අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් නිසා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත සහ නෙළුම් පොකුණ වටරවුමේ වාහන තදබදයක් ඇති විය.
උද්ඝෝෂණයට විශ්ව විද්‍යාල සිසුහු 3000ක් පමණ සහභාගී වී සිටිති.
විරෝධතාවට පැමිණි සියලු සිසුන් සමග පා ගමනින් පාර්ලිමේන්තුව බලා යන බව අන්තරේ කැඳවුම්කරු නජිත් ඉන්දික කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොල්ලන්ට නම් ඉගෙනුමක් වෙන්නේ නෑ.(හේ)
අසධාරණයට, අව නීතියට එරෙහිව ඉදරියට යන්නේ තරුණ පෙළ පමණයි. තරුණ වයසට ඔහොම තමයි. ඒ ළමයි කතා කරන්නේ ඇත්ත. නමුත් නවක වදයට විරුද්ධයි.(හේ)
ගයාන්, දෙමවුපියෝ වැඩිහිටියෝ හැටියට අපි නිහඩව සිටින නිසා තමයි ශිෂ්‍යයන්ට මතු පරපුර වෙනුවෙන් අධ්‍යාපනය ආරක්ෂා කරන්න පාරට බහින්න වෙලා තියෙන්නේ (නදී)
දැන් බලන්න මෙහෙම පාරවල් අවහිර වුනාම මිනිස් පැය කීයක් අපතේ යනවාද ? මේවා උගත්තුන්ට ගැලපෙන වැඩද ? මේලෝකේ තමාට ඕන හැම දෙයක්ම කාටවත් ලැබිලා නැහැ . ඕන දෙයක් ඉල්ලා ගත්තට කමක් නැහැ අනුන්ට හිරිහැරයක් නොවී.(හේ)
අනාගත අධ්‍යාපනය වෙනුවෙන් මල්ලියේ නංගියේ හැමෝම එන්න ඉදිරියට, අපේ ශක්තිය පෙන්නන්න.මගෙන් සුභ පැතුම්.(හේ)
මේ අපේ දරුවන් නේද මොවුන්ගේ අදහස් වලට ඇහුම් කන් නොදෙන්නේ ඇයි (නදී)
රට විනාශ කරන ජේ.වී.පී. ගහලා පැන්නුවා නම් හරි (නදී)
ඔව් ඔව් ඉල්ලන හැමදේම ලැබෙන්නේ දේශපාලකයන්ට විතරයි. ශිෂ්‍යයන් මොනවා හරි ඉල්ලුවොත් තමයි වැරදි. දැනට දින කිහිපයක් පුරා ඇදී ඇදී යන සිසු අරගලය ගැන ගොඩක් අය වපර ඇහෙන් තාම බලන්නේ. එයිනුත් බහුතරය විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබපු අය වෙන්න ඕනා. ඔවුන්ගේ අදහස තමයි රටේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න අය මෙහෙම හැසිරෙන එක වැරදියි කියන එක. ඔවුන්ට අමතක වෙච්ච දෙයක් තමයි ඔවුනුත් රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන එම කටයුත්ත හරියට කරගන්න බැරි උන නිසා විශ්වවිද්‍යාල නොගියපු බව. එහෙම බලපුහම විශ්ව විද්යාල නොගියපු හැම දෙනාම කරලා තියෙන්නේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරලා තියෙන එක. නමුත් ඇත්ත එ්ක නෙමෙයිනේ. එ්ක හින්ද තමුන්ට නිදහස් අධ්‍යාපනයේ අවසන් වසර කිහිපය නොලැබුණු නිසා ඒක ලැබුන අයට ප්‍රශ්න එද්දී හිනා වෙන්න එපා. (නදී)
සමන් වසන්ත මහත්තයෝ, ඔයා ඔය දේශනාව ඔය සරසවි සිසුන්ටම කියන්න. මෙතන වෙන දේ නොත්රෙන්න මේ රටේ ඉන්නේ ඔය සරසවි වල වගේ පත පොත විතරක් දැනුම අරන් ඇස් අරින බලල් පැටව් වගේ සරසවි වලට ආපු නොදරුවෝ නෙමෙයි. මේ ඉල්ලන්නේ බිල්ලක්. (නදී)
සමන් වසන්ත , මෙතන සරසවියට නොගිය උදවිය අතරේ තමන්ගේ දෙමව්පියනුත් ඇති. මෙහෙම උද්දච්ච විදියටද ඒ මිනිස්සුන්ටත් කතා කරන්නේ. මෙතන ඉන්නවා වෘත්තීය විභාග කල උදවිය , දැනමුතු වැඩිහිටියන්. උපාධියක් ගත්ත පලියට ජීවත් වෙන්න ප්‍රායෝගික බුද්ධියක් නැති නම් රටේ අනිත් මිනිස්සු එ්කට පලි නැහැ. උසස් පෙළ සුදුසුකම් විතරක් ඇති. මිනිස්සු රැකියා සොයාගෙන ඔහෙලාට ඉගෙන ගන්න බදු ගෙවනවා. ඒ මින්ස්සු රටට බරක් නැහැ. ඔහෙලා අනිත් මිනිස්සුන්ට නුගතුන් යනුවෙන් පාච්චල් කරමින් උද්දච්ච වුන නිසාම තමයි පුද්ගලික අංශයෙන් ඔහෙලා වගේ උද්දච්ච මිනිස්සු වැඩට ගන්න කලින් දෙපාරක් හිතන්නේ. (නදී)
තිලක් මහත්තයෝ, මේ ළමයින්ගේ ඉල්ලීම් වලින් හොදක් වෙන්නේ මේ ළමයින්ට විතරක් නෙමෙයිනේ. ඉදිරියට විශ්ව විද්‍යාල යන්න ඉන්න අයටත් එ්කෙන් හොදක් වෙනවා. එ්කට ඔබ තුමාගේ ළමයිනුත් ඇතුලත් වෙන්න පුළුවන්. ඉල්ලීම් කරන ශිෂ්‍යන් බිල්ලක් වෙනවා කියන එකෙන්ම රටේ තත්වය පැහැදිලියි නේද? (නදී)
විශ්ව විද්‍යාලයීය සිසුන් යනු නව දැක්මක් ඇති පිරිසක්. ඔවුන් මේ අරගල සිදුකරන්නේ මුලුමහත් රටේම පැන නැගී ඇති ගැටලු හේතුවෙනි. එය පෞද්ගලික අරමුණක් නොවන පොදු අරමුණකි. වරදක් දුටු විට අහක බලන් සිටින කොන්දක් නැති සමාජීය පුද්ගලයන් අතර මෙම උගත් ශිෂ්‍යයන් රටේ අවශ්‍යතාවයකි. මොවුන් දෙස ක්‍රෝධයෙන් නොබලා ඔවුන් දෙස සධාරණ ලෙස බැලීම අප යුතුකමකි. (නදී)
ගිහාන්, මගේ කතාවෙන් ඔබට හොදටම රිදිලා වගේ. මගේ අදහස හොදින් කියෙව්වනම් එතන කිසිම උද්දච්ච දෙයක් නැති බව පැහැදිලි වෙයි. මගේ අදහස් උද්දච්ච නම් මට විශ්ව විද්‍යාලයෙන් පිටවුන ගමන් පෞද්ගලික අංශයක රැකියාවක් ලබෙන්නෙවත් එම රැකියාව වසර අටකටත් වඩා සාර්ථකව කරන්නවත් ලැබෙන්නේ නැහැ. මම අායෙත් කියන්නේ නිදහස් අධ්‍යාපනයේ අවසන් වසර කිහිපය නොලැබුණා කියලා එහෙම ලැබුන අයගේ ප්‍රශ්න දිහා උපහාසයෙන් බලන්න එපා කියලා. මගේ දෙමව්පියන්වත් විශ්වවිද්‍යාල ගිය ඕනෑම ළමයෙක්ගේ දෙමව්පියන් වත් මෙම ප්‍රශ්න දිහා උපහාසයෙන් බලනවා ඇති කියලා මම හිතන්නේ නැහැ. උසස් පෙළ විතරක් කරලා රැකියාවක් කරන අයත් වසර 13ක්ම ඉගෙන ගත්තේ රටේ ජනතාවගේ සල්ලි වලින් නෙමෙයිද? එහෙම අයට විශ්ව විද්‍යාල යන්න බැරි උනහම කවුරුවත් කිවුවේ නැහැනේ රටේ සල්ලි කාබාසිනියා කර කියලා. ඒ අයට විශ්ව විද්‍යාල යන්න බැරි උනේ විශ්ව විද්‍යාලයට තේරුන අයගේ වරදක් නිසා නෙමෙයිනේ. එ්කට හේතුව අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රති පාදන මදිකම. එහෙම ප්‍රතිපාදන වැඩි කරන්න කියලා නෙමෙයිද මේ ළමයි කියන්නේ. ඒක නිසා නිදහස් අධ්‍යාපනයේ අවසන් අදියර බුක්ති විඳින සරසවි සිසුන් කරන අරගල දිහා උපහාසයෙන් බලන්න එපා. (නදී)
සරසවියෙන් පිටවෙලා වසර අටයි.සරසවියේ හතරක් හිටියා කියලා හිතමු.එතකොට දොළහයි.තුන්පාරක් උසස් පෙල කළා කියලා හිතුවොත් 15යි.ඒ කියන්නේ දැන් ඕනෑ නම් තිස් දෙකක් විතර ඇති. අපි වැරදි නම් සමාවෙන්න උගත් මහත්තයෝ.... (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ මගේ වයස ගණනය කරන්ඩ කාලය වැය නොකර මම ඉදිරිපත් කරපු අදහසේ අඩු පාඩුවක් හොයල දුන්නනම් වටිනවා. (නදී)
අනේ මේ අහිංසක කොල්ලන්ව ජේ.වී.පී අය අපායට ඇදගෙන යන්න හදනවා (නදී)