ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවීමේ අනතුරක් නැවත මතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ දී අද(24)පැවැසීය.
ආණ්ඩුව එය සිය පාලනයට ආශිර්වාදයක් සේ සලකන බවට චෝදනා කළ හෙතෙම විවිධාකාරයේ ප‍්‍රකෝපකිරීම් මඟින් නොමග නොයා දූරදරශීව කටයුතු කරන්නැයි සියලු ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද අවධාරණය කර කීය.
කවුරුන් කෙසේ උත්සාහ කළ ද ජාතික අසමගියක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ලෙසකින් ඉඩදෙන්නේ නැතැයි ද ජවිපෙ නායකයා කීය.
අමරසිංහ මහතා මෙම අදහස පළ කළේ ‘‘ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු’’ මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ කොටුවේ අත්පත‍්‍රිකා බෙදමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙතන කුමාර කියලා කෙනෙක් අහනවා කවුද 83 දෙමළ මිනිස්සු ගිනි තිබ්බෙ කියලා. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද කියලා හිතෙනවා මේ පාරත්. (නි)
සම්පත්, තමන්ගෙ ජාතිය, ආගම ගැන කතාකළාට කමක් නැහැ. හැබැයි අනික් කෙනාගෙ ජාතියට ආගමට ගහන්නෙ නැතුව. (නි)
ලන්කාව අපේ රට කියල හිතන්න ඕනෙ සිංහලුන් විතරද? ඇයි දෙමළ අය හැම ප්‍රශ්නෙටම ඉන්දියාවට දුවන්නෙ? ඇයි මුස්ලිම් අය බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්නෙ? මේ අය නේද වැඩිපුර උනන්දු විය යුතු සිංහල අය සමග සමගියෙන් සහජීවනයෙන් ඉන්න. මට පෙනෙන හැටියට නම් මේ අය ලංකාවෙ සුලු ජාතින් බව ලෝකෙට අගවමින් සිංහලයින්ට වඩා වරප්‍රසාද භුක්ති විදිනවා. (නි)
හොරාට පෙර කෙහෙල්කන වැට පැණීම. (ත)
රිනාස්, ඒ නිසාද ඔයාලා ලංකාවත් පාකිස්තානයත් අතර ක්‍රිකට් තරග තියන විට පාකිස්තානයට දිනුම පතමින් කෑගහන්නේ? රතිඤ්ඤා පත්තුකරමින් ඔවුන්ට සහය දක්වන්නේ? මේ රටට ආදරේ නම් රට වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. (නි)
ජාතිවාදී වුණේ කවුද කියලා කූරගලට ආව නම් බලන්න පුලුවන්, බොද්ධ පුරාවස්තු උඩ ඉස්ලාම් පල්ලි හැදිලා තියෙන හැටි දැක්කම. අනේ අප්පොච්චියේ රටකට ගිය කලක්. ජේවීපී අයට ඒවා පේන්නේ නැහැනේ. (නි)
එයාලා ආගම ගැන කතාකරන එක විහිලුවක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
ආගමික සමගියයි වැදගත්ම දේ සමාජයක (දී)
දම්සර, කවුරුවත් සුද්ධවන්ත නැහැ. පණස් ගණන් වල ලංකාවෙ යුද්ධයක් තිබුණෙ නැහැ. එදා ජාතිවාදි කලබල ඇතිකරලා ළමයි තාර බැරල් වලට දැම්මා කියලා මම අහලා තියෙනවා. ඕවා තමා ආරම්භය. අසුතුනෙන් පස්සෙ ඒ දේවල් කරන්න බැරිවුණේ ජාත්‍යන්තර බලපෑම් නිසා. රජය මේවාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ නිසා. (නි)
ඔව් දැං පාඩමක් උගන්වන්න ගිහං යුද්ධයක් ඇතිකරන්නද හදන්නෙ..?(නු)
මොනවාද මේ කියන්නේ..!(නු)
රට ගැන සිතන්න, නියම සිංහලයෙක් නම්.... (නි)
හැමදේම කළේ කවුද කියලා ජනතාව දන්නවා. (නි)
මොන දේ කොහොම උනත් මේ සමගනම් මම මෙයාලා සමග එකගයි.. අපි හැමෝම ලාංකිකයන් හැටියට එකතුවෙමු..!(නු)
ඔවු. ඇයි කූරගල විතරද? නැගෙනහිර ප්‍රදේශයේ බෞද්ධ උරුමය යටපත් කරන්න පැරණි ස්ථූපයක් ඩෝසර් කළා මතකද? වාසනාවකට මේක අපේ රටේ ජනාධිපතිතුමාටත් දැනිලා එතුම කිව්වා කතාවකදි එහෙම කරන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා. (නි)
සිංහල අපේ ආකල්ප වෙනස් කර නොගත්තොත් අනාගත පරපුර අපට ශාප කරාවි. (නි)
ආගම ගැන කතාකරන එක විහිලුවක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)
හැම සිංහලයාම පණට බයෙන් රටින් පැනයන්නෙ නැහැ කියලා මතක තියාගත්තොත් හොදයි. (නි)
සිංහලයාගේ අයිතිය වෙනුවෙන් මෙහි අදහස් දැක්වූ සැමට මාගේ ප්‍රණාමය! (නි)
පාලිත මහත්මයා, ක්‍රීඩාවෙන් කෙනෙකු හෝ ජාතියක් මැනීම නොකළ යුතුයි. මක්නිසාද යත් ශ්‍රී ලංකාව හැර වෙනත් රටක් සමග පාකිස්ථානය තරග කරන කොට ඇයි ලංකාවේ කට්ටිය වෙනත් රටවල්වලට සහයෝගය ලබා දෙන්නේ? වෙඩි පත්තු කරන්නේ? මේ දේවල් ඇයි මේ සිංහල ජනතාවට තේරෙන්නේ නැත්තේ? අපි එසේ නොකියමු. ක්‍රීඩාව යනු තම තමන්ට සිතට නැගෙන දෙයයි. මේ තුළින් කිසිත් මැනිය නොහැක, දක්ෂකම මිස. එම නිසා මෙවැනි පටු අදහස් දැක්වීමෙන් වළකින්න. එදා උතුරු නැගෙනහිර සිංහල ජනයා පමණක් මැරුවා කියන කථාව පදනම් විරහිතයි. සිංහල පමණක් නොවේ, මුස්ලිම් ජනයාද මැරුම් කෑහ. ඔවුන්ගේ ද දේපළ සියල්ල, සියල්ලෝම වෛර කරන ත්‍රස්වාදීනට පූජා කරලා ආවේ. එම නිසා සෑම හොද ක්‍රියාවෙහිදීද මුස්ලිම් අයගේද සහභාගිත්වය නොතිබුණා නෙවේ. සිංහල අයට මේ ලංකාව හැර වෙනත් රටක් නොමැත යන අදහස සේම මුස්ලිම් අයටද මේ ඉපදුණු රට හැර වෙනත් රටක් නොමැත. ලෝකයේ මුස්ලිම් රටවල් තිබුණත් ඔවුන් කටයුතු කරන්නේද ඔවුන්ට ආවේනික මූලධර්මයන්ට අනුකූලවයි. එම නිසා ඔනෑම මුස්ලිම් රටක් වෙනත් රටක කෙනෙකුටද සළකන්නේ කුඩම්මාගේ සැලකිළි සේය.එම නිසා ජාතිභේද පසෙක තබා ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එක් වී සමගියෙන් සිටිමු... (නි)
මෙයාලා මොනවද කියන්නෙ කියලා එයාලටම තේරෙන්නෙ නැහැ. (නි)
අලුතින් බිහිවුණු කට්ටියට සමහරවිට මුස්ලිම් අය විසින් රුධිර පාරවිලයනය සිදුකරලා ඇති. (නි)
ෂෙරීෆ්, මිනිස්සුන්ගේ මොළ හෝදලා තියෙන නිසා තමයි අත්පත්‍රිකා හරි බෙදලා මොළේ පොඩ්ඩක් පාදාගන්න බලන්නේ. (නි)
ජනතා විමුක්ති පෙරමුණේ මෙම පියවර ඉතා අගය කළ යුතුයි. සිංහලයාගේ නාමයෙන් පට්ටපල් බොරු කියන උමතු මිනිසුන්ගෙන් ජනතාව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි.
ඔය කතා කියලා තියෙන ඡන්ද ටිකත් අඩුකරගන්න එපා. (නි)
වෙන රටවල නම් අපිට සිංහල,දෙමළ, මුස්ලිම් කියලා කියන්නෙ නැහැ. පොදුවේ ලාංකිකයින් කියලයි කියන්නේ. (නි)
ජාතිවාදී වුණේ කවුද කියලා දඹුල්ලට, අම්පාරට, අනුරාධපුරයට, කූරගලට ගියා නම් බලන්න පුලුවන්, බොද්ධ පුරාවස්තු උඩ ඉස්ලාම් පල්ලි හැදිලා තියෙන හැටි දැක්හකම. ජේවීපී අයට ඒවා පේන්නේ නැහැනේ. (නි)
සමානාත්මතාවය පදනම් වූ බෞද්ධයනි, ඇයි මේ බෙදීම්? ප්‍රභාකරන්ගෙ දුෂ්ඨකම් අමතක කරලා දැන්වත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන සළකා බලමු. හැමදාම ජාතීන් පාගාගෙන ඉන්න බැරිවෙයි. (නි)
කාටත් ඉතින් ආගම ගැන හිතන්න කාලයක් දවසක එනවා. (නි)
අපි ජේ.වී.පී. යට ගරු කරනවා. ඒත් දැන් ටික කාලෙක ඉදලා වෙන කට්ටියක් ඇවිත් ජාතිවාදය අවුස්සනවා. (නි)
නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ වෙනකොට එයාලා කොහෙද හිටියේ? (නි)
අගය කළයුතු දෙයක්. අපිත් ඔබ සමගයි. (නි)
අවුරුදු 40කට ආසන්න කාලයක් මේ රටේ මිනිස්සු ත්‍රස්තවාදයෙන් දුක් වින්දා. යුද්ධය අවසන් වෙලා රට ශීඝ්‍ර සංවර්ධනයකට යන ගමනේදී රටේ නිදහසට අකුල් හෙලන්න විවිධ සංවිධාන දැන් බිහිවෙලා. ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරන්න මේ කට්ටිය උත්සාහ කරනවා. ජනතාව ඉතාමත් බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. අන්ධ භක්තික නොවිය යුතුයි. සමහර රටවල් බලාගෙන ඉන්නේ තවත් ප්‍රශ්නයක් මේ රටෙහි ඇතිවෙන තුරුය. (නි)
අපි සියලු ජාතින් වශයෙන් නොව එක මවකගේ දරුවො වශයෙන් සිටිය යුතුයි. (නි)
බල්ලමල්ලෙන් එළියට පැන්න. සියලු දෙනාම විමසිල්ලෙන් ඉන්න. (අ)
ඒක ඇත්ත. අපි ආගම වෙනුවෙන් මරා ගන්නේ නැතිව ශ්‍රී ලාංකිකයන් විදියට හැමෝම හිතන්න ඕනි. (අ)
කවුරු මොනවා කිවුවත් ඇත්ත පිළිගැනීම කළයුතුයි. (නි)
රටේ සාමය සමගිය ආරක්ෂා කළ යුත්තේ සිංහලයා පමණක් ද? අනෙක් ජාතීන්ට එය අදාල නැත්ද? සිංහලයා හැමදාම සටන් කළේ නැති වී යන තමන්ගේ උරුමයන් හා අයිතීන් ආරක්ෂා කරගන්න මිසක් අනෙක ජාතීන්ගේ අයිතීන් උදුරාගන්න නොවෙයි. අපේ ඉවසීම නිවටකමක් කියා සිතාගත් අනෙක් සුළු ජාතීන් හැමදාම කළේ සිංහලයාට රිදවන එකයි. බුදුදහමින් පෝෂණය වූ සිංහලයා කරුණාවෙන් දයාවෙන් පිරි ජාතියක්. නමුත් එම කරුණාව දයාව අපේ විනාශය බවට අප පත් නොකරගත යුතුවෙයි. සිංහලයාට මේ රටහැර වෙනත් රටක් නොමැති බව තරයේ සිතට ගෙන කටයුතු කළහොත් දේශපාලුවන්ගෙන්ද අන්තවාදී සුළුජාතීන්ගෙන්ද අපේ රට රැකගත හැකිවනු ඇත. (නි)
දැන් කවුද ඕක කරන්න හදන්නේ? (නි)
සිංහලයාට පමණක් නොව මේ රටේ ඉපදුණු සෑම මිනිසෙකුට උරුම මේ රට විතරයි. (නි)
මමත් දම්සර සමග එකගයි. (නි)
හොද වැඩක් (දී)
සිංහලයාට වෙන රටක් නැති බව ඇත්ත. නමුත් දෙමල,මුස්ලීම් බර්ගර්... මේ අය ලක්මෑණියන්ගේ දරුවන් නොවේද? මේ රටේ ඉපදුණු මේ අයට වෙන රටක් තිබේද? (නි)
දම්සර බුදුදහමින් පෝෂණය වූ මිනිසා කරුණාවෙන් දයාවෙන් පිරි ජාතියක් නම් පනස් ගණන් වල, අසූ ගණන් වල සාමාන්‍ය දෙමළ ජනතාව ඝාතනය කළේ කවුද? (නි)
මේ අයට ආගමක් තියෙනවද
ඔබතුමා ගැන මගේ හිතේ විශ්වාසය කෙසේවෙතත්, ඔය දැන් කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත. (නි)
රිනාස් ඒනිසාද ඔයාල ලංකාවත් පාකිස්තානයත් අතර ක්‍රිකට් තරග තියනවිට පාකිස්තානයට දිනුම පතමින් කෑගහන්නේ?. රතිංඤ්ඤා පත්තුකරමින් ඔවුන්ට සහය දක්වන්නේ.?. මේරටට ආදරේනම් රටවෙනුවෙන් පෙනී සිටින්න ඕන. .(නු)
ලංකාව එහි ඉපදුණු සියල්ලන්ටම උරුමයි. (නි)
මෙයාලගේ වැඩේම අත් පත්‍රිකා බෙදන එකනේ. අනේ මන්දා... (නි)
තමන්ගේ ජාතිය, ආගම ගැන කතාකරන එකේ තියෙන වැරැද්ද මොකක්ද? (නි)
අනේ මන්දා (දී)
දැන් මෙයාලා ඉස්සර වගේ නෙමෙයි. (නි)
කුමාර නමින් පෙනීසිටින්නේ කවුරු වුණත් කමක් නැත. ඉතිහාස අමතක කරන්න එපා. අසූගණන් වල හමුදාවෙ දහතුන් දෙනෙකු මරා පෙට්ටිවලින් දකුණට එවුවේ කවුද. උතුරු නැගෙනහිර ජීවත් වූ අහිංසක සිංහල මිනිසුන් ගම්පිටින් මැරුවේ කවුද? රටෙ ජනග්‍රහණයෙන් 12%කටත් අඩු ප්‍රමාණයක් සිටින දෙමළ ජනයා පනහට පනහ ඉල්ලා පනස්ගණන් වල සිංහලායගේ අයිතිවාසිම නැතිකරන්නට දේශපාලණික කූට උපක්‍රමයක යෙදුනා මතක නැත්ද? උතුරු නැගනහිරින් සියළු සිංහලයන් පන්නා තිබියදී. අවුරුදු තිහක් යුද්ධයක් පැවතියත් දෙමළ ජනගහණය කොළඹ සහ අනෙක් ප්‍රදේශ වල වැඩිවුණා මිස අඩුවී නැත. සිංහලයාත් එකට එක කළා නම් කොළඹ ඇතුළු අනෙක් ප්‍රදේශ වල දමිළ ජනගහනය වැඩිවන්නේ කෙසේද? මෙයම සිංහලයාගෙ කරුණාව හා මෛත්‍රිය නොවන්නේද? සිංහලයා බිත්තියටම හේත්තු නොකළ යුතුයැයි කියා ඇත්තේද දමිළ නායකයෙක්ම බව අමතක නොකරන්න. (නි)
පාලිත, සුලු පිරිසක් එසේ කළාට බොහෝ පිරිසක් ලාංකික හැගීමෙන් තමයි කටයුතු කරන්නේ. (නි)
ඔය ජාතිභේද වලින් වැඩක් නැහැ. අපි හැමෝම එකයි. (නි)
ජේ.වී.පී. යට ජය වේවා! (නි)
කුමාර, ඔයා ඉතිහාසය නැවත වරක් සිහියෙන් යුතුව කියෙවුවොත් ගොඩක් දේ වැටහේවි. (නි)
සෝමවංශ මහත්තයාගේ කතාව ඇත්ත. (නි)