IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අන්තිමේදි උසාවියෙදි දුක දිග හැරෙයි

තමාට හිඟ විශ්‍රාම වැටුප් සහ දීමනා ලබා නොදීමට එරෙහිව  විශ්‍රාමික  ආබාධිත සෙබළුන් පිරිසක්  ගොනු කල රිට් පෙත්සමක්  ලබන සැප්තැම්බර්  28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය  අද(21) තීරණය  කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  මහතා , හමුදාපති ඇතුළු  පිරිසක්  වගඋත්තරකරුවන්  කොට සිටින එම පෙත්සම විශ්‍රාමික ආබාධිත  සෙබළුන් 291 දෙනෙකු විසින් ගොනු  කර තිබිණි.

අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි  මෙම පෙත්සම  කැදවිණි.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග පැවති ක්‍රියාන්විත වලදී සුවිශාල කාරය භාර්යක් කර ඇති තමන් ඒ වෙනුවෙන්  ආබාධිත තත්තවයට පත්වූ බවද පෙත්සම්කරුවන් කියා සිටිති.

එසේ තිබියදී තමන්ට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු ඇතැම් දීමනා ලබාදීමට  වගඋත්තරකරුවන්  කටයුතු නොකල බවද පෙත්සම්කරුවන් සිය පෙත්සමේ කියා සිටිති.ඒ සම්බන්ධයෙන්  හිටපු  ජනාධිපතිවරයා  ඇතුළු බලධාරීන්ට ඉල්ලීම්  ඉදිරිපත්  කලත් එය ඉටු නොවූ බවට පෙත්සම්කරුවන් කියා සිටී.එබැවින් තමන්ට හිමි දීමනා සහ වරප්‍රසාද ලබා දෙන ලෙස වගඋත්තරකරුවන්ට  නියෝග කරන්නැයි ඔවුන් පෙත්සමින් ඉල්ලා ඇත.

RDS_8660 RDS_8661 RDS_8662



අදහස් (0)

අන්තිමේදි උසාවියෙදි දුක දිග හැරෙයි

චාමර Thursday, 21 May 2015 08:38 AM

පේනවා නේද මේ මිනිස්සුන්ට සලකල තියෙන හැටි ? (ර)

:       0       0

පෙරේරා Thursday, 21 May 2015 08:39 AM

යුද්දේ ගැන හැම තිස්සෙම පාරම්බාන්නේ රට කන දේශපාලුවෝ මිසක් දේශය වෙනුවෙන් යුද්ධේට හැබැහින් මුහුන දුන්න සෙබල පිරිස නොවෙයි. එහෙම අයත් දේශපාලුවන් නිසා අදත් අසරණයි. (ර)

:       0       0

ටිරෝන් Thursday, 21 May 2015 10:20 AM

නඩු මොකටද පාලකයෝ ඉදිරිපත් වෙලා මේ මිනිසුන්ට සාදාරණයක් කලානම් නරකද බොරුවට රණවිරුවන් සමරමින් කරන බොරු වියදම් වල සල්ලිත් සමග සමහරක් දෙසපාලුවන්ගේ නම පවතින්නේත් මේ අහිංසක මිනිසුන් නිසා. (ර)

:       0       0

චතුරි Thursday, 21 May 2015 12:30 PM

බොරුවට රණවිරුවන් සමරන්න කියලා කෝටි ගණන් වියදම් කරනවා.හැබෑ රණවිරුවෝ පාරේ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 21 May 2015 01:20 PM

අපේ මිනිස්සුන්ට දැන්වත් මොලේ පෑදුන එක ගැනට ගොඩක් සතුටුයි. ඔය හැම දේශපාලකයෙක්ම තමන්ගේ ගිණුමට විජයග්‍රහණය බැර කරගන්න හදන්නේ මේ රට දැය වෙනුවෙන් ජීවිතය කැපකරපු මේ මිනිස්සු අමතක කරලයි.(නදී)

:       0       0

සරසි Thursday, 21 May 2015 02:45 PM

යුද්ධයට සක්‍රියව දායකත්වය සැපයු උදවියට ගිය කල ! (නි)

:       0       0

නිශාඩ් ප්‍රීනා Thursday, 21 May 2015 08:09 AM

අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අධිකරණයෙන් ඔවුනට සාධාරණයක් සිදුවේවි. (නි)

:       0       0

අනුර Thursday, 21 May 2015 04:42 PM

ඉතින් ජෙනරාල් සරත් ෆොන්සේකගේද විශ්‍රාම වැටුප කපා හරියේ ගිය රජයෙන් ඉතින් තව මොනවද ?( කේ)

:       0       0

ශ්‍රීලාල් Thursday, 21 May 2015 08:14 AM

ඇත්තටම යුද්ධය දිනුවේ මේ මිනිසුන්ගේ ඇස් මස් ලේ කැපකරලා. පපුවට ගහගෙන දේශප්‍රේමීත්වය පාරම්බාන පාලකයන්ගේ අවදානය හා මහජන අවදානය මේ විරුවන්ගේ ඉල්ලීමට යොමුනොවීම ජාතියේ අමතකවීම මනාව පිළිබිඹුවෙන කණගාටුදායක උදාහරණයක්. අපිට නිදහසේ අපේ රටේ ඉන්න අවස්ථාව හදලා දුන්න ඇත්තටම යුද්ධ කළ මේ මිනිසුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිවැරදි තීන්දුවක් ලබදෙත්වා! (නි)

:       0       0

නිලන්ත ගමගේ Thursday, 21 May 2015 08:35 AM

කෝ මේ කට්ටිය අඩුයිනේ .. වෙනදාට අයියා මලෝ සේරම එනවානේ (ම)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 08:37 AM

අපි වෙනුවෙන් අපි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 375 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 847 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 541 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 878 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1368 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 570 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site