
(කේ.ආර්. රාජමන්ත්රී)
ඌවපරණගම ගම්පහා කෝරළයේ පිහිටි කිර්තිමත් නමක් අත්කරගන සිටින වැවේගම මහා විදුහල් භූමිය 2014 වසරේදි නාය යැමේ අවදානමක් පවතින බවට ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය අදාල අංශ දැනුවත් කළත් මෙතෙක් පාසල එම පාසල ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට බලධාරීන් කටයුතු කර නැතැයි මවුපියෝ චෝදනා නගති.
වැසි සමයේ නාය යැම සක්‍රිය වුවොත් තම පාසල් ගුරුවරුන් මෙන්ම එම පාසලේ අකුරු කරන 500ක් පමණ වන තම දරුවන්ට අනතුරක් වීමට ඉඩ ඇතැයි දෙමාපියෝ මැසිවිළි නගති.
මිට වසර 75 ට පමණ පෙරදි වැවේගම දිඹුලන ඇතුළු අවට ගම්මාන වල ජිවත් වන දරුවන්ට අධ්‍යාපනය ලබාදිමේ අරමුණ ඇතිව වැවේගම විහාරගොඩ රජමහා විහාරාධිපති වෑතලාවේ ධම්මා නන්ද නායක හිමියෝ විහාරස්ථානයේ භූමියේ පාසෙලක් ආරම්භ කළහ.
1952-1954 අතරදි ගම්මානයේ පරිත්‍යාග ශිලියකු ලබාදුන් ඉඩම් කොටසක වත්මනයේ පාසල පිහිටි ස්ථානයේ කුඩා ගොඩනැගිල්ලක විහාරස්ථානයේ පවත්වාගෙන ගිය පාසල එම ස්ථානයට රැගෙනවිත් අත.
එසේ ඉතා දුෂ්කරතා මැද ආරම්භ කළ වැවේගම මහා විද්‍යාලය ලෙසට දියුණුව් තිබේ.
අද වන විට කලා වාණිජ ඇතුළු විවිධ විෂයන් යටතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ දක්වා සිසුහු 500 ආසන්න පිරිසක් ඉගෙනුම ලබති.
මෙම පාසලේ සිසු දරුවන් ජාතික මට්ටමේ විවිධ තරගයන් තුලින් ජයග්‍රහනද අත්කරගෙන තිබේ.
මෙසේ අති දුෂ්කර ගම්පහා කෝරළයේ දරුවන්ගේ අනාගතය දිප්තිමත් කරණ වැවේගම මහා විදුහල් භුමිය 2014 වසරේදි නාය යැමේ දැඩි අවදානමක් පවතින බවත් එනිසා කඩිනමින් වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙසත් බදුල්ල ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්තානය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට වාරිතාවක් මගින් දැණුම් දි ඇත.
වසර 12 ක කාලයක් ගතවි ඇතත් පාසල ඉදිකිරිම සදහා අදියාරවත්ත නම් පදේශයේ ඉඩමක් හදුනාගෙන ඇතත් ඉන් එහාට කිසිදු ඉදිකිරමක් සිදුකර නැතැයි මාපියෝ චෝදනා කරති.
අධික වැසිසමයේ නාය යැම සක්‍රිය වී මට ඉහළ හැකියාවක් පවතින බැවින් අදාල තෝරාගත් භුමියේ පාසල් ගොඩනැගිලි ඉදිකරිම කවදා සිදු කරාවිද යැයි නොදන්නා නිසා ඉතාමත් කඩිනමින් පාසලේ සිසු දරුවන් හා ගුරුවරුන් දිඹුලන විදුහල හා මස්පන්න මහා විදුහල් කරා හෝ විහාරගොඩ විහාරස්ථානයේ පවත්වන මහා පිරිවෙන වෙත යොමුකරණ ලෙසටත් මාපියෝ වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටිති.
ආර්ථික අතින් විවිධ පිඩා මැද ඉගෙනුම ලබන දරුවෝ වැවේගම පාසලේ ගුරුවරුන්ගේ කැපවිම නිසාම 05 වසර ශිෂ්‍යත්ව මෙන්ම පාසල් අතර පවත්වන ජාතික මට්ටමේ තරගවලින් විශාල ජයග්‍රහණත් අත්කරගෙන සිටින අතර මේ නිසාම මධ්‍යම පළාතට අයත් වලපනේ මඩුල්ලවැනි ප්‍රදේශවල දරුවන්ද මෙම පාසලට පැමිණෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd