IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අන්තරේ වීදි බහී

පො‍දු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව ද, අධ්‍යාපනය අලෙවි කිරීමට සැරසෙතියි ද කියමින් ද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ කොටුව දුම්රිය නැවතුම් පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.

 



අදහස් (0)

අන්තරේ වීදි බහී

මිනිපෙ Friday, 08 November 2013 11:11 PM

අධිවේගී මාර්ග හැදීම පොඩ්ඩක් අතපසු කරලා මේගොල්ලන්ට විරෝධතා දැක්වීමට වෙනම පාරක් හදලා දෙන්න. (නි)

:       0       0

වන් ෂොට් Friday, 08 November 2013 11:12 PM

අද ඔය අන්තරේ ඉන්න ටික තව අවුරුදු කිහිපයකින් තැනකට ආවහම අන්තරේට බනිනවා. නැත්නම් යටිහිතින් පසු තැවෙනවා,කරපු මෝඩකම් කියා. ඉගෙන ගන්න නොහැකි වුණ අය හැමදාම අන්තරේ බදාගෙන හෝ රතු කමිස දාගෙන රට කාවි. අපි දන්නා අතීතයේ සිටම වෙන්නේ ඔය දේමයි (නි)

:       0       0

ගජමන් Friday, 08 November 2013 05:09 PM

ශිෂ්‍ය භාවයක් නැති මෙහෙයවන්නා අල්ලලා දඬුවම් කරන්නත් මහජනයාට අවහිර කිරීමටත් විරුද්ධව ක්‍රියා කරන්නත් කොන්දක් තියෙන්න ඕනා පොලිසියට. නැට්ට අමුඩ ගහගෙන සුනඛ සේයියාවෙන් ඉඳලා වැඩක් නැහැ. පොදුරාජ්‍ය සමුළුව ලංකාවේ තියන්න එපා කියන්න ලංකාව අන්තරේට තියෙන අයිතිය මොකක්ද? (නදී)

:       0       0

නාලක Saturday, 09 November 2013 11:21 AM

මම නදී නියන දේවල් වලට සම්පූර්ණ විරුද්ධයි. ඒ අය කතා කරන්නේ රටේ ජාතික ගැටලු. (අ)

:       0       0

නාලක Saturday, 09 November 2013 11:21 AM

මම නදී නියන දේවල් වලට සම්පූර්ණ විරුද්ධයි. ඒ අය කතා කරන්නේ රටේ ජාතික ගැටලු. (අ)

:       0       0

නාලත Saturday, 09 November 2013 11:34 AM

ටියුෂන් වලට වෙනම ගෙවන්න වෙලා. පාසල් සංවර්ධන සමිති හරහාත් මුදල් අය කරයි. තව අපි ආණ්ඩුවට බදු ගෙවන්නත් වෙලා. ඒ දේවල් වලටයි අපි කෑ ගහන්නේ. අපිට ඉගෙන ගෙන යන්න පුලුවන් ඒත් ඉස්සරහට එන අයට මොකද වෙන්නේ. තියෙන එකා ඉගෙන ගනියි. නැති එකා නූගත්කමින් පීඩා ව්දියි. ටිකක් හිතපල්ලා විශ්ව විද්‍යාල වල ඉන්නේ මෝඩයෝ ද? (අ)

:       0       0

ටේෂාන් Saturday, 09 November 2013 11:43 AM

මම දන්නා විදියට උසාවි නියෝගයක් තියෙනවා නේද මේ අන්තරේ ලොක්කට ලංකවේ කිසම විශ්වවිද්‍ය්ලයට යන්න තහනම් කියා, එහෙම තියෙද්දී මේ ගොල්ලෝ කොහොමද පාරට අවේ?? ඒ කියන්නේ මේ මේගොල්ලෝ අධිකරණයට අපහස කරලා, එහෙම නැත්තම් අන්තරේ ලොක්කගේ හෙන්ච්චියෝ ටික්කක් අන්තරේ ලොක්කගේ උවමනාවට මේවා මෙහෙයවනවා. (අ)

:       0       0

සදුනි Friday, 08 November 2013 05:25 PM

150000 ක් විභාගේ සමත් නම් සරසවි ගන්නේ 23000 යි නම් ඉතුරු අය සල්ලි දීලා හරි ඉගෙන ගන්නවට මෙයාලා ඊර්ෂ්‍යාවයිද? ලොකුම අමාරුව ඒක තමන් උපාධිලත් බමුණු කුලයක් ලෙස ඉස්මතුවී සෙස්සන් මැට්ටන් ලෙස තමයි දකින්න කැමති. (නි)

:       0       0

කුමාර Friday, 08 November 2013 11:45 PM

මට මේ අදහස් දක්වා තියෙන හැමෝගෙන්ම අහන්න තියෙන්නේ මේච්චර.චෝගම් නිසා ඇයි සරසවි වහන්නේ? ඒ ළමයින්ගේ අධ්‍යාපනය ගැන ඇයි හිතන්නේ නැත්තේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 09 November 2013 12:39 PM

ඔය බන්දුල කියන නිදහස් අධ්‍යාපනේ අද කොහෙද මහත්තයෝ තියෙන්නේ..මොන්ටිසෝරියේ ඉදල දෙමව්පියන්ගේ තුට්ටු දෙකින් ටියුසන් මාස්ටර්ලා පෝසත් කරවල තමයි ඔය හැම එකාම කැම්පස් එකට රිංග ගන්නේ..නැතුව නිදහස් අධ්‍යපනෙන් ඉගෙන ගෙන නෙමෙය්.ඕකට රිංග ගත්තට පස්සේ තමය කට්ටියට නිදහස් අධ්‍යපනේ මතක් වෙන්නේ.. පොත්ගුල්ලෝ වෙලා සමාජ ඇසුරක් නැතුව කම්පස්වලට එන කොල්ලෝ කෙල්ලන්ව අන්දන්න උන්ට එලියට ගියාට පස්සේ ඇතිවන තරගය ගැන බය ඇති කරවන්න ඔය වචනේ බංකලොත් දෙසපලුවෝ පාවිච්චි කරනවා..එ ඇරෙන්න දැන් ඔය වචනේ වැදගත්කමක් නැහැ..මමනම් කියන්නේ කැම්පස් යන හැම කෙනාටම පාඨමාලාව සහ කාලය අනුව වටිනාකමක් නියම කල යුතුයි..එම වටිනාකම රැකියාවක් කිරීමේදී වාරික ලෙස රජය අයකරගත යුතුයි.විභාග අසමත් වෙලා කැම්පස්වල ගල් වෙන්න හදන කට්ටියගේ වටිනාකම් එ කියන්නේ රජයට ගෙවිය යුතු ගණන දෙගුණ කල යුතුයි..මේ ලැබෙන මුදල් විශ්ව විද්‍යාල පද්දතියේම දියුණුව සදහා යෙදවිය යුතුයි (අ)

:       0       0

රාමා Friday, 08 November 2013 05:39 PM

ගජබා, මමත් ඔබ සමගයි. දැන් මේ අයට මොනවා හරි හේතුවක් දාලා සරසවි වහලා ජීවත් වෙන්න ඕනෑ වෙලා තියෙන්නේ. අනේ මෙහෙමත් අය? (නි)

:       0       0

ගජ මෑන් Saturday, 09 November 2013 12:11 AM

පෙරටු ගාමින් හරි කුරුටුගාමින් හරි විශ්ව විද්‍යාලවල ළමයින් අල්ලාගෙන කරන වැඩේ කැතයි. (නි)

:       0       0

අමිත Saturday, 09 November 2013 12:19 AM

නිදහස් අධ්‍යාපනය ඉතා වටිනවා. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාවට. මමත් එහි ප්‍රතිලාභ ලැබුවෙක්. නමුත් එය විධිමත් විය යුතුයි නේද? ඒ කියන්නෙ, ලංකාවෙ සරසවි අධ්‍යාපනය ලබන්නෙ ඉතාමත් ස්වල්ප පිරිසක්. ඒ නිසාම උසස්පෙළ හරිම තරඟකාරියි. බටහිර රටවල බහුතරයකට සරසවි වරම් ලැබුණත් යම්තාක් දුරකට ගෙවිමක් කරන්නත් වෙනවා. අපේ බහුතර දරු පිරිසකට සරසවි වරම ලබාගැනීමට සැළැස්විය හැක්කේ කෙසේ ද යන්න විවාදාත්මකයි. මෙහි ක්‍රම කීපයක් දැක්විය හැකියි. 1. සරසවි වලට ඇතුළත් කරන ප්‍රමාණය වැඩිකිරිම. එහිදි, රජයකට දැරීමට වන වියදම ඉතා අධිකයි. මේ සඳහා යම්මුදලක් සිසුන්ගෙන් අයකිරීම එක විසඳුමක්. මෙයට බහුතරයක් විරුද්ධයි. නැත්නම් සරසවි අධ්‍යාපනය ලැබූ අයගෙන් යම් දායකත්වයක් ගත හැකියි. 2. පුද්ගලික සරසවි ඇතිකිරීම. මෙහිදි ඇති ප්‍රධානම ගැටළුව වන්නේ, රාජ්‍ය සහ පුද්ගලික සරසවි අතර වන ප්‍රමිතිය. එහිදි මුදලට යටවේය යන බිය වැදගත්. කෙසේවෙතත්, පුද්ගලික සරසවි ඇතිවිමෙන් යම් වාසියක් ද නැත්තේ නොවේ. පිරටට යන ලංකා මුදල අවම කරගැනීම. විදේශ අධ්‍යාපනය කර ගැනීමට නොහැකි අයටද යම් සහන ක්‍රමයකට ප්‍රතිඵල ලැබීම. (නි)

:       0       0

චින්තක පෙරේරා Friday, 08 November 2013 06:19 PM

උසස් පෙළ ලියන ලක්ෂ ගානකින් සමත් වන්නේ 150,000 ක් පමණ පිරිසක්. ඒ අයගෙන් විශ්ව විද්‍යාල වලට වරම් ලබන්නේ 23,000 කට අඩු ගණනක්. එයින් අන්තරේට රැවටෙන්නේ 1% විතරයි. මේ ටික දෙනා එකතුවෙලා උසස්පෙළ කළ ඉතිරි අයට සියදිවි නසා ගන්න, මුහුදට පනින්න කියලාද මේ උද්ඝෝෂණය කරන්නේ?මොවුන්ට විශ්ව විද්‍යාල නේවාසිකාගාර වැහුවම යන්න තැනක් නැහැ. ගෙවල් වලට ගියහම බලය බින්දුවයි. 10ක් එකතු කරගෙන උද්ඝෝෂණයක් කරන්න බැහැ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 08 November 2013 06:24 PM

චෝගම් එකට සමගාමීව උද්ගෝෂණ වැඩ වර්ජන රැල්ලක් රතු මල්ලිලා ගේන බව දේසපාලනේ අයන්න දන්නා කට්ටිය දන්නවා.. රතු මල්ලිලට පහසුවෙන් දක්කන්න පුළුවන් මී හරක් ටික තාමයි මේ පාරට දැක්කල ඉන්නේ....චෝගම් එන කට්ටියට පේන්න වෙන්දේසියේ දාන්න දෙක තුනක් බාව ගන්න උපරිම දහිරිය දමාවි ඉදිරි දින කීපය තුල..දෙමව්පියන් තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් වුනොත් හොදයි මුන්ගේ දේසපාලනය වෙනුවෙන් බිලිබෝයිස්ල වෙන්න දෙන්නේ නැතුව....(අ)

:       0       0

රන්ජිත් Friday, 08 November 2013 06:46 PM

මෙයාලා කැමති මොනවාටද? මට හිතෙන්නේ රටේ කෙරෙන කිසිමදෙයකට අකමැති කට්ටියක් (නි)

:       0       0

අමාලි සිල්වා Friday, 08 November 2013 07:04 PM

බංකොලොත් දේශපාලුවන් මොවුන් පිටුපස සිට උසි ගන්වා , කරන වැඩක් මේක . ඔවුන්ට ඕනේ මේවගේ වෙලාවක රට අස්ථාවර කිරීම මහජනයයාට කරදරයක් කිරීමට .රටේම ඉන්න පින්ගුත්තරයන් ටික මෙතන ඉන්නේ . රටේ මොන දෙය කලත් මේ යට හොඳක් නැහැ දකින්නට . අනික් කරුණ රටට ඉදිරියට ආගම දර්මය අනුශාසනා කරන්න ඉන්නා පිරිසකුත් මේකට ඇවිත් . රටේ අනාගතය කොයිබටද කියා සේකයක් සිතෙනවා (අ)

:       0       0

විමල් මුදලිගේ Saturday, 09 November 2013 05:41 AM

මේ රජය අර්ධ මිලිටරි රජයකි , ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකදුන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයය. සමුළුව මුවාවෙන් අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීමට විරුද්ද වීම අද දවසේ අපගේ සටන වියයුතුය. ශිෂ්‍ය සටනට ජයවේවා !! නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා !! (අ)

:       0       0

විජේවර්ධන Friday, 08 November 2013 07:09 PM

මම වගකීමෙන් කියන්නේ, අන්තරේ කියන්නේ ජේ.වී.පි නොවේ.ඒක දැන් පෙරටුගාමින්ගේ. විශ්ව විද්‍යාලයේ ඉන්න අය මේක දන්නවා.නොදන්නා අය හොයලා බලන්න (නි)

:       0       0

වර්ණ Friday, 08 November 2013 07:19 PM

මොනවද මේ තේරුමක් නැති වැඩ?පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ තිබුනම මොකද?එහෙම දෙයක්වත් ලංකාවේ පවත්වන එක අපට නම් සතුටක්.අපේ රටේ විස්තර ලොව පුරාම මිනිස්සු දකිනවා. (අ)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:56 AM

කුරුඳු කෝටු මතක් වෙනවා මට (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 08:05 AM

අර කහ සිවුරු දාගත් අය හැසිරෙන විදිය හරිද? (නි)

:       0       0

බන්දුල Saturday, 09 November 2013 08:25 AM

නිදහස් අධ්‍යාපනයට අද වෙන්න යන දේ ගැන හරියට නොදන්නා බහුතරයක් ලංකාවේ ඉන්න එක ගැන හුගක් කණගාටුයි. අතීතයේත් අධ්‍යාපන පෞද්ගලීකරණය කරන්න ගිහින් ඒක අරගල වලින්ම නවත්තපු නිසා තමයි අද වෙනකොට නිදහස් අධ්‍යාපනේ ඉතිරි වෙලා තියෙන්නේ. ඔය උඩින් ප්‍රතිචාර දාල තියන හැමෝම නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙන ගත්ත අය, නමුත් ඒ අයට ඒක ආරක්ෂා කරන්න ඕනි කියන දේ තේරෙන්න තරම් බුද්ධියක් නැහැ. අන්තරේ දේශපාලනේ කරනවා කියල කියන්නේ ජේ.වී.පී කියන්නේ මේ අදහස් මිනිස්සුන්ගේ ඔලුවලට යන එක නවත්තන්න. (නදී)

:       0       0

බන්දුල Saturday, 09 November 2013 08:38 AM

ඉදිරිය නොදකින හුගක් මිනිස්සු හිතන්නේ පාරවල් හදන එකයි, ගොඩනැගිලි හදන එකයි තමයි සංවර්ධනේ කියන්නේ කියලා. නමුත් අධ්‍යාපනය දියුණු කිරීම තමයි පළමු දෙය විය යුත්තේ. හදවතින්ම පරාර්ථකාමී මිනිස්සු තමයි තව කෙනෙකුට ලැබිය යුතු දේ වෙනුවෙන් තමන්ගේ කරගෙන සටන් කරන්නේ. එහෙම පිරිසක් තමයි මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ. ඔබටත් බුද්ධියක් ඇත්නම් පමණක් විමසා බලන්න හරි දේ කුමක්ද කියා. (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 08:49 AM

ඉදිරිය මිනිස්සු දකින හින්දයි පුද්ගලික විශ්ව විද්‍යාල අැති කරන්න හදන්නේ. පුළුවන් එකාට සල්ලි දීලා ඉගෙනගන්නත්, බැරි එකාට පිනට ඉගෙන ගන්නත් පාර හදනවා. අන්තිමට දෙගොල්ලම ඉගෙනගන්නවා. කවුරුවත් ගෙදරට කොටුවෙන්නේ නැත. හැබැයි ඉගෙනුමේ තරම අනුව රැකියාවල් ලැබෙයි. රැකියාවල් දීමට රජය බාදී නැත. අනික පිනට ඉගෙන ගන්න අය මොකටද සල්ලි දීලා ඉගෙනගන්න හදන අය ගැන කරදර වෙන්නේ. ඉරිසියාව ඉරිසියාව. (නි)

:       0       0

ඉෂාර Saturday, 09 November 2013 08:55 AM

කලකට පස්සේ පාරට බැස්සේ (නි)

:       0       0

චමත් [ලංකාව] Sunday, 10 November 2013 02:31 AM

බන්දුල පෙරේරා, ඔබ හරි. මම නම් දකින්නේ නැහැ ලංකාවේ දැන් නිදහස් අධ්‍යාපනය කියලා එකක් තියෙනවා කියලා. හැමදේකටම මුදල් වලින් කතා කරන්නේ. පිට රටවල් වල නිදහස් අධ්‍යාපනය කියලා එකක් නැහැ.නමුත් සමහර රටවල් වල උසස් පෙළ සමත් වූ සිසුන්ට තමන් ගත් ලකුණු ප්‍රමාණය මත තමන්ට තෝරා ගැනීමට හැකි පාඨමාලා විශ්ව විද්‍යාල ඇතිකර තිබෙනවා. පාඨමාලා ගණන සියයක් පමණ වෙනවා.කෙටියෙන්ම කියතොත් උසස් පෙළ සමත්වූ සියලු දෙනාටම විශ්ව විද්‍යාලයට යා හැකියි. ඒවාගේම විශ්ව විද්‍යාල ගාස්තු ගෙවීමට සිදු වන්නේත් තමන් රැකියාවක් කරනා විටදීයි. එයද කොටස් වශයෙන් ගෙවිය හැකිය. නමුත් මෙම සහනය විදේශීය සිසුන්ට හිමි වන්නේ නැත. මේ රටවල විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වන්නේ ස්වාධීන ආයතන ලෙසයි. රජය ඒවායේ කටයුතු වලට මැදිහත් වීමට යන්නේ නැත.සමහරු අහයි විශ්ව විද්‍යාලයෙන් පිට වුවාට පසුව එම ගාස්තුව නොගෙවා මග හරින්න බැරිද කියා. කිසිවෙක් එසේ කරන්නේ නැත. කිරීමටද බැරිය. හේතුව,පොලීසිය,ආදායම් බදු දෙපාර්තමේන්තුව, ගුවන් තොටුපල, මෝටර් රථ දෙපාර්තමේන්තුව ආදී මෙකි නොකී රජයේ ආයතනයන්හි පරිගණක එකට සම්බන්ධ කර ඇති නිසාය. එවැනි කට්ටි පනින්නකු සිටි නම්, බලධාරීන්ට අවශ්‍ය නම් ඔහු ඉන්නා තැන විනාඩි ගණනකදී සොයා ගත හැක. කෙසේ හෝ, පිට රටවල් වල ඇති විශ්ව විද්‍යාල වල උද්ගෝෂණ, පන්ති වර්ජන, පෙළපාලි යනාදී දේවල් ගැන නම් අසන්නට ලැබෙන්නේ නැත. ඉගෙනීම හැරෙන්නට ඔවුන්ට ඔවැනි දේවල් කිරීමට වෙලාවක් නැත. (නි)

:       0       0

බමුණු Saturday, 09 November 2013 08:58 AM

කුරුඳු කෝටු වලින් මේගොල්ලන්ට සලකන්න අවස්ථාවක් මට ලැබුනොත් මම ඉස්සෙල්ලම සලකන්නේ අර අර ගොල්ලන්ට්යි පණපිටින් අපායට ගියාට කමක් නැත. (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 09 November 2013 04:47 PM

අන්තරේ මුල තියෙන්නේ ඉන්දියාවේ.මෙහෙයවන්නේ ජේවීපී එක එයාලට මුදල්දෙන්නේ ඉන්දියාව.සමුළුවට ලෙඩක් අදින්න ඉන්දියාවට උවමනාව. (අ)

:       0       0

ආරියසේන Friday, 08 November 2013 08:47 PM

සරසවි වරම් ලැබීමට තරම් වාසනා ලැබුවත් තමන්ටත් මුළු රටටත් බරක් වෙනවා මිස මේ අයට කළ හැකි යමක් නැත. බුද්ධ පුත්‍රයන්ට ඉහළ අධ්‍යාපනය සඳහා වෙනම විශ්ව විද්‍යාලයක් තිබිය යුතුය. ගිහි සිසු සිසුවියන් සමග අධ්‍යාපනය ලැබීමෙන් පසු කලකදී රැකියාවල් ලැබුන පසු සිවුර හැර යති. සිවුර සරම වගේ කැහැපට ගහගෙන ඉන්නේ (නි)

:       0       0

නිමල් Friday, 08 November 2013 03:53 PM

අන්තරේ වැඩ නිසා විශ්ව විද්‍යාල මාස ගණන් වහන්න වෙලා තියෙනවා. පො‍දු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ටික දවසක් වැහුවට මොකද වෙන්නේ? අන්තරේට ඕනේ මොනවා හරි කියල පාරට බහින්න. විශ්ව විද්‍යාල වහන්නේ නැතුව රාජ්‍ය නායක සමුළුව පැවැත්උවොත් වහන්න කියල පාරට බහී. (නදී)

:       0       0

චමත් [ලංකාව] Friday, 08 November 2013 03:53 PM

ඒ ගොල්ලන්ටත් වීදි බහින්න අලුත්ම හේතුවකුත් හම්බ වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

රුක්මල් Sunday, 10 November 2013 03:53 AM

මේ අන්තරේ අයට පිස්සුද? (නි)

:       0       0

ජානක Friday, 08 November 2013 03:56 PM

ඇතුවත් බැරි නැතුවත් බැරි අන්තරේ උද්ඝෝෂණ. (ස)

:       0       0

ෂෙලන්සියස් Friday, 08 November 2013 04:00 PM

මම නිතරම දැකල තියෙනවා මේ අය මේ වගේ දේවල් කරන්නෙම සිකුරාදා. කොළඹින් සති අන්තෙට ගමේ යන අයට උපරිම හිරි හැර වෙන විදිහට.(නදී)

:       0       0

ඕකත Friday, 08 November 2013 04:03 PM

අන්තරෙත් නාගෙන සිටියොත් ඔක්කොම හරි.(නදී)

:       0       0

දොන් සරත් Saturday, 09 November 2013 10:09 AM

අන්තරේ වර්ජන කරලා මාස ගනම් විශ්ව විද්‍යාල වහනවා. ඒත් දින තුන හතරක අන්තර් ජාතික සම්මේලනයක් වෙනුවෙන් නිවාඩු දෙන එක ප්‍රශ්නයක්. හරියට අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් අන්නිනවා වගේ. මේකේ නායකයින්ට එන් ජී ඔඕ කාරයෝ සල්ලි දෙනවා මේවා කඩාකප්පල් කරන්න. ගොන් හරක් ටිකක් ලනු කාල මුන් පස්සේ ගිහින් අනාගන්නවා. මේ අයට තේරෙන්නේ නෑ ඉස්සරහට මේ අයට පුද්ගලික අංශයේ රස්සාවක් වත් ගන්න බැරි වෙන බව. මේ අයව බිල්ලට දීලා ජේ වී පී නායකයෝ 25 දෙනෙක් එන් ජී ඔ සල්ලිවලින් සැප විඳිනවා.(නදී)

:       0       0

නුවන් Friday, 08 November 2013 04:18 PM

අන්තරේ කියන්නෙත් දැන් දේශපාලන පක්ෂයක්.රටට ද්‍රෝහී , රට ඉදිරියට යන එක වලක්වන්න තමයි මේ සේරම කරන්නේ. (ස)

:       0       0

මදු Saturday, 09 November 2013 10:37 AM

හැම දෙයකටම බෝඩ් උස්සගෙන පාරට බැහැල කාලකන්නි වගේ තප්පුලන්නේ නැතුව ගිහිල්ල ඉංග්‍රීසි ටිකක් ඉගෙනගනිල්ලා. එලියට ආවහම ඉංග්‍රීසි වචන දෙකක් කතා කරගන්න බැහැ. ඊළගට ඒකටත් ආණ්ඩුව පළි. 1989 කාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ටික මරල දාල ආයෙත් විප්ලවයකටද යන්නේ.මේ සැරේ අපි තොපිට ගහල පන්නන්නේ වේ... බල්ලෝ.(නදී)

:       0       0

සමන් Friday, 08 November 2013 04:35 PM

අන්තරේ කියන්නේ ජේ.වී.පී එකම තමයි. ජේ.වි.පෙ ට සෙනග නැති නිසා විශ්ව විදයාල ළමුන්ව පාරට දානවා.(නදී)

:       0       0

ගජබා Friday, 08 November 2013 04:44 PM

මෙතන උද්ඝෝෂණයට පොලිසියෙන් ගැහුවා නම් කන්නේ අහක ඉන්න පොඩි පොඩි එවුන්. අන්තරේ උන් ටික පටස් ගාල මාරු වෙනවා. අපි මොරටුව කැම්පස් ඉන්න කාලේ මුන්ට ඔලුව උස්සන්න දුන්නෙම නැහැ. ඒක නිසා වෙලාවට එලියට යාගන්න පුළුවන් උනා... (ස)

:       0       0

ඉන්දික Friday, 08 November 2013 04:47 PM

අන්තරේ කියන්නේ ජේවිපි එකටමයි. ඒගොල්ලන්ට ඕනේ රටේ මොනවා හරි කලබලයක්. හරියට මාළුවට වතුර වගේ ජේවිපී එකට රටේ කලබල !!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 491 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2269 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1129 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1072 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 3565 1

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 480 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site