IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අනතුරක් ගැන ජවිපේ කියයි

ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිවීමේ අනතුරක් නැවත මතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ දී අද(24)පැවැසීය.
ආණ්ඩුව එය සිය පාලනයට ආශිර්වාදයක් සේ සලකන බවට චෝදනා කළ හෙතෙම විවිධාකාරයේ ප‍්‍රකෝපකිරීම් මඟින් නොමග නොයා දූරදරශීව කටයුතු කරන්නැයි සියලු ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද අවධාරණය කර කීය.
කවුරුන් කෙසේ උත්සාහ කළ ද ජාතික අසමගියක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු ලෙසකින් ඉඩදෙන්නේ නැතැයි ද ජවිපෙ නායකයා කීය.
අමරසිංහ මහතා මෙම අදහස පළ කළේ ‘‘ජාතිවාදී ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු’’ මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ කොටුවේ අත්පත‍්‍රිකා බෙදමිණි.



අදහස් (0)

අනතුරක් ගැන ජවිපේ කියයි

ෂෙරීෆ් Monday, 24 December 2012 09:50 PM

මෙයාලගේ වැඩේම අත් පත්‍රිකා බෙදන එකනේ. අනේ මන්දා... (නි)

:       0       0

රිස්වි Tuesday, 25 December 2012 11:52 AM

අලුතින් බිහිවුණු කට්ටියට සමහරවිට මුස්ලිම් අය විසින් රුධිර පාරවිලයනය සිදුකරලා ඇති. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 25 December 2012 11:53 AM

ෂෙරීෆ්, මිනිස්සුන්ගේ මොළ හෝදලා තියෙන නිසා තමයි අත්පත්‍රිකා හරි බෙදලා මොළේ පොඩ්ඩක් පාදාගන්න බලන්නේ. (නි)

:       0       0

සම්පත් Monday, 24 December 2012 10:32 PM

තමන්ගේ ජාතිය, ආගම ගැන කතාකරන එකේ තියෙන වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

අසංක Monday, 24 December 2012 10:32 PM

අනේ මන්දා (දී)

:       0       0

චන්ද්‍රා Monday, 24 December 2012 11:32 PM

දැන් මෙයාලා ඉස්සර වගේ නෙමෙයි. (නි)

:       0       0

දම්සර Tuesday, 25 December 2012 12:15 AM

කුමාර නමින් පෙනීසිටින්නේ කවුරු වුණත් කමක් නැත. ඉතිහාස අමතක කරන්න එපා. අසූගණන් වල හමුදාවෙ දහතුන් දෙනෙකු මරා පෙට්ටිවලින් දකුණට එවුවේ කවුද. උතුරු නැගෙනහිර ජීවත් වූ අහිංසක සිංහල මිනිසුන් ගම්පිටින් මැරුවේ කවුද? රටෙ ජනග්‍රහණයෙන් 12%කටත් අඩු ප්‍රමාණයක් සිටින දෙමළ ජනයා පනහට පනහ ඉල්ලා පනස්ගණන් වල සිංහලායගේ අයිතිවාසිම නැතිකරන්නට දේශපාලණික කූට උපක්‍රමයක යෙදුනා මතක නැත්ද? උතුරු නැගනහිරින් සියළු සිංහලයන් පන්නා තිබියදී. අවුරුදු තිහක් යුද්ධයක් පැවතියත් දෙමළ ජනගහණය කොළඹ සහ අනෙක් ප්‍රදේශ වල වැඩිවුණා මිස අඩුවී නැත. සිංහලයාත් එකට එක කළා නම් කොළඹ ඇතුළු අනෙක් ප්‍රදේශ වල දමිළ ජනගහනය වැඩිවන්නේ කෙසේද? මෙයම සිංහලයාගෙ කරුණාව හා මෛත්‍රිය නොවන්නේද? සිංහලයා බිත්තියටම හේත්තු නොකළ යුතුයැයි කියා ඇත්තේද දමිළ නායකයෙක්ම බව අමතක නොකරන්න. (නි)

:       0       0

මරික්කාර් Tuesday, 25 December 2012 01:59 PM

ජනතා විමුක්ති පෙරමුණේ මෙම පියවර ඉතා අගය කළ යුතුයි. සිංහලයාගේ නාමයෙන් පට්ටපල් බොරු කියන උමතු මිනිසුන්ගෙන් ජනතාව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවයකි.

:       0       0

මුතුකුඩ Tuesday, 25 December 2012 01:07 AM

පාලිත, සුලු පිරිසක් එසේ කළාට බොහෝ පිරිසක් ලාංකික හැගීමෙන් තමයි කටයුතු කරන්නේ. (නි)

:       0       0

රිස්මි Tuesday, 25 December 2012 01:28 AM

ඔය ජාතිභේද වලින් වැඩක් නැහැ. අපි හැමෝම එකයි. (නි)

:       0       0

ෂිෆා Tuesday, 25 December 2012 01:24 AM

ජේ.වී.පී. යට ජය වේවා! (නි)

:       0       0

මධු Tuesday, 25 December 2012 02:19 PM

ඔය කතා කියලා තියෙන ඡන්ද ටිකත් අඩුකරගන්න එපා. (නි)

:       0       0

නන්දලාල් Tuesday, 25 December 2012 01:50 AM

කුමාර, ඔයා ඉතිහාසය නැවත වරක් සිහියෙන් යුතුව කියෙවුවොත් ගොඩක් දේ වැටහේවි. (නි)

:       0       0

ජසීම් Tuesday, 25 December 2012 02:26 PM

වෙන රටවල නම් අපිට සිංහල,දෙමළ, මුස්ලිම් කියලා කියන්නෙ නැහැ. පොදුවේ ලාංකිකයින් කියලයි කියන්නේ. (නි)

:       0       0

දම්මි Monday, 24 December 2012 06:28 PM

මේ අයට ආගමක් තියෙනවද

:       0       0

කමල් Monday, 24 December 2012 06:38 PM

නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ වෙනකොට එයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

සෝමදාස Tuesday, 25 December 2012 04:33 AM

සෝමවංශ මහත්තයාගේ කතාව ඇත්ත. (නි)

:       0       0

විමල් Tuesday, 25 December 2012 04:35 AM

සිංහල අපේ ආකල්ප වෙනස් කර නොගත්තොත් අනාගත පරපුර අපට ශාප කරාවි. (නි)

:       0       0

මෝරාළ Monday, 24 December 2012 06:50 PM

අගය කළයුතු දෙයක්. අපිත් ඔබ සමගයි. (නි)

:       0       0

කුමාර Tuesday, 25 December 2012 05:14 AM

සම්පත්, තමන්ගෙ ජාතිය, ආගම ගැන කතාකළාට කමක් නැහැ. හැබැයි අනික් කෙනාගෙ ජාතියට ආගමට ගහන්නෙ නැතුව. (නි)

:       0       0

කුමාරි Tuesday, 25 December 2012 06:21 AM

ලන්කාව අපේ රට කියල හිතන්න ඕනෙ සිංහලුන් විතරද? ඇයි දෙමළ අය හැම ප්‍රශ්නෙටම ඉන්දියාවට දුවන්නෙ? ඇයි මුස්ලිම් අය බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්නෙ? මේ අය නේද වැඩිපුර උනන්දු විය යුතු සිංහල අය සමග සමගියෙන් සහජීවනයෙන් ඉන්න. මට පෙනෙන හැටියට නම් මේ අය ලංකාවෙ සුලු ජාතින් බව ලෝකෙට අගවමින් සිංහලයින්ට වඩා වරප්‍රසාද භුක්ති විදිනවා. (නි)

:       0       0

ජානක - වැනිස් Tuesday, 25 December 2012 06:28 AM

හොරාට පෙර කෙහෙල්කන වැට පැණීම. (ත)

:       0       0

මහින්ද Tuesday, 25 December 2012 07:10 AM

රිනාස්, ඒ නිසාද ඔයාලා ලංකාවත් පාකිස්තානයත් අතර ක්‍රිකට් තරග තියන විට පාකිස්තානයට දිනුම පතමින් කෑගහන්නේ? රතිඤ්ඤා පත්තුකරමින් ඔවුන්ට සහය දක්වන්නේ? මේ රටට ආදරේ නම් රට වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. (නි)

:       0       0

කූරගල අසරණ සිංහලයන් Tuesday, 25 December 2012 07:16 AM

ජාතිවාදී වුණේ කවුද කියලා කූරගලට ආව නම් බලන්න පුලුවන්, බොද්ධ පුරාවස්තු උඩ ඉස්ලාම් පල්ලි හැදිලා තියෙන හැටි දැක්කම. අනේ අප්පොච්චියේ රටකට ගිය කලක්. ජේවීපී අයට ඒවා පේන්නේ නැහැනේ. (නි)

:       0       0

ෂිහාම් Monday, 24 December 2012 07:19 PM

අවුරුදු 40කට ආසන්න කාලයක් මේ රටේ මිනිස්සු ත්‍රස්තවාදයෙන් දුක් වින්දා. යුද්ධය අවසන් වෙලා රට ශීඝ්‍ර සංවර්ධනයකට යන ගමනේදී රටේ නිදහසට අකුල් හෙලන්න විවිධ සංවිධාන දැන් බිහිවෙලා. ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කරන්න මේ කට්ටිය උත්සාහ කරනවා. ජනතාව ඉතාමත් බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. අන්ධ භක්තික නොවිය යුතුයි. සමහර රටවල් බලාගෙන ඉන්නේ තවත් ප්‍රශ්නයක්‌ මේ රටෙහි ඇතිවෙන තුරුය. (නි)

:       0       0

රොක් Monday, 24 December 2012 07:16 PM

අපි සියලු ජාතින් වශයෙන් නොව එක මවකගේ දරුවො වශයෙන් සිටිය යුතුයි. (නි)

:       0       0

දම්මි Tuesday, 25 December 2012 07:38 AM

එයාලා ආගම ගැන කතාකරන එක විහිලුවක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 24 December 2012 07:43 PM

බල්ලමල්ලෙන් එළියට පැන්න. සියලු දෙනාම විමසිල්ලෙන් ඉන්න. (අ)

:       0       0

රාජිත Monday, 24 December 2012 07:41 PM

ඒක ඇත්ත. අපි ආගම වෙනුවෙන් මරා ගන්නේ නැතිව ශ්‍රී ලාංකිකයන් විදියට හැමෝම හිතන්න ඕනි. (අ)

:       0       0

අමිල Wednesday, 26 December 2012 08:57 AM

කාටත් ඉතින් ආගම ගැන හිතන්න කාලයක් දවසක එනවා. (නි)

:       0       0

ශාන්ති Tuesday, 25 December 2012 08:49 AM

ආගමික සමගියයි වැදගත්ම දේ සමාජයක (දී)

:       0       0

කුමාර Tuesday, 25 December 2012 09:02 AM

දම්සර, කවුරුවත් සුද්ධවන්ත නැහැ. පණස් ගණන් වල ලංකාවෙ යුද්ධයක් තිබුණෙ නැහැ. එදා ජාතිවාදි කලබල ඇතිකරලා ළමයි තාර බැරල් වලට දැම්මා කියලා මම අහලා තියෙනවා. ඕවා තමා ආරම්භය. අසුතුනෙන් පස්සෙ ඒ දේවල් කරන්න බැරිවුණේ ජාත්‍යන්තර බලපෑම් නිසා. රජය මේවාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ නිසා. (නි)

:       0       0

ව්පුල් දඹුල්ල Tuesday, 25 December 2012 05:09 PM

ජාතිවාදී වුණේ කවුද කියලා දඹුල්ලට, අම්පාරට, අනුරාධපුරයට, කූරගලට ගියා නම් බලන්න පුලුවන්, බොද්ධ පුරාවස්තු උඩ ඉස්ලාම් පල්ලි හැදිලා තියෙන හැටි දැක්හකම. ජේවීපී අයට ඒවා පේන්නේ නැහැනේ. (නි)

:       0       0

රුමේෂ් Monday, 24 December 2012 08:18 PM

කවුරු මොනවා කිවුවත් ඇත්ත පිළිගැනීම කළයුතුයි. (නි)

:       0       0

දම්සර Monday, 24 December 2012 08:14 PM

රටේ සාමය සමගිය ආරක්ෂා කළ යුත්තේ සිංහලයා පමණක් ද? අනෙක් ජාතීන්ට එය අදාල නැත්ද? සිංහලයා හැමදාම සටන් කළේ නැති වී යන තමන්ගේ උරුමයන් හා අයිතීන් ආරක්ෂා කරගන්න මිසක් අනෙක ජාතීන්ගේ අයිතීන් උදුරාගන්න නොවෙයි. අපේ ඉවසීම නිවටකමක් කියා සිතාගත් අනෙක් සුළු ජාතීන් හැමදාම කළේ සිංහලයාට රිදවන එකයි. බුදුදහමින් පෝෂණය වූ සිංහලයා කරුණාවෙන් දයාවෙන් පිරි ජාතියක්. නමුත් එම කරුණාව දයාව අපේ විනාශය බවට අප පත් නොකරගත යුතුවෙයි. සිංහලයාට මේ රටහැර වෙනත් රටක් නොමැති බව තරයේ සිතට ගෙන කටයුතු කළහොත් දේශපාලුවන්ගෙන්ද අන්තවාදී සුළුජාතීන්ගෙන්ද අපේ රට ‍රැකගත හැකිවනු ඇත. (නි)

:       0       0

පී. සෙනෙවිරත්න Tuesday, 25 December 2012 05:29 PM

සමානාත්මතාවය පදනම් වූ බෞද්ධයනි, ඇයි මේ බෙදීම්? ප්‍රභාකරන්ගෙ දුෂ්ඨකම් අමතක කරලා දැන්වත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන සළකා බලමු. හැමදාම ජාතීන් පාගාගෙන ඉන්න බැරිවෙයි. (නි)

:       0       0

මෝරාලසිරි Tuesday, 25 December 2012 09:32 AM

ඔව් දැං පාඩමක් උගන්වන්න ගිහං යුද්ධයක් ඇතිකරන්නද හදන්නෙ..?(නු)

:       0       0

රෝහණ Monday, 24 December 2012 08:37 PM

දැන් කවුද ඕක කරන්න හදන්නේ? (නි)

:       0       0

ලලිත් කටාර් Tuesday, 25 December 2012 10:08 AM

මොනවාද මේ කියන්නේ..!(නු)

:       0       0

රිනාස් Monday, 24 December 2012 08:43 PM

සිංහලයාට පමණක් නොව මේ රටේ ඉපදුණු සෑම මිනිසෙකුට උරුම මේ රට විතරයි. (නි)

:       0       0

මහින්ද Monday, 24 December 2012 08:48 PM

මමත් දම්සර සමග එකගයි. (නි)

:       0       0

අත්තනායක Tuesday, 25 December 2012 10:30 AM

රට ගැන සිතන්න, නියම සිංහලයෙක් නම්.... (නි)

:       0       0

දමිත් Monday, 24 December 2012 09:00 PM

හොද වැඩක් (දී)

:       0       0

ගමනායක Tuesday, 25 December 2012 10:37 AM

හැමදේම කළේ කවුද කියලා ජනතාව දන්නවා. (නි)

:       0       0

‍ෂෆීක් Tuesday, 25 December 2012 10:38 AM

මොන දේ කොහොම උනත් මේ සමගනම් මම මෙයාලා සමග එකගයි.. අපි හැමෝම ලාංකිකයන් හැටියට එකතුවෙමු..!(නු)

:       0       0

විශ්ව Tuesday, 25 December 2012 10:45 AM

ඔවු. ඇයි කූරගල විතරද? නැගෙනහිර ප්‍රදේශයේ බෞද්ධ උරුමය යටපත් කරන්න පැරණි ස්ථූපයක් ඩෝසර් කළා මතකද? වාසනාවකට මේක අපේ රටේ ජනාධිපතිතුමාටත් දැනිලා එතුම කිව්වා කතාවකදි එහෙම කරන්න ඉඩ දෙන්නෙ නැහැ කියලා. (නි)

:       0       0

කළණ ජේ. Tuesday, 25 December 2012 10:55 AM

දැන් මෙතන කුමාර කියලා කෙනෙක් අහනවා කවුද 83 දෙමළ මිනිස්සු ගිනි තිබ්බෙ කියලා. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නද කියලා හිතෙනවා මේ පාරත්. (නි)

:       0       0

රාජිත කූරගල Tuesday, 25 December 2012 10:54 AM

ආගම ගැන කතාකරන එක විහිලුවක් වගෙයි මට නම් පෙනෙන්නේ. (නි)

:       0       0

නිමල් Tuesday, 25 December 2012 11:00 AM

හැම සිංහලයාම පණට බයෙන් රටින් පැනයන්නෙ නැහැ කියලා මතක තියාගත්තොත් හොදයි. (නි)

:       0       0

නිහාල් Tuesday, 25 December 2012 11:02 AM

සිංහලයාගේ අයිතිය වෙනුවෙන් මෙහි අදහස් දැක්වූ සැමට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

යෝනුස් Tuesday, 25 December 2012 11:09 AM

පාලිත මහත්මයා, ක්‍රීඩාවෙන් කෙනෙකු හෝ ජාතියක් මැනීම නොකළ යුතුයි. මක්නිසාද යත් ශ්‍රී ලංකාව හැර වෙනත් රටක් සමග පාකිස්ථානය තරග කරන කොට ඇයි ලංකාවේ කට්ටිය වෙනත් රටවල්වලට සහයෝගය ලබා දෙන්නේ? වෙඩි පත්තු කරන්නේ? මේ දේවල් ඇයි මේ සිංහල ජනතාවට තේරෙන්නේ නැත්තේ? අපි එසේ නොකියමු. ක්‍රීඩාව යනු තම තමන්ට සිතට නැගෙන දෙයයි. මේ තුළින් කිසිත් මැනිය නොහැක, දක්ෂකම මිස. එම නිසා මෙවැනි පටු අදහස් දැක්වීමෙන් වළකින්න. එදා උතුරු නැගෙනහිර සිංහල ජනයා පමණක් මැරුවා කියන කථාව පදනම් විරහිතයි. සිංහල පමණක් නොවේ, මුස්ලිම් ජනයාද මැරුම් කෑහ. ඔවුන්ගේ ද දේපළ සියල්ල, සියල්ලෝම වෛර කරන ත්‍රස්වාදීනට පූජා කරලා ආවේ. එම නිසා සෑම හොද ක්‍රියාවෙහිදීද මුස්ලිම් අයගේද සහභාගිත්වය නොතිබුණා නෙවේ. සිංහල අයට මේ ලංකාව හැර වෙනත් රටක් නොමැත යන අදහස සේම මුස්ලිම් අයටද මේ ඉපදුණු රට හැර වෙනත් රටක් නොමැත. ලෝකයේ මුස්ලිම් රටවල් තිබුණත් ඔවුන් කටයුතු කරන්නේද ඔවුන්ට ආවේනික මූලධර්මයන්ට අනුකූලවයි. එම නිසා ඔනෑම මුස්ලිම් රටක් වෙනත් රටක කෙනෙකුටද සළකන්නේ කුඩම්මාගේ සැලකිළි සේය.එම නිසා ජාතිභේද පසෙක තබා ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එක් වී සමගියෙන් සිටිමු... (නි)

:       0       0

විජේ Monday, 24 December 2012 09:22 PM

සිංහලයාට වෙන රටක් නැති බව ඇත්ත. නමුත් දෙමල,මුස්ලීම් බර්ගර්... මේ අය ලක්මෑණියන්ගේ දරුවන් නොවේද? මේ රටේ ඉපදුණු මේ අයට වෙන රටක් තිබේද? (නි)

:       0       0

කුමාර Monday, 24 December 2012 09:20 PM

දම්සර බුදුදහමින් පෝෂණය වූ මිනිසා කරුණාවෙන් දයාවෙන් පිරි ජාතියක් නම් පනස් ගණන් වල, අසූ ගණන් වල සාමාන්‍ය දෙමළ ජනතාව ඝාතනය කළේ කවුද? (නි)

:       0       0

රිස්වි Monday, 24 December 2012 09:24 PM

අපි ජේ.වී.පී. යට ගරු කරනවා. ඒත් දැන් ටික කාලෙක ඉදලා වෙන කට්ටියක් ඇවිත් ජාතිවාදය අවුස්සනවා. (නි)

:       0       0

විජේරත්න Tuesday, 25 December 2012 11:18 AM

මෙයාලා මොනවද කියන්නෙ කියලා එයාලටම ‍තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 24 December 2012 09:25 PM

ඔබතුමා ගැන මගේ හිතේ විශ්වාසය කෙසේවෙතත්, ඔය දැන් කියන කතාව නම් සම්පූර්ණ ඇත්ත. (නි)

:       0       0

පාලිත Monday, 24 December 2012 09:32 PM

රිනාස් ඒනිසාද ඔයාල ලංකාවත් පාකිස්තානයත් අතර ක්‍රිකට් තරග තියනවිට පාකිස්තානයට දිනුම පතමින් කෑගහන්නේ?. රතිංඤ්ඤා පත්තුකරමින් ඔවුන්ට සහය දක්වන්නේ.?. මේරටට ආදරේනම් රටවෙනුවෙන් පෙනී සිටින්න ඕන. .(නු)

:       0       0

සරත් Monday, 24 December 2012 09:38 PM

ලංකාව එහි ඉපදුණු සියල්ලන්ටම උරුමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 184 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 492 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 292 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 203 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 950 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 812 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site