අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සාමාජිකයකු මෙන්ම කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සුරංජිත් බණ්ඩාර සිසුවා පහරදීමකින් රාගම රෝහලට ඇතුළත් කර ඇති බවත්, තම සංගමයේ සාමාජිකයනට දිගින් දිගටම එවැනි තර්ජනය එල්ල වූ බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි.
මීට මාස කිහිපයකට පෙර ගම්පහ ඉඹුල්ගොඩ දී සැක සහිත අනතුරකින් තම සාමාජිකයන් දෙදෙනකු මිය ගිය බව ද, ඉන් ජානක බණ්ඩාර ඒකනායක සිසුවා ද කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති වරයකු බව ද හෙතෙම සඳහන් කරයි.
කැලණිය සරසවියේ හතර වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු පහරදීමකට ලක්ව රාගම රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුවී ඇතැයි ද හෙතෙම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට සක්වලින් ආපු කෙනෙක් මේක කළා වෙන්නත් පුළුවන්. මොකද අද වෙන දේවල් දිහා බැලුවහම ඒකත් පුදුමයක් නෙමෙයි. (නි)
දේශපාලනික ප්‍රශ්නයක්ද ? (ස)
පහර දෙන්න කාටවත් අයිතියක් නැත (දී)
නෑ මහත්තයෝ ඕක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් (ස)
ලොකු දෙයක්, ගහගෙන මදි...(ස)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ. (නි)
කිසිම වාහනයකින් යන්න එපා කියලා එයාව දැනුවක් කරලා තියෙන්න. කොටින්ම පයින්වත් යන්න එපා කියන්න. (නි)
සුදු වෑන් ඒවිද දන්නේ නෑ (ස)
ඉතින් පෞද්ගලික ආරවුල ගැනත් හෙළිකරන්නකෝ. (නි)