්‍ය ඇතුලු විවිධ ජාවාරම්කරුවන්ගේ රුපියල් කෝටි 1004ක් වටිනා වත්කම් දේපළ පසුගිය වසර දෙකේදී නිෂ්ක්‍රිය කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

2024 සැප්තැම්බර් 20න් පස්සේ එක්කෝටි තිස් ලක්ෂයක වත්කම් නිෂ්ක්‍රිය කරලා තියෙනවා. 2025 වසර තුළ කෝටි 183කද 2026 වසරේදී කෝටි 819කද වත්කම් නිෂ්ක්‍රිය කරලා තියෙනවා. ඔක්කොම මිලියන 10040යි. නීති විරෝධී ලෙස හම්බ කරන මුදල් තියාගන්න හම්බවෙන්නේ නෑ කියන පණිවිඩය තමයි මෙතනින් දෙන්නේ. අනීතික ව කටයුතු වලින් දේපළ අත්පත් කරගත්ත නම් ඒවා තියාගන්න හම්බවෙන්නේ නෑ. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට මෙම සංශෝධන ගෙනවිත් තිබෙනවා.

පොලිසිය දේශපාලනීකරණය වුණේ එදා. අපි ඒ තත්වයෙන් පොලිසිය මුදාගත්තා.මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සමස්ත සමාජයම සංවිධාන කරලා තියෙනවා. පොලිසිය මීට සක්‍රිය ලෙස දායක වෙනවා. ඔවුන්ට නැවත නැවතත් ස්තුතිවන්ත වෙනවා.

පසුගිය වසර තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 588100ක් කරලා තියෙනවා. 586824ක් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ පිරිස අතර වයස 21ට අඩු 11737ක් අැතුළත්.