IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අන්තරේ මහ පාර හිර කරයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් නිසා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත සහ නෙළුම් පොකුණ වටරවුමේ වාහන තදබදයක් ඇති විය.

උද්ඝෝෂණයට විශ්ව විද්‍යාල සිසුහු 3000ක් පමණ සහභාගී වී සිටිති.

විරෝධතාවට පැමිණි සියලු සිසුන් සමග පා ගමනින් පාර්ලිමේන්තුව බලා යන බව අන්තරේ කැඳවුම්කරු නජිත් ඉන්දික කියයි.



අදහස් (0)

අන්තරේ මහ පාර හිර කරයි

සමන් වසන්ත Tuesday, 21 October 2014 12:48 PM

තිලක් මහත්තයෝ, මේ ළමයින්ගේ ඉල්ලීම් වලින් හොදක් වෙන්නේ මේ ළමයින්ට විතරක් නෙමෙයිනේ. ඉදිරියට විශ්ව විද්‍යාල යන්න ඉන්න අයටත් එ්කෙන් හොදක් වෙනවා. එ්කට ඔබ තුමාගේ ළමයිනුත් ඇතුලත් වෙන්න පුළුවන්. ඉල්ලීම් කරන ශිෂ්‍යන් බිල්ලක් වෙනවා කියන එකෙන්ම රටේ තත්වය පැහැදිලියි නේද? (නදී)

:       0       0

සුපුන් Tuesday, 21 October 2014 12:57 PM

විශ්ව විද්‍යාලයීය සිසුන් යනු නව දැක්මක් ඇති පිරිසක්. ඔවුන් මේ අරගල සිදුකරන්නේ මුලුමහත් රටේම පැන නැගී ඇති ගැටලු හේතුවෙනි. එය පෞද්ගලික අරමුණක් නොවන පොදු අරමුණකි. වරදක් දුටු විට අහක බලන් සිටින කොන්දක් නැති සමාජීය පුද්ගලයන් අතර මෙම උගත් ශිෂ්‍යයන් රටේ අවශ්‍යතාවයකි. මොවුන් දෙස ක්‍රෝධයෙන් නොබලා ඔවුන් දෙස සධාරණ ලෙස බැලීම අප යුතුකමකි. (නදී)

:       0       0

සමන් වසන්ත Tuesday, 21 October 2014 01:11 PM

ගිහාන්, මගේ කතාවෙන් ඔබට හොදටම රිදිලා වගේ. මගේ අදහස හොදින් කියෙව්වනම් එතන කිසිම උද්දච්ච දෙයක් නැති බව පැහැදිලි වෙයි. මගේ අදහස් උද්දච්ච නම් මට විශ්ව විද්‍යාලයෙන් පිටවුන ගමන් පෞද්ගලික අංශයක රැකියාවක් ලබෙන්නෙවත් එම රැකියාව වසර අටකටත් වඩා සාර්ථකව කරන්නවත් ලැබෙන්නේ නැහැ. මම අායෙත් කියන්නේ නිදහස් අධ්‍යාපනයේ අවසන් වසර කිහිපය නොලැබුණා කියලා එහෙම ලැබුන අයගේ ප්‍රශ්න දිහා උපහාසයෙන් බලන්න එපා කියලා. මගේ දෙමව්පියන්වත් විශ්වවිද්‍යාල ගිය ඕනෑම ළමයෙක්ගේ දෙමව්පියන් වත් මෙම ප්‍රශ්න දිහා උපහාසයෙන් බලනවා ඇති කියලා මම හිතන්නේ නැහැ. උසස් පෙළ විතරක් කරලා රැකියාවක් කරන අයත් වසර 13ක්ම ඉගෙන ගත්තේ රටේ ජනතාවගේ සල්ලි වලින් නෙමෙයිද? එහෙම අයට විශ්ව විද්‍යාල යන්න බැරි උනහම කවුරුවත් කිවුවේ නැහැනේ රටේ සල්ලි කාබාසිනියා කර කියලා. ඒ අයට විශ්ව විද්‍යාල යන්න බැරි උනේ විශ්ව විද්‍යාලයට තේරුන අයගේ වරදක් නිසා නෙමෙයිනේ. එ්කට හේතුව අපේ රටේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රති පාදන මදිකම. එහෙම ප්‍රතිපාදන වැඩි කරන්න කියලා නෙමෙයිද මේ ළමයි කියන්නේ. ඒක නිසා නිදහස් අධ්‍යාපනයේ අවසන් අදියර බුක්ති විඳින සරසවි සිසුන් කරන අරගල දිහා උපහාසයෙන් බලන්න එපා. (නදී)

:       0       0

සමන් වසන්ත Wednesday, 22 October 2014 03:02 AM

බන්දුල පෙරේරා මහත්තයෝ මගේ වයස ගණනය කරන්ඩ කාලය වැය නොකර මම ඉදිරිපත් කරපු අදහසේ අඩු පාඩුවක් හොයල දුන්නනම් වටිනවා. (නදී)

:       0       0

ගයාන් Wednesday, 22 October 2014 03:38 AM

අනේ මේ අහිංසක කොල්ලන්ව ජේ.වී.පී අය අපායට ඇදගෙන යන්න හදනවා (නදී)

:       0       0

ගයාන් Tuesday, 21 October 2014 08:11 AM

මේ කොල්ලන්ට නම් ඉගෙනුමක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

පාලිත Tuesday, 21 October 2014 08:16 AM

අසධාරණයට, අව නීතියට එරෙහිව ඉදරියට යන්නේ තරුණ පෙළ පමණයි. තරුණ වයසට ඔහොම තමයි. ඒ ළමයි කතා කරන්නේ ඇත්ත. නමුත් නවක වදයට විරුද්ධයි.(හේ)

:       0       0

මහේෂ් Tuesday, 21 October 2014 08:32 AM

ගයාන්, දෙමවුපියෝ වැඩිහිටියෝ හැටියට අපි නිහඩව සිටින නිසා තමයි ශිෂ්‍යයන්ට මතු පරපුර වෙනුවෙන් අධ්‍යාපනය ආරක්ෂා කරන්න පාරට බහින්න වෙලා තියෙන්නේ (නදී)

:       0       0

ජයනි Tuesday, 21 October 2014 08:42 AM

දැන් බලන්න මෙහෙම පාරවල් අවහිර වුනාම මිනිස් පැය කීයක් අපතේ යනවාද ? මේවා උගත්තුන්ට ගැලපෙන වැඩද ? මේලෝකේ තමාට ඕන හැම දෙයක්ම කාටවත් ලැබිලා නැහැ . ඕන දෙයක් ඉල්ලා ගත්තට කමක් නැහැ අනුන්ට හිරිහැරයක් නොවී.(හේ)

:       0       0

ජනක Tuesday, 21 October 2014 08:47 AM

අනාගත අධ්‍යාපනය වෙනුවෙන් මල්ලියේ නංගියේ හැමෝම එන්න ඉදිරියට, අපේ ශක්තිය පෙන්නන්න.මගෙන් සුභ පැතුම්.(හේ)

:       0       0

දිනේෂ් Tuesday, 21 October 2014 09:52 AM

මේ අපේ දරුවන් නේද මොවුන්ගේ අදහස් වලට ඇහුම් කන් නොදෙන්නේ ඇයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 21 October 2014 04:29 PM

සරසවියෙන් පිටවෙලා වසර අටයි.සරසවියේ හතරක් හිටියා කියලා හිතමු.එතකොට දොළහයි.තුන්පාරක් උසස් පෙල කළා කියලා හිතුවොත් 15යි.ඒ කියන්නේ දැන් ඕනෑ නම් තිස් දෙකක් විතර ඇති. අපි වැරදි නම් සමාවෙන්න උගත් මහත්තයෝ.... (නි)

:       0       0

දිලිප් Tuesday, 21 October 2014 10:26 AM

රට විනාශ කරන ජේ.වී.පී. ගහලා පැන්නුවා නම් හරි (නදී)

:       0       0

සමන් වසන්ත Tuesday, 21 October 2014 11:57 AM

ඔව් ඔව් ඉල්ලන හැමදේම ලැබෙන්නේ දේශපාලකයන්ට විතරයි. ශිෂ්‍යයන් මොනවා හරි ඉල්ලුවොත් තමයි වැරදි. දැනට දින කිහිපයක් පුරා ඇදී ඇදී යන සිසු අරගලය ගැන ගොඩක් අය වපර ඇහෙන් තාම බලන්නේ. එයිනුත් බහුතරය විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබපු අය වෙන්න ඕනා. ඔවුන්ගේ අදහස තමයි රටේ ජනතාවගේ මුදලින් ඉගෙන ගන්න අය මෙහෙම හැසිරෙන එක වැරදියි කියන එක. ඔවුන්ට අමතක වෙච්ච දෙයක් තමයි ඔවුනුත් රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන එම කටයුත්ත හරියට කරගන්න බැරි උන නිසා විශ්වවිද්‍යාල නොගියපු බව. එහෙම බලපුහම විශ්ව විද්යාල නොගියපු හැම දෙනාම කරලා තියෙන්නේ රටේ ජනතාවගේ මුදල් නාස්ති කරලා තියෙන එක. නමුත් ඇත්ත එ්ක නෙමෙයිනේ. එ්ක හින්ද තමුන්ට නිදහස් අධ්‍යාපනයේ අවසන් වසර කිහිපය නොලැබුණු නිසා ඒක ලැබුන අයට ප්‍රශ්න එද්දී හිනා වෙන්න එපා. (නදී)

:       0       0

ලංකා තිලක් Tuesday, 21 October 2014 12:19 PM

සමන් වසන්ත මහත්තයෝ, ඔයා ඔය දේශනාව ඔය සරසවි සිසුන්ටම කියන්න. මෙතන වෙන දේ නොත්රෙන්න මේ රටේ ඉන්නේ ඔය සරසවි වල වගේ පත පොත විතරක් දැනුම අරන් ඇස් අරින බලල් පැටව් වගේ සරසවි වලට ආපු නොදරුවෝ නෙමෙයි. මේ ඉල්ලන්නේ බිල්ලක්. (නදී)

:       0       0

ගිහාන් Tuesday, 21 October 2014 12:26 PM

සමන් වසන්ත , මෙතන සරසවියට නොගිය උදවිය අතරේ තමන්ගේ දෙමව්පියනුත් ඇති. මෙහෙම උද්දච්ච විදියටද ඒ මිනිස්සුන්ටත් කතා කරන්නේ. මෙතන ඉන්නවා වෘත්තීය විභාග කල උදවිය , දැනමුතු වැඩිහිටියන්. උපාධියක් ගත්ත පලියට ජීවත් වෙන්න ප්‍රායෝගික බුද්ධියක් නැති නම් රටේ අනිත් මිනිස්සු එ්කට පලි නැහැ. උසස් පෙළ සුදුසුකම් විතරක් ඇති. මිනිස්සු රැකියා සොයාගෙන ඔහෙලාට ඉගෙන ගන්න බදු ගෙවනවා. ඒ මින්ස්සු රටට බරක් නැහැ. ඔහෙලා අනිත් මිනිස්සුන්ට නුගතුන් යනුවෙන් පාච්චල් කරමින් උද්දච්ච වුන නිසාම තමයි පුද්ගලික අංශයෙන් ඔහෙලා වගේ උද්දච්ච මිනිස්සු වැඩට ගන්න කලින් දෙපාරක් හිතන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1653 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 271 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4561 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 478 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 633 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2204 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site