IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අන්තරේ විරෝධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්ත පනත යටතේ රඳවන්නෑ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොළඹදී ඊයේ පැවැත්වුණ ශිෂ්‍ය උද්ඝෝෂණයේදී   අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවීමට බලාපොරොත්තු නොවන බව  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය.

ඔවුන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කිසිවකුට අවහිර නොවන ආකාරයේ වාතාවරණයක් රටේ  පවත්වාගෙන යෑම වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටින බවද  අග්‍රාමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර  ඉදිරියට ගෙන යෑමට  ආණ්ඩුව කටයුතු කරන බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මහතා ආර්ථික මූල්‍ය ප්‍රශ්න  සර්ව පාක්ෂික එකඟතාවයකින්  විසඳා  රට ගොඩනැඟීමට උදව් වන ලෙස  සියලු පාර්ශවයන් ඉල්ලීමක් කරන බවද  සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.

" ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂ නායකතුමා  ඊයේ ඇතිවුණු සිදුවීම ගැන ප්‍රශ්න කළා. මම ඉතිහාසයට හැරෙන්නේ නැහැ. මම ඉතිහාසය යළිත් සිහි ගන්වන්නෙත් නෑ. නමුත් අපි වර්තමානයේ රට මුහුණ දෙන මේ දැවැන්ත අර්බුදය කෙරෙහි කවුරු කවුරුත්  අවධානය යොමුකළ යුතුයි.

විරුද්ධ පක්ෂයේ නායකතුමා  තමන්ගේ ආසනයේ  හිඳගෙන ඉන්නවා නම්  වඩා හොඳයි. එතුමා ඇහුවේ  හදිසි ප්‍රශ්නයක් නම් එතුමා තමන්ගේ ආසනයේ ඉන්න ඕන . මොකද මගෙන් හදිසි පිළිතුරක් බලාපොරොත්තු වුණ නිසා.

ශිෂ්‍ය ව්‍යාපාරය කලින්  ඒ රැස්වෙන තැන පිළිබඳ දැනුම් දීලා තිබුණා. එතනින් එහාට සිදුවීම් පිළිබඳ හෝ ගමන් කරන ආකාරයන් පිළිබඳ දැනුම් දී  තිබුණේ නෑ. ගිය ආණ්ඩු කාලේ, ඔබතුමාලගේ ආණ්ඩු කාලෙත් කලින් දැන්වීම  කළ යුතුයි කියන එක සාමාන්‍ය එකඟතාවයක් මත ක්‍රියාත්මක වුණු ප්‍රතිපත්තියක්.

එතනින් එහාට මූලික අයිතිවාසිකම් කියන්නේ එක පුද්ගලයෙක්ගේ මූලික අයිතිවාසිකම් පමණක් නෙවෙයි .අනිත් ජීවත් වන සියලු දෙනාගෙත් අයිතිවාසිකම්. ඒ නිසා කාටවත් අවහිරයක් නොවන ආකාරයේ, කටයුතු කරන්න පුළුවන් වාතාවරණය වෙනුවෙන් අපි කැපවී සිටිනවා.

ඒ නිසා යම්කිසි කෙනකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා නම්, ඒ අරගෙන ති‍බෙන කිසිවකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් කරන්න බලාපොරොත්තුවක් නැති බව මේ වෙන‍කොට අපට දන්වලා තිබෙනවා. සාමාන්‍ය නීතිය යටතේ ඕනෑම කෙනෙකුට  යම් යම් තනි ක්‍රියාමාර්ග තුළ ඇති කරන්නා වූ මහජන උද්‍ඝෝෂණ හා මහජන අවහිරතාවයන් කියන දෙකම සැලකිල්ලට ගැනීම පොලිසියේ වගකීමක්. මොකද, අපි සියලු දෙනාම නීතිය හා සාමය ආරක්ෂා කිරීම එම ආයතන මඟින් බලාපොරොත්තු වෙන නිසා. ඉතින් මම හිතනවා, කලබල වෙන්න දෙයක් නැහැ ප්‍රශ්නය අහපු එක හොඳයි.

අපේ පරණ මිත්‍රයන් කීප දෙනෙකු  එහා පැත්තේ එහාට මෙහාට ඇවිදිනවා. මේ පැත්තෙත් එහාට මෙහාට ඇවිද ඇවිද හිටියේ. ඒක  අලුත් දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය යටතේ මම අවුරුදු තිහකට එහා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම දැකලා තියෙනවා මෙහෙන් එහාට යනවා.එහෙන් මෙහාට එනවා. නමුත් ප්‍රජාතන්තුවාදී පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යෑමේ ඕනෑකම වෙනුවෙන් අපේ රජය එක ප්‍රතිපත්තියක් ප්‍රකාශ කරලා, වැඩ කරගෙන යනවා.

ඒ නිසා විරුද්ධ පක්ෂයෙන් මම ඉල්ලීමක් කරනවා.පෙරේදාත් මම සාකච්ඡාවක් කළා. කතානායකතුමනි, මේ සර්ව පාක්ෂික එකඟතාවයෙන් කටයුතු කරන්න පුළුවන් ක්‍රියාදාමයක් ගැන. එයට ප්‍රමුඛත්වය දී මේ අපි මුහුණ දෙන භයානක අර්බුදකාරී ආර්ථික මූල්‍ය ප්‍රශ්නය හමුවේ එකඟතාවයෙන් කටයුතු කරන්න සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

අපි පසුගිය මාස කීපයේදීත් මේ තත්ත්වය ගැන සාකච්ඡා කළා, පසුගිය මාස කීපයේ මෙම තත්ත්වය ඇතිවීමෙන් ඇති වුණු කණගාටුදායක තත්ත්වය ආර්ථිකයටත් ඒ වාගේම, ආයතනවලටත්, එදිනෙදා මහජනතාවටත් මුහුණ දෙන්නට සිදු වුණු හානිදායක තත්ත්වය ගැන.

ඒ නිසා අපි රටේ තිබෙන නීතිය යටතේ කටයුතු කරනවා විනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න, බලාපොරොත්තු වෙන්නේ නෑ. "



අදහස් (12)

අන්තරේ විරෝධයෙන් අත්අඩංගුවට ගත් පිරිස ත්‍රස්ත පනත යටතේ රඳවන්නෑ

Bamunuarachchi Wednesday, 31 August 2022 04:00 PM

මොන පනත යටතේ වුණත් කමක් නැහැ.. සාමාන්‍ය ජනතාවට හිරිහැර ලෙස රටේ හැසිරෙන අය අත්අඩංගුවට නොවෙයි පාරේ වෙඩි තියා දැම්මත් අපිට කමක් නැහැ...

:       26       15

fairoosWednesday, 31 August 2022 06:12 PM

මෙන්න මෙයාව තමයි බේරෙ වැවේ නාවන්න තිබුණේ... රටට මෙච්චර වෙලත් කියන කතා.

:       10       12

BamunuarachchiThursday, 01 September 2022 08:15 AM

අපි ඔහෙලව නාවන්නේ මොනවා වලින්ද කියලා දන්නවාද?

:       0       0

සෙනෙවිරත්න Thursday, 01 September 2022 05:24 AM

රටේ ජනතාවට නිදහසේ ඉන්න බැරි කළේ මේ අයද? තෙල්, ගෑස්, හිඟාකාලා, දැන් තමන්ගේ කර්මාන්තයක් කරන්න අමුද්‍රව්‍යයන් ගෙන්වීම තහනම් කරලා, එතකොට නිදහසේ රටේ ඉන්න හැකිද? පාරවල් අවහිර නොවී තිබුණාම සේරම හරි...⁣ රට මේ තත්වයට පත්කර ඔවුන්ම මේ කතා කියන එකයි හිරිකිත...

:       0       0

randilThursday, 01 September 2022 08:35 AM

වෙඩි තියන්න ඔනෙ උබල වගෙ නිවටයන්ට

:       0       0

ganegoda Wednesday, 31 August 2022 04:44 PM

එහෙම වුණොත්... ඊළගට ගිනි තියන්නේ පවුල් පිටින්ම...!!! 

:       0       0

Rasika Wednesday, 31 August 2022 05:00 PM

ලංකාවේ එකම ධන අයවැයක් ගෙනාපු ලංකාවේ වමේ එකමුතුව විනාශ කරලා රට මේ තැනට පත්කරපු මේ ගොල්ලන් ගැන කවර කතාද? යහපලනේ ජේ වී පී උපදේශකලා වුණු ජයතිලක සිල්වා වගේ රට, සිංහල ජාතිය ඩයස්පෝරාවට පාවාදුන්නා.

:       6       9

Lionel T Wednesday, 31 August 2022 06:58 PM

එහෙනම් මොන නීතිය යටතේද වසන්ත මුදලිගේව රඳවාගෙන ඉන්නේ?

:       7       11

Prase Thursday, 01 September 2022 07:36 AM

ඒක මොකක්ද? මුදලිගේ කියන්නේ විභාගේ 9 ම ෆේල් කෙනාද? මෙයාව අංගොඩ යවන්න තිබුණ අය අත්අඩංගුවට ගන්න එක වැරැදියි.

:       0       0

SUNIL MILANO Wednesday, 31 August 2022 07:51 PM

මේ රසික තමුන්ටවත් තේරුම්ගන්න පුළුවන්ද? මොනවද ලියලා තියෙන්නේ කියලා. කරුණාකර පැහැදිලි කරනවද?

:       0       0

Perera Thursday, 01 September 2022 04:22 AM

කියන්නෙ එකක් කරන්නෙ වෙන එකක්.

:       0       0

fotzi Thursday, 01 September 2022 10:52 AM

ඔය මොනව කෙරුවත් අන්තිමට රටෙ ජනතාව තමයි ජය ගන්නෙ. අපෙ රට 21ක් වෙනි ශත්වර්ශ්යට පමින ඇති බව කරුනාවෙන් සලකන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 790 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 624 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 756 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5745 30

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2106 6

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 808 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 325 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 610 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site