IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අන්තර්ජාලයෙන් කාසි සොයන හැටි

තරඟකාරී ජීවන රටාව තුළ මුදල් ඉපයීම ජීවිතයේ ප්‍රධාන කාර්යයක් බවට පත්වන විට,මුදල් ඉපයීම සඳහාද විවිධ වූ මාර්ගයන්  සමාජය විසින්ම නිර්මාණය කරනු ලබයි.

ඒ තුළ යහපත් මෙන්ම අයහපත් මාර්ගද වන නිසාවෙන් , මුදල් පිළිබඳව වූ අවශ්‍යතාවය කෙබඳු වුවත් ඒ සඳහා  යොමුවීමට පෙර යම් අධ්‍යනයක යෙදීම ඉතා වැදගත්.

දිනෙන් දින දියුණු වන තාක්ෂණික ලෝකය ද මෙකී මුදල් ඉපයීමට මිනිසුන් තුල තිබෙන අවශ්‍යතාවයට පිළිතුරු  නිර්මාණය කරනු ලබයි.

එනිසාම වර්තමානයේ මුදල් ඉපයීම සම්බන්ධයෙන් අන්තර්ජාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි බව බොහෝ දෙනා අසා තිබෙන නමුත්,බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇත්තේ අපැහැදිලි ,අවිධිමත් අවබෝධයක්.

එමෙන්ම අන්තර්ජාලයෙන් මුදල් උපයාගත හැකි ක්‍රම හඳුන්වා දෙන මුවාවෙන් ඇතැම් ස්ථාන වල ක්‍රියාත්මක වන තරුණ තරුණියන් නොමග යවන සුළු ,මුදල් ගසාකන වැඩසටහන් හා සම්මන්ත්‍රණ නිසාවෙන් තවත් පිරිසකට ඒ පිළිබඳව ඇත්තේ ඍනාත්මක ආකල්පයක්.

නමුත් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාලය තුළ ඇති ධනාත්මක පැතිකඩයන් ඔස්සේ මුදල් ඉපයීම ඉතා සාර්ථකව කරගෙන යනු ලබයි.

සැබවින්ම අන්තර්ජාලය ඔබේ නිර්මාණශීලී හැකියාවන්,කුසලතාවයන් සඳහා වටිනාකමක් ලබා දෙන අපුරු තෝතැන්නක්.

විවිධ වංචනිකයන්ට නොරැවටී, එය නිවැරදිව අධ්‍යනය කර එහි  ක්‍රමවේදයන් හඳුනාගෙන ඒ සඳහා යොමුවුවහොත්  ඔබටද සාර්ථක ප්‍රතිපල අත්කරගත හැක.

මෙම වීඩියෝව තුළ ඔබේ නිර්මාණශීලී හැකියාවන් තුළින් අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි සාර්ථක ක්‍රම හතරක් පිලිබඳ තොරතුරු අන්තර්ගතයි.

(මෙම වීඩියෝව ලංකාදීප ‘එසැණ‘ වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත්කරණ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි හර්ෂණ රාජකරුණා සහ බෘනෝ දිවාකරගේ නිර්මාණයකි)

 



අදහස් (0)

අන්තර්ජාලයෙන් කාසි සොයන හැටි

රන්ජිත් Saturday, 16 August 2014 06:48 AM

මේ වගේම තමයි ෆොරෙක්ස් (විදෙස් මුදල් හුවමාරුව) හරහා මුදල් හොයන්නත් පුළුවන් ඒකත් ඉතාමත් කාර්යක්ෂමයි, ඉපයිය හැකි ප්‍රමාණය අසීමාන්තිකයි. හැබැයි අප ඊට මුදල් ආයෝජනය කල යුතු අතර එය එක්තරා අවදානමකින්ද යුක්තයි. හැබැයි ඒ අවදානම බොහෝවිට අපට නොසිතු මුදලක් එක මොහොතකින් සොයාගන්නටත් උපකාරී වනවා. අත්දැකීමෙනුයි මේ කියන්නේ.(අ)

:       0       0

තරිඳු Monday, 18 August 2014 03:38 AM

දීප්ති ක්ලික් කළාම සල්ලි ගිනුමට බැරවෙන්න විදිහක් එපාද ? නිකන් ලැබෙනවා නම් දෙමළ පත්තරේ උනත් ගනියි නේද? (නදී)

:       0       0

ඩිල්ෂාන් Monday, 12 September 2016 07:07 PM

මෙවැනි පුවතක් පළකිරීම ගැන ස්තූතියි! (නි)

:       0       0

තිලා Monday, 18 August 2014 04:07 AM

මේකේ කටහඩ හරිනැහැ. මොනවා හරි වෙලාද කටහඩ දෙන කෙනාට (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 16 August 2014 08:15 AM

තමන් සතු මුදල වැදගත් දෙයකට ආයෝජනය කරනවා මිස මේවගේ දේට අහුවෙන්න එපා.(දිල්)

:       0       0

ආනන්ද Saturday, 16 August 2014 08:29 AM

වැඩි විස්තර අපිට දන්වන්න (අ)

:       0       0

පණ්ඩුක Saturday, 16 August 2014 09:26 AM

රන්ජිත් ෆොරෙක්ස් ක්‍රමය ගැන ඊ මේල් එකක් හරි විස්තර හරි කියන්නකෝ(අ)

:       0       0

මිහිඳු Saturday, 16 August 2014 10:43 AM

ෆොරෙක්ස් (විදෙස් මුදල් හුවමාරුව ) ගැන කොපමණ සිංහලෙන් දැනුවත් කලත් ඉතා හොඳ ඉංග්‍රීසි දැනිමක් තිබිම,ඉතාමත් වැදගත්.එහි ඇති විදාන සහ තාක්ෂනික දැනිම ගැන හොඳ අධ්‍යනයක් කිරිම සහ හොඳ විනයක් පවත්වාගෙන යෑම සාර්ථකත්වයට ඉවහල්වේ. ඉංග්‍රීසියෙන් දැනුම අවශ්‍ය කෙනෙකු ඊ-මේල් ලිපිනය මෙහි පලකරන්න (දිල්)

:       0       0

සත්‍යයා Sunday, 17 August 2014 03:58 AM

අන්තර්ජාලයේ සෘණ සහ ධනාත්මක පැති දෙකම ගැන මනා අවබෝධයක් තියෙන්න ඕනෑ. "නොදන්නා දෙමළට ගොස් වරිගේ නහ ගන්නවා" වගේ නොදන්නා අන්තර්ජාලයට ගිහින් තමන්ගේ පරිගණකයත් (වෛරස් වැනි හානිකර ප්‍රවණතා ඔස්සේ) විනාශ කරගෙන අනුන්ගේ පරිගණක යන්ත්‍ර වලටත් වෛරස් බෝකර අතේ තියෙන මුදලත් නැති කරගන්න දඟලන අපේ කට්ටිය ඉන්න රටකට මේ තාක්ෂණය විනාශයක් ගෙනදෙන්නත් පුළුවන්. දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමඟ. (නි)

:       0       0

මයික් Monday, 18 August 2014 11:21 PM

මිනිස්සු මේවා බොහෝදුරට පිළිගන්නවා.මේවා ඔක්කොම සල්ලි හොයන වැඩ වලට වැඩිය සල්ලි ගරන වැඩ. (නි)

:       0       0

සනත් Sunday, 17 August 2014 02:37 PM

පිරමිඩ ක්‍රමයක් තිබ්බා ලංකාවේ ක්ෂණයෙන් සල්ලි හොයන්න පුළුවන් (දී)

:       0       0

රවීන්ද්‍ර කුමාර Sunday, 17 August 2014 06:18 AM

අන්තර්ජාලය තුලින් මුදල් හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා . එ්ත් ඒ අතර හොර වැඩත් තියෙනවා. එ්ක නිසා අපි එවෙනි දෙයක් කරන්න කලින් අදාල ආයතනයේ විශ්වාසවන්ත භාවය ගැන හිතන ඕනා. එ්කට හොදම ආයතනයක් තමයි ගූගල් ආයතනය. තවත් දෙයක් තමයි ගූගල් ආයතනය හරහා එවැනි දේ කරන්න අපි මුදල් යෙදවීමක් කිරීම අවශ්‍ය නැහැ. එ්ක නිසා විශ්වාසවන්ත භාවය ගැන ප්‍රශ්නයක් නැහැ (නදී)

:       0       0

දිල්ෂාන් Saturday, 16 August 2014 02:16 PM

මේක නම් හොඳ ක්‍රමයක් වගෙයි (නි)

:       0       0

තුසිත කුමාර Saturday, 16 August 2014 02:18 PM

ෆොටෝ සහ වීඩියෝ ඇතුළත් කරන ආකාරය සහ අපට මුදල් ලැබෙන ආකාරය පැහැදිලි කරදෙන්න.බොහොම ස්තුතියි. (නි)

:       0       0

ශ්‍රියන්ති. Sunday, 17 August 2014 04:28 PM

පේ පැල් ගිනුමකින් වැඩේ පටන්ගන්න පුළුවන් මාස්ටර් කාඩ් නැති වුණත්. (ස)

:       0       0

දිල්රුක්ෂි Tuesday, 13 September 2016 08:19 PM

අයිප්ලස් බ්ලොග් එකේ තියෙනවා සේරම විස්තර. හොද වැඩක්. ජයෙන් ජය (අ)

:       0       0

දීප්ති Saturday, 16 August 2014 03:48 AM

මුදල් ඉපයීම සඳහා පිනතූර සහ වීඩියෝ දාන හැටි හොඳම ලින්ක් එකක් තෝරා අපට කරන හැටි ප්‍රථිචාරයකින්ම ලියා එවන්න ඇඩිස් ක්ලික් කරන හැටිත් කියා දෙන්න (නදී)

:       0       0

තබිත Saturday, 16 August 2014 04:49 AM

ඉතාමත් හොඳ ලිපියක් මේ ගැන තවත් දැනුවත් කරන්න. හැකියාවන් මගින් මුදල් උපාය ගත හැකි ක්‍රමයක්. ස්තුතියි. තව ලින්ක් ඇත්නම් විශ්වාස වන්තව කටයුතු කල හැකි අපට දන්වනවා නම් හොඳයි (නදී)

:       0       0

දිල්ෂාන් Saturday, 16 August 2014 06:34 PM

අන්තර්ජාලයේ විවිධාකාර හොරමැරකම් තිබෙනවා (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 16 August 2014 06:43 PM

පණ්ඩුක තවම හොඳ හෝටලයකින් කාලා නැතුව වගේ. අහුවෙන්න එපා (නි)

:       0       0

සුමිත් Saturday, 16 August 2014 06:45 PM

මේ පිළිබඳ අප දැනුවත් කළාට ස්තූතියි! (නි)

:       0       0

අනුරාධ Saturday, 16 August 2014 07:35 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

රූපවතී Saturday, 16 August 2014 05:09 AM

අනේ තව මේ වගේ ඒවා දාන්නකෝ (අ)

:       0       0

සත්‍යයා Monday, 18 August 2014 02:04 AM

මට දැන් හිතා ගන්න පුළුවන් අපි කොහොමද ආසියාවේ ආශ්චර්ය වුණේ කොහොමද කියලා. අපි ලෝකයේ කෙසේවෙතත් කලාපයේ දක්ෂතම මිනිසුන් බවට පත්වෙලා ඉන්නේ. (නි)

:       0       0

ටෙි්‍රනියෝ Saturday, 16 August 2014 06:09 AM

නියමයි ලොක්කා අපේ අයට විවිධ හැකියාවන් තියෙනවා ඒක පාවිච්චි කරන්න හොඳ අවස්ථාවක් අයාලේ යන්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 194 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1099 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3843 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2929 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3388 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1485 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site