පාර්ලිමේන්තු පාරේ දමා තිබූ මාර්ග බාධයකය ඉවත් කරගෙන පාර්ලිමේන්තුව දෙසට යන විශ්ව විද්‍යාල සිසුනට මීට ටික වේලාවකට පෙර ජල ප්‍රහාර එල්ල විය.
ජල ප්‍රහාර කිහිපයක් එල්ල කළද එය නොතකා ඉදිරියට යන සිසුනට කඳුළු ගෑස් ගැසීමට පටන් ගත්තේය. කඳුළු ගෑස් බඳුන් අහුලා සිසුහු පොලිසිය දෙසට විසි කළහ.
ඒ සමඟම අසල ගස්වලින් පොලු කඩා ගත් පිරිසක් සිසුනට පහර දෙන්නට වූහ. එම පිරිස අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි අය ද විය.
පොලිසිය සහ පොලිසි විශේෂ කාර්ය බළකායේ විශාල පිරිසක් මාර්ගය දෙපස සිටිති.

























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මෙහෙම පහර දෙන එක සාධාරණද?(හේ)
දැන් බලන්න මේ ප්‍රදේශයේ මහජනතාවට මොන තරම් අවහිරයක්ද ? හදිසි ලෙඩෙක් එහෙම මේ පාරෙන් රෝහලට ගෙනියන්න සිද්ධ වුනා නම් මොන කරදරයක්ද ? ඉතින් කියන්න අනාගත දරුවන් වෙනුවෙන් කියලා. (හේ)
පැවති සහ පවතින රජයන්ගෙන් නිදහස් අධ්‍යාපනයට සිදුවූ හානිවලට වඩා ඉතා විශාල හානියක් මේ අන්තරේ මගින් සිදුවෙනවා. (හේ)
සමන්ජය නිකම් පල් කතා කියන්න එපා. (නදී)
ගහන්න ඕනි දුවන්න ගෙදරටම (නදී)
මේ ප්‍රදේශයේ උදවියට කොච්චර අවහිරයක්ද ? මේ පාරේ සාමාන්‍ය දවසටත් ලොකු වාහන තද බදයක් තියනවා. අසාධ්‍ය ලෙඩෙක් එහෙම මෙතනින් ගෙනියන්න උනා නම් කාට කියන්නද ? (නදී)
ඉල්ලීම් දිනා ගන්නේ සාමාන්‍ය මහජනයාට දෙන්න පුළුවන් වද තිස් දෙක දීලා. අපේ නෝනා රාජකාරි වැඩකට යන ගමන් වාහන තදබදයට අහුවෙලා ඒ වැඩේ කරගන්න බැරි වෙලා. තාම මග. ගෙදර එනකොට කීය වේවිද දන්නේ නැහැ කිව්වා. වැඩ කරන මිනිස්සුන්ගේ මිනිස් පැය කීයක් අපතේ යනවද ? (නදී)
ළමයෙක් විස්ව විද්‍යාලයට තේරෙනවා කියන එකත් දැන් දෙමාපියන්ට බය හිතෙන කාරණයක්. මේ අය අරක මේක කියා කියා කෑ ගැහුවට මෙයාලගේම කරවල් පිටින් එකෙක් දෙන්නෙක් ගොඩ යනවා. අනික් අයට වෙන්නේ හැමදාම ඔය දැන් කරන ටිකම මොන රජය ආවත් කර කර ඉන්න කාගේවත් අතකොලු නොවී. තමන් ගිය කාරණය ඉටු කර ගෙන ආවා නම් දෙමාපියන්ටත් සැනසිල්ලක්. (නදී)
මේ සිසුන් සමග සාකච්ඡා කොට විසදුමක් දෙන්ඩ. මේ අපේ අනාගතයයි. (නදී)
ඉල්ලීම් දිනා ගන්නත් ක්‍රම තියෙනවා. මේ විදියට පාර අවහිර වෙන විදියට හැසිරිලා මහජනතාවට කරදර කලාම ගොඩක් සහයෝගය මේගොල්ලන්ට ලැබේවි. බත්තරමුල්ල පැත්තට හවස වැඩ ඇරිලා ගෙදර එන මිනිස්සුන්ට මේ වෙලාවේ අන්තරේ අයගේ මෑණියන් වහන්සේලා මතක් වෙනවා ඇති. (නදී)
ශ්රී ඔලුවෙන් හිටගෙනද ඉන්නේ? ඉල්ලීම් දිනාගන්න විදිහක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න මිනිස්සු රටට මෙහෙමද සලකන්නේ. සමන්ජය, දීපාල්,පාලිත (නදී)
ඉල්ලීම් දිනා ගන්නත් ක්‍රම තිබෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට පාර අවහිර කරන විදියට හැසිරිලා හරියනවද? දැන් බත්තරමුල්ල පැත්තට හවස වැඩ ඇරිලා ගෙදර එන මිනිස්සු මේ වෙලාවේ අන්තරේ අයගේ මෑණියන් වහන්සේලා මතක් කරගෙන ඇති. (නදී)
මෙදා සැරේ දෙනවා බැටේ (නදී)
දෙන දෙයක් කාල හරියට ඉගෙනගෙන හොඳ රැකියාවක් හොයාගන්න උත්සහ නොකර නිකන් දේශපාලන අත කොලු වෙලා බොරු වැඩ පෙන්නන මේ ළමයින්ට දෙයියන්ගේම පිහිටයි. (නදී)
පාලිත, රුවනි, සමන්ජය, ඔයාලා ගැන ගොඩක් දුකයි. විශ්ව විද්‍යාල ළමයි කියන්නේ හරක් ජාතියක් නෙවෙයි. (නදී)
බුදු හාමුදුරුවන්ගේ පලවෙනි පාඩම දන්නේ නැති අය. අතේ පිරිත් නුල් යාරයක් බැදගෙන අන්තරේට බනිනවා. නිදහස් අධ්‍යාපනය නැත්නම් ඔය කවුරුත් මේ පත්තරේ කියවන්නවත් ඉගෙන ගන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කරන අරගලයට සහය දෙන්න. මේ ගුටි කන්නේ හෙට පරපුරට අපි ලබපු නිදහස් අධ්‍යාපනය ඉතිරි කරලා දෙන්න. ඔවුන්ට ජය වේවා ! (නදී)
මම 1984 දී කැම්පස් ගිය කෙනෙක්. ජේ ආර් ගේ ආණ්ඩුවෙන් හොඳට බැට කෑවා. අපව දිරිමත් කලේ දැන් සිටින පාලකයින්. නමුත් දැන් හිතෙනවා ජේ ආර් හොඳයි කියලා. ඇත්ත තත්වය මෙයයි. පහරදීම් සධාරණය කරන්න එපා. අපට සහ අපේ දරුවන්ට මෙතරම්වත් අධ්‍යාපනයක් ලැබුනේ කන්නන්ගර මහතා මෙන්ම සිසු විරුවන් නිසයි. පාලකයන් නිසා නොවේ. (නදී)
මේ අය ඉල්ලන්නේ ඕක තමා. ඔයිට අමතරව වෙඩි තියවා ගන්නත් උත්සහ කරනවා. එතකොට අර බළල් අත් වලට පුළුවන් ඒක හොඳට අළෙවි කරන්න. ආදරණීය අම්මේ, තාත්තේ ඔයාලගේ දරුවෝ රැකගන්න. දරුවෙකුට මොනවා හරි උනොත් ඔය කවුරුත් ඔයාල එක්ක ඉන්නේ හත් දවසේ දානෙ වෙනකම් විතරයි. අවුරුදු විසි ගණනක් විඳපු දුකත් එක්ක සදහටම දුක ඔයාලට. (නදී)
ඔය නොදරුවන්ව අත ඇරලා එයාලව මෙහෙයවන අයව අල්ලාගෙන දෙන්න මාස හත අටක් ඉස්පිරිතාලේ ලගින්න. බිලි ඉල්ලන එවුන්ට දෙන්න එයාලගේ හාම්පුතුන්ට 88/89 මතක් වෙන්නම. මං හිතන්නේ වැඩේට ඔය වැඩ ඇරිලා එන්න බැරිව හිර වෙලා ඉන්න කට්ටියත් කැමැත්තෙන්ම ඒවි. (නදී)
කැම්පස් ළමයි නිකන් අසාවට වතුර ගුටි කඳුළු ගෑස් කන් නැහැනේ. රටේ උසස් අධ්‍යාපනයට බුදු සරණයි. මේ වගේ උසස් අධ්‍යාපන ඇමතිලා ඉන්නකොට කොහොමද රටක් හදන්නේ. සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න ඇති වෙන්න කලින් ඕව විසදන් නැති එකේ වරද තමා. ඡන්දයක් තිබ්බේ නැත්තම් ළමයින්ට සලකන හැටි දන්නවා වගේ ගොන් කතා කිව්වම තරුණ ළමයි කුපිත වෙන එක අහන්න දෙයක්ද?මෙතන ඉන්න සමහර අය කතා කරන්නේ කෙලින්ම නාකි උනා වගේනේ. (නදී)
කොල්ලනේ උඹලට හමුදා පුහුණුව දුන්නනේ දැන් උබල වැඩ පෙන්නපල්ලා ..නැත්නම් උඹලා ගනිපු පුහුණුවෙන් වැඩක් නැහැ. (නදී)
චමින්ද , ඕස්ට්‍රේලියාවේ ඉන්න ගමන් ලංකාවේ ඉන්න අයට උපදෙස් දෙන්න යන්න එපා. මෙතන පාර අවහිර වෙලා කරදර විදින්නේ ලංකාවේ ඉන්න මිනිස්සු මිසක් ඔය පිටරට ඉඳල දේශපාලනය කරන ඔයගොල්ලෝ නෙවෙයි. (නදී)
නාම යෝජනා දුන්නම හොද හොද සෙල්ලම් බලා ගන්න පුළුවන් (නදී)
හිමන්ත, හැමෝම හරක් නොවුනට මේකේ නායකයෝ නම් බ්‍රේන් වොෂ් කරගත්තු හරක් තමයි. නැත්නම් දේශපාලන පක්ෂවලට මෙහෙම කඩේ යයිද ? මෙයාලට ඕනේ තවත් සිසු මරණයක්. එ්කට තමයි මේ දගලන්නේ. (නදී)
සමන්ජය , ඔය ගොල්ලන් දුක් වෙන්න ඕනා ඔයගොල්ල ගැනමයි. අපේ ඥාති නංගි කෙනෙකුට නියමිත කාලෙට කලින් දරුවා ලැබෙන්න අමාරු වෙලා මේ පාරේදී වාහන තදබදයට අහු වෙලා. දැන් ආරංචිය ආවා දරුවා නැති වෙලා. කලින් ගෙනාවා නම් අම්මාට ඉන්ජෙක්ෂන් එකක් දීලා බේරා ගන්න තිබුනාලු. ඔයා හම්බ වෙන්න යනකොට ඔයාගේ අම්මට මේ වගේ කරදයක් වුනා නම් කොහොමද ? (නදී)
චමින්ද, ඔය ගුටි කන්නේ නෙමෙයි පොලිසිය ගුටි දෙන්නේ හෙට පරපුර වෙනුවෙන් තමයි. හෙට පරපුරට සරසවියක් ඉතුරු කරලා තියන්න නම් ඔයාලව හත් අටමාසයක් ඉස්පිරිතාලෙක තියවන්න ඕන කොහොමත්. (නදී)
අන්තරේ ඉල්ලනේ බිල්ලක් විතරයි.බිල්ල ගත්ත හැටියේ ඕක නවතියි. ඊට පස්සේ මිනිය උස්සන් රට වටේ යයි. ඕක තමයි කියන්නේ නිදහස් අධ්‍යාපනේ රැක ගනිමු කියලා.(හේ)
අයේෂ් මේ රටේ තරුණ ළමයි විතරක් නෙවෙයි ඉන්නේ. එහෙම නම් මේක අමුතු රටක්. මේ ළමයින්ට කලින් සරසවියට ගිහින් අත්දැකීම ඇති වැඩිහිටියොත් ඉන්නවා. ඒ අයගේ හිස කෙස් සුදු වුනේ නිකන් නෙවෙයි. ඇමති ගැන මේ රටේ හැමෝම දන්නවා. හැබැයි සමහර සරසවි සිසුන් වහු පැටව් වගේ හැසිරෙනකොට අපිටත් කරන්න දෙයක් නැහැ. (නදී)
පාර අවහිර කරලා ආණ්ඩුවේ උද්ගෝෂණයක් කරන වෙලාවටත්, නාමල් බේබිල රේස් පදිනකොටත්, මෝඩ ඇමතිලා කඩේ යනකොටත් මේවා වෙනවා එතකොට මේ කියන අයගේ ප්‍රශ්න වෙන්නේ නැද්ද. ප්‍රශ්න ඇති කිරීමට හේතුව හොයන්න. (නදී)
ඒවාට සමබන්ධ වෙලා බැරිවෙලාවත් අතක් පයක් කඩලා ගිය දවසට ඔය සහෝදරයන් ටික ඉඳීවි සාත්තු කරන්න. (නදී)
මේ ළමයි මේ කෑ ගහන්නේ, පෙලපාලි යන්නේ ආසාවට නෙමේනේ. පොදුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අර්බුද නිසානේ. මේ අර්බුද නිර්මාණය කරන්නේ මේ ළමයි නෙමේනේ. මේ රටේ ඉන්න පාලකයොනේ. ඔවුන් මේ තරුණ පුරපුරේ අදහස් ද තේරුම් අරගෙන පවතින ගැටලු විසදනවා වෙනුවට මර්ධනයක් ගැන හිතනවා නම් ඔය විධියට අනිත් ක්ෂේත්‍රවල අයටත් මේ විධියට පාරට බහින්න සිද්ධ වෙයි. අනික මේ අයට බැනලා කමෙන් දාලා තියන අය පොඩ්ඩක් ආපහු හැරිලා බලන්න. මොකද මේ ළමයි පෙනී සිටින්නේ ඔබගේ ද දුවා පුතා ද ඇතුළු මුළු රටේ සිසු පරපුරට බලපාන අධ්‍යාපන ගැටලු නිසා බව. (නදී)
මේ දරුවන්ව "හත් අටමාසයක් ඉස්පිරිතාලෙක තියවන්න ඕන" කියන බන්දුල පෙරේරව වැලිගම් යවන්න වටින්නේ (නදී)
මෙතන වැඩි පුර ඉන්නේ ඉරිසියාකාරයෝ. උන්ට ඉගෙනගන්න බැරි උන එකට තියෙන ඉරිසියාව (නදී)
මේ ගයාත්‍රි , ඇමතිලාවයි බේබිලාවයි හදන්න යන්න කලින් අපිට කියනවද මෙතන තමන්ගේ විභාග ටික හරියට වෙලාවට කරගත්ත කී දෙනෙක් ඉන්නවද කියලා. රට හදන්න යනවා. මේ රටේ ඉන්න එකම මිනිස්සු කොට්ටාශය සරසවි සිසුන් විතරක් නෙවෙයි . රටේම මිනිස්සු මෙහෙම එක එක දේවල් ඉල්ලා එලියට බැස්සා නම් කොහොමට හිටීද ? පුළුවන් නම් රට හදන්න ගිහිල්ලා ඔක්කොම සරසවි පුද්ගලීකරණය කරගන්නවලා. ඇමතිත් ඉන්නේ ඒකටම ලැස්ති වෙලා නේ. (නදී)
මම මේ වැඩේට කැමති නැති වුනත් අරුණ මල්ලි ගේ ශිෂ්ඨ සම්පන්න අදහස් ඉදිරිපත් කිරීමට ගරු කරනවා. මෙතන අදහස් ලියන සමහරු කට අරින්නෙම සරසවි නොගිය නුගතුන් යනුවෙන් සෙසු පාඨකයන්ට ගරහමින්. ඉතින් සහයෝගය ලැබෙන්නේ කොහොමද ? අරුණ ගේ සරසවි අධ්‍යාපනය සාර්ථක වේවා. (නදී)
ගයත්‍රී නෝනෝ, හේතුවක් නැතුව කිසිවක් ඇති වෙන්නේ නැහැ. ඔය හේතුවේ මොනවා හොයන්නද?. හේතුව ජනවාරි වල ජාතික මැතිවරණයක් එන එක. ඒකට විකුනන්න කට්ටිය හාම්පුතුන්ට බිලි හොයනවා. (නදී)
අටවත් පාස් නැති ඇමතියෝ ටික සහ උන්ව රකින පොලෝසියේ කෙරුමෝ ටික දන්නේ ඔච්චර තමයි. (නදී)
අන්තරේ යන්නේ රට අන්තරාවට හෙළන්නයි. බංකොලොත් විප්ලවකාරයින් සිසුන් රවටා සැමදාම ඔවුන්ගේ කරපිටින් යනවා. අහිංසක සිසුන් ඉගෙනීම කඩාකප්පල් කරගන්නවා.මේවා මෙහෙයවන අය විශ්ව විද්‍යාල ඉගෙනුම ලබන්නට තරම් උගත් අය නොවේ. එනිසා අනාගත පරම්පරාවම ඔවුන් ලෙසම පාරට දැමීමටයි සැරසෙන්නේ (නි)
රටේ ඇති සීමිත සම්පත් කෙරුම්කාරයින්ට පමණක් හිමිවීමට එරෙහිවිය යුත්තේ සරසවි සිසුන්මය. රටේ දුෂණය නාස්තිය යන්තම් හෝ අඩුවන්නේ මේ දරුවන් නිසාමය (නි)
නිදහස් අධ්‍යාපනය රැකගන්න දරුවනේ, සටන් කරපල්ලා! දේශපාලන හෙන්චයියලාට යටවෙන්න එපා. 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්න බැරිද? (නි)
මේ ළමයින්ගේ අරගලයට අපි සහයෝගය දෙන්න ඕනෑ. කිව්වත් වගේ කාර් රේස් යනකොට පාරවල් අවහිර වුණාට කමක් නැද්ද? (නි)
වගකිවයුත්තෝ තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැතිබව ඇත්ත. ඒත් ඔය අහිංසක ළමයින්ව පාරට ගන්න එක නම් අන්තිම කැත වැඩක්. (නි)
සටන අතාරින්න එපා.(හේ)
මේ අය නිසා තමයි කැම්පස් ටික බේරිලා තියෙන්නේ. (හේ)
පොලිසියට දොස් කියලා පලක් නෑ, ඔය ළමයිනුත් කවදා හරි පොලිසියේ රැකියාවට ගියොත් කරන්නේ ඔය ටිකමයි, (හේ)
ඉල්ලීම් ලබා දීම රජයේ වගකීම.(හේ)
මෙතන ළමයි පොලීසියට බනිනවා වගේම ලියන අයත් අධ්‍යාපන සුදුසුකම් අල්ලගෙන අනිත් අයට අපහාස කරනවා.මේ සිසුන්ගෙන් 90%ක්ම ක්‍රියාකාරීන් අපොස යන්තම් සමත්වෙලා ආ අයයි.වෛද්‍ය පීඨය ඉංජිනේරු පීඨය මේවාට ඇති සම්බන්ධය හරිම අඩුයි.ඒ අයගෙනුත් දුෂ්කර පළාත් වල ආර්ථික අඟහිඟකම් වැඩි පවුල් වල ළමයි තමයි වැඩිපුර යොමුවෙන්නෙ. මේ ටික කවුරු කවුරුත් දන්නවා. (නි)
සේනක, කාර් ධාවන තරඟ තියන්න කියලා වැලි කොට්ට පාරේ දෙපැත්තේ දාලා පාරවල් හරස් කරගෙන සති දෙකක් තිස්සේ කරන දේවල් වලට මොකද කියන්නේ? නිකන් බොරු බයිලා ගහන්න එපා. (නි)
කවුද කියන්නේ මේ අපේ අනාගතය කියලා. කරන වැඩ වල හැටියට නම් මොනම දෙයක්වත් ඉගෙනගන්න පාටක් නැහැ. (නි)
අයේෂ්, ගණන් ගන්න එපා.මෙතන අදහස් දාන උදවියට රුපියල් ලක්ෂ 65 ක් දීලා පුද්ගලික විස්වා විද්‍යාලයකට යවනවා තියා දරුවන්ට තුන්වේල කන්න දෙන්න සල්ලි නැහැ.මෝඩකමට බෙහෙත් නැහැනේ (නි)
බුදු හාමුදුරුවෝ දේශනා කළා වගේ එකම පාරේ ගමන් කරන්නේ නැතුව, ඔය ඉන්න සියලුම දෙනා ලංකාවේම දසත විහිදිලා, මිනිසුන්ට සත්‍ය පහදලා දීලා ඉදිරියේදී එන මැතිවරණයේදී ඇපත් නැතිවෙන්නම දෙන්නයි තියෙන්නේ. (නි)
පොලිසියට පහසු නැද්ද සිසුන් දහස් ගණනක් පාලනය කරනවට වඩා අර එක්කෙනෙක් බැඳලා දැම්මා නම්? අනිත් දේ තමා ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් කියලා රොඩ්ඩක් හෝ ඉතුරුවෙලා තියෙන්නේ ,සමහර මිනිසුන්ට පිස්සො වගේ පෙනෙන මේ සිසු ව්‍යාපාරය නිසා. (නි)
අර සමන්ජය මොනවද කියවන්නේ? (නි)
ලංකාවට ගිය කල! (නි)
කිසිම දිනක බලයට ආවේ නැති, කිසිම දිනක බලයට එන්නටද බැරි බංකොලොත් දේශපාලකයින්ගේ මර උගුල් වලට අසුවී දඟලන දරුවනේ, නුඹට තමන් කළ වැඩ තේරෙනකොට හොඳම කාලය නුඹ විසින්ම නාස්ති කරගෙන. තනිවම පාලු තැනකට ගොස් කල්පනා කර, මම මේ කියූ දේ ගැන හිතන්න (නි)
වෙන් වෙන්වෙලා ඉල්ලන්නේ නැතුව මුළු විපක්ෂයම එකට එකතුවෙලා ඡන්දය ඉල්ලන්න. රටේ දුක්විඳින මිනිස්සු ගැන හිතලා දැන්වත් විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක් එවන්න. ප්‍රථමයෙන් රට නිදහස් කරගන්න. තනතුරු පස්සේ කතා කරගන්න. නැත්නම් සමස්ත දුක්විඳින ජනතාවටම ඉල්ලන් කන්නයි සිද්ධ වෙන්නේ. (නි)
නිදහස් අධ්‍යාපනය කියන්නේ පාරවල් වල උද්ඝෝෂණය කරනවටද? ලංකාවේ පමණයි සරසවි අධ්‍යාපනය නිකන් ලැබෙන්නේ. වෙන රටවල එහෙම නැහැ.නිකන් දෙන දේ වටිනාකමක් නැහැනේ! ඒ නිසා පුතේ ,හැමදාම මෙහෙම කරමු.අහිංසක දෙමාපියන්ගේ බලාපොරොත්තු වතුරේ! (නි)
ගයනි, බොරුවක් කියන්න පිළිගන්න පුළුවන් විදියට. (නි)
මේ කොල්ලෝ මේ විදියට ගුටිකන්නේ ඔවුන්ගේ වගේම අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. ඔවුන්ගේ සාධාරන අරගලය ගැන මේ වගේ කතා කියන මිනිස්සුත් ඉන්නවනේ හැබෑටම! (නි)
මම නම් අන්තරේටයි නවක වදය දෙන ජ්‍යෙෂ්ඨ උත්තමයින්ටයි ස්තුති කරනවා. ඒ කට්ටියට තිබුණු බය නිසා මම මගේ ළමයි විශ්ව විද්‍යාලයට යැව්වේ නැහැ. එන්.අයි.බී.එම්. එකට දැම්මා. අද ඒ ළමයි ඒ ආයතනය හරහා පිටරට උපාධිත් අරගෙන පිටරටවල වැඩ කරනවා. මෙහෙ විශ්ව විද්‍යාල වලට ගියා නම් රටටත් තමන්ටත් වැඩක් නැති 'මොළපාලුවෝ' බවට ඔවුන් පත්වෙන්න තිබුනා. (නි)
සාධාරන ගැටළු නම් එයට වහාම වගකිවයුතු නිලදරයින් විසදුම් ලබාදිය යුතුය. එසේ නොමැතිව දේශපාලන අරමුණක් නම්, එහි පසුපස සිටින පුද්ගලයින්ට ප්‍රසිද්ධියේ දැඩි දඩුවම් ලබාදිය යුතුය (නි)
සරසවියට යන්නේ මොළය වැඩි අය නෙමෙයි, නැත්තටම නැති අය වගේ. (නි)
අපි නම් අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගෙනගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩිවෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ විශ්ව විද්‍යාල ඉන්නේ ඉතාම පහළ මට්ටමක. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තිබෙනවා. අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතාකරනකොට අන්තරේ මොළසේදූ දේශීය උපාධිකාරයා කතාකරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කළ උද්ඝෝෂණ , උපවාස, පොලිසියෙන් ගුටි කෑ ඒවා. ඉතින් මේ අය ඉබේම කොන්වෙනවා. අපි බැබළෙනවා (නි)
ලංකාවේ රැකියා කරන අයගෙන් 99% ක්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ගිය අය. නමුත් ඒ අයට මුල අමතකයි. අපි මුල අමතක කරන්න හොඳ නැහැ. අනාගත දුප්පත් දරුවන් වෙනුවෙන් පාරේ අවහිරතා ඉවසන්න. ඔය අදහස් වලින් සිසු සටන බාල්දු කරන අය පොල් රොටි කාලා ඇල්වතුර බීලා ඉගෙනගෙන ඉහළට ගිය අය තමයි. අසාධාරන ඉවත්කරන්න සටන් කරන එක වැරදිද. නිදහස් අධ්‍යාපනය සටන බාල්දු කරන අය තමන්ගේ මව්පියන්ට සළකන්නෙත් මෙහෙමයි. මගේ වයස 51 යි . අපි 18දි වාගේම 51දිත් සත්‍යය දකිනවා. (නි)
මෙයාලා උපාධිය කරගෙන ඉක්ක්මනට රැකියා වලට යන්න හදන්නේ නැතුව සරසවියටම නාකිවෙන්න යනවා. ඒකෙන් අලුතෙන් ගන්න ඉන්න කණ්ඩායමටත් පරක්කු වෙනවා. (නි)
මේ වගේ අය උපාධි අරන් එලියට ඇවිත් කරන්නෙත් ඕව තමා. මේ අයට නිදහස් අධ්‍යාපනයෙන් උගන්වන එකත් පවක්. සල්ලි දීල ඉගෙන ගන්නවා නම් කටයි පස්ස පැත්තයි වහගෙන ඉගෙන ගනියි (නදී)
රටට අනාගතයක් තියෙන්න නම් බන්දුල පෙරේරා වහාම අංගොඩ මානසික රෝහලේ නේවාසික රෝගියෙක් විදිහට ඇතුල් කලයුතුමයි . දැන්නම් අධ්‍යාපන ඌනතාවය කියන රෝගය එයාට ගොඩක් වැඩිවෙලා. (නදී)
අයිතීන් වෙනුවෙන් හඬ නගන්න. බහුතර යහපත වෙනුවෙන් දිවි පුදන්න සරසවි කොල්ලෝ කෙල්ලෝ ඕනෑම වෙලාවක සුදානම්. මොකද උන් දන්නවා රටක් හරි මග යන්නේ උගතුන් වැඩිවෙන තරමට කියලා. නමුත් සමහරු හිතන්නේ කුඩුකාරයෝ වැඩි වෙන තරමට තමයි හොඳ කියලා (නදී)
හැමදාම එක්කෝ ජනාධිපති මන්දිරයට 3000 යන්න හදාවි. නැත්නම් පාර්ලිමේන්තුවට 3000 යන්න හදාවි. මේ මැට්ටන්ට තේරෙන්නේ නැද්ද මෙච්චරවත් දෙයක්. අනවශ්‍ය කරදයක්. මේවා මීට වඩා ශිෂ්ට විදියට කලානම් තමයි නිවැරදි. (නදී)
පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ අනික් හැම රටකම පාහේ තිබෙනවා. මෙහෙම නිදහස් අධයාපනයක් දෙන රටක් ලෝකයේ කොහෙවත් නැහැ. හොයලා බලන්න මේ ළමයි ඇවිත් තිබෙන්නේ විකෘති දේශපාලන පක්ෂවලට කඩේ යන්න. (නදී)
ලංකාවේ රැකියා කරන අයගෙන් 99% ක්ම නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ගිය අය. ඉෂාන් ට ගණිත දැනුම ආඩුයි වගේ. (නදී)
මේ සිසුන් පිටිපස්සෙන් ඉන්නේ කව්ද කියලා කවුරුවත් දන්නේ නෑ .අපේ අහිංසක නංගිලා මල්ලිලා දන්නේ නැතිවම අනවශ්‍ය දේවල් වලට පැටලිලා. වගකිව යුතු අය මේවා හොයා බලන්න ඕන.(හේ)
ගොඩක් අයට අමතකයි ලංකාවෙ තාම නිදහස් අධ්‍යාපනය සුරැකිලා තියෙන්නෙ මේ සටන් කරන අය හින්දා කියලා. (හේ)
මෙතන අදහස් දාන අයගේ අදහස් දැකක්ම නිදහස් අද්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය කී දෙනෙක් ඉන්නවද කියා හිතෙනවා සමහරු දක්වන අදහස් දැක්කම. (නදී)
අපිත් විශ්ව විද්‍යාල සිසුවෝ තමයි. ඒත් මේ අන්තරේ වගේ තිරශ්චීන කණ්ඩායමකට අපි සහය දෙන්නේ නෑ. එක එක දේශපාලුවන්ට කඩේ යන්නේ නෑ. මේ වගේ මහජනයාට අවහිර කරමින් අවුරුදු ගනන් පිකටින් කර කර දෙමාපියන්ගේ සල්ලි කන මේ අයට කැම්පස්වල අනික් ළමයි බේරගන්ඩ ගහල එළවන එක වටිනවා (නදී)
සාමා, බොරු කියන්න එපා දන්නේ නැති දේවලට. ලෝකයේ හැම රටකම උසස් අධ්‍යාපනයට වියදම් කරනවා. දියුණු බටහිර රටවල හැමටම ශිෂ්‍යාධාර දෙනවා. අමතරව ඒ දරුවෝ රැකියා කරනවා. නමුත් ලංකාවේ එහෙම ළමයින්ට ඉගෙන ගන්න ගමන් රැකියා දෙනවද. (නදී)
මෙතන ඉන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නෙමේ. රස්තියාදු කාරයෝ. පෙන්නේ නැද්ද?(හේ)
රටක තරුණයෝ වැරදි වලට විරුද්ධ වෙන්නේ නැත්නම් එ්ක මැරුණු ජාතියක්. නිකම් බොරු හේතු කියමින් පාරේ යන්න ඉඩ නැහ කියමින් බනින්න එපා (නදී)
මේ ගුටි කන්නේ අපි කාගේත් දරුවෝ අපි මීට වැඩිය සංවේදීව මෙම ප්‍රශ්ණය දිහා බැලිය යුතුයි (නදී)
ඉෂාන් පොල් රොටි කාල ගිය අයත් ඉන්නවා හැම් බේකන් කාල ගිය අයත් ඉන්නවා. නොකාම ගිය අයත් ඉන්නවා. ඒක වෙනම කතාවක්. නිදහස් අධයාපනය එහෙමම තියනවා. ඒක නැති කරන්න කවුරුත් හදන්නේ නැහැ. මෙතන සිද්ද වෙන්නේ වෙනම දෙයක්. ලගදී ජනාදිපතිවරණය තියන නිසා රජය අපහසුතාවයට පත් කරන්න බංකොලොත් දේශපාලුවන්ගේ උසි ගැන්වීමට යටවී කරන මෝඩ ක්‍රියා දාමයක් (නදී)
මේ වෙලාවට තමයි අපේ ප්‍රේමදාස මහත්තයා ඕන වෙන්නේ. (නදී)
මේ කරන දේවල් වලින් විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන ඉඩකඩ වැඩි වෙනවා.(හේ)
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ගේ අයිවාසිකම් වෙනුවෙන් සටන් වදින්න. (හේ)
මේ වගේම විරෝධතා දන්වපු උදවිය දැන් ඒ ළමයින්ට බනිනවා.(හේ)
මේ අය පාරට බහින්නේ නැතුව කතා කරලා මේක කරගන්න තිබුණනේ.(හේ)
බොරු වැඩ වලට කාලය නාස්ති කරන්නේ නැතුව ඉගෙන ගත්තා නම් මොකද?(හේ)
මේ සිසුවෝ සිය දහස් වාරයක් මේවා කතා කරලා විසඳගන්න උත්සහ කළා.. බැරිම තැන තමයි මෙහෙම පාරට බැහැලා තියෙන්නේ.(හේ)
මම දැන් මේ පිටුවට අවුරුදු 2 ක ඉඳන් ලියන්නේ. මගේ නමින් ලියපු සිද්ධිය මම ලියපු එකක් නෙවෙයි. (නදී)
බන්දුල බටහිර සංවර්ධිත රටවල, විශ්ව විද්‍යාලවල ඉගෙන ගෙන තියෙනවද? ලංකාවේ අට පාස් නැති මිනිහා කොහොමද පිටරට විශ්ව විද්‍යාලවලට ගියේ ? අපි නොදන්න බන්දුල. මෙතන ඉන්න අනිත් පාඨකයෝ මැට්ටෝ නෙවෙයි. (නදී)
ප්‍රශ්න වලට විසදුම් හොයන විදි තියෙනවා. එත් ඒවා ඔක්කොම හරියන්නේ නැති නම් මේ විදියට කරන්නත් වෙනවා. එත් මහජනයාට කරදර නොවෙන විදියට.(හේ)
අශාන් බලන්න ඔය කලබලේ අස්සේ ඔයාගේ වලිගෙ කාට හරි පෑගිලා කැඩිලද කියලා. හොදට අත ගාල බලන්න ඒක තියෙනවද කියලා. ඒක නැති උනොත් ඔයාගේ අනන්‍ය තාව නැති වේවි. මොකද අන් ඇති සහ නැති ගොන්නු හිටියට වලිගෙ නැති ගොන්නු ඉන්න විදියක් නැහැ. (නදී)
ඉල්ලන් කනවාට වඩා හොදයි කුලි වැඩක් කරගෙන ජීවත් වුණානම් කාටත් කරදරයක් නෑ.(හේ)
මාර්ග තදබදය ඇති වෙන්නේ උද්ඝෝෂනයක් තියෙන දවසට විතරද?(හේ)
පද්මිණි මොකද හීනෙන් නැගිටලා වගේ කෑගහන්නේ. මගේ ඥාති පුතෙක් ඕස්ට්‍රේලියාවේ සරසවියක අධ්‍යාපනය ලබනවා. ඔහු අර්ධ කාලින රැකියාවක් කරනවා. සුපර් මාකට් එකේ බඩු ප්‍රවාහනය කරන රියදුරෙක් ලෙස සේවය කරන්නේ. අපේ ලංකාවේ සරසවි ළමයින්ට මහ ඒජන්ත කම නැති නම් තත්වෙට හරියන්නේ නැති නිසා ලංකාවේ රැකියාවල් නැහැ. (නදී)
මේ ගොල්ල නවක වදය නැති කරන්නත් මේ විදියට සටන් කරන්නේ නැත්තේ ඇයි? ඒවා වැරදි නෙවෙයිද ? රටේ වැරදි හදන්න යන්න කලින් තමන්ගේ වැරදි හදා ගන්න. (නදී)
මේ අය කරන මේ දේවල් නිසා කිසිම ආයතනයක් ඔවුන්ට රැකියාවක් දෙන්නේ නැහැ . කවුද කැමති තමන්ගේ ආයතනය බංකොලොත් වෙනවා දකින්න .(හේ)
පව් අහිංක ළමයි.(හේ)
පාලිත, අහිංසක මිනිස්සු ගැන කතාකරන්න කවුරුවත් ඉන්නවද? (නි)
ඇත්තටම , මේ ප්‍රශ්න නිසා පිළිවෙලකට ඉගෙනගන්න සරසවි සිසුන්ටත් අනාගතයේ පුද්ගලික අංශයේ රැකියා අවස්ථා අහිමිවෙනවා. පුද්ගලික අංශයෙන් සළකා බලන්නේ උපාධි සහතික වලට වඩා රැකියා කුසලතා ගැන. විශේෂයෙන් ආයතන දියුණුවට අනෙක් සේවකයන් සමඟ සහයෝගයෙන් සාමුහිකව වැඩකිරීමේ හැකියාව. (නි)
අපි කවුරුත් ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන් .. අපි හැමෝම එකතු වෙලා ඒක රැකගන්න ඕන.... නැත්තං අනාගතේ අපේ දරුවන්ට උගන්වන්න අපිට කෝ සල්ලි? (අ)
රැක ගන්න නිදහස් අධ්‍යාපනයක් දැන් කොහෙද චන්දන මහත්තයෝ තියෙන්නේ..මොන්ටිසෝරියේ ඉදල අම්ම තාත්තගේ තුට්ටු දෙක ටියුෂන් කඩ වලට පුජ කරන අධ්‍යාපනයක් මිසක් ..අද පාසල් නමට පමණයි..පහේ ශිෂත්වයට පන්ති යන්නේ දෙක වසරේ ඉදල..සාමාන්‍ය පෙළ උසස් පෙළ කතා කරලා වැඩක් නැහැ..මේ විදියට සල්ලි දීල ඉගෙන ගෙන කැම්පස් යන එකාට කැම්පස් එකේදී මොකද මේ නිදහස් අධ්‍යාපනයක් මතක් වෙන්නේ.සේවාව අයිතිවාසිකමක් කරගෙන අරක නැහැ මේක නැහැ අරක අඩුයි මේක අඩුයි අරක දීපියව් මේක දීපියව් කියා කියා පාරක් පාරක් ගානේ මිනිස්සුන්ට වද දිදී මොර දෙන්නේ..රජයෙන් තමන්ගේ අඩුපාඩු සියල්ල සපුරා දිය යුතුයි කියල හිතාගෙන රජයේ සියලු රැකියා අවස්ථා තමන්ට පමණක් හිමිවිය යුතුයි කියල හිතා ගෙන මේ කරන විගඩම දැන්නම් අපිට අප්පිරිය වෙලා තියෙන්නේ.. එක්කෝ ඉගෙන ගනිල්ලා..නැත්නම් ඉගෙන ගන්න එවුන්ට ඉඩ දීල ඕකෙන් චුත වෙයල්ලා..එතකොට නිදහස් අධ්‍යාපනේ නිකම්ම රැකේවී.ඒක රැක ගන්න ඔච්චර ගුටි කන්න නාන්න කදුලු ගැස් කන්න ඕන නැහැ.(අ)
උපකාරක පන්ති වලට උඩ පැන පැන වියදම කරලා සරසවියට ආපු කට්ටිය නිදහස් අධ්‍යාපනය ගැන කියන සමහර දේවල් පිළිගන්න අමාරුයි. (හේ)
"අපි කවුරුත් ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන් .. අපි හැමෝම එකතු වෙලා ඒක රැකගන්න ඕන.... නැත්තන් අනාගතේ අපේ දරුවන්ට උගන්වන්න අපිට කෝ සල්ලි?(හේ)
අන්තරේ ආණ්ඩුව වෙනුවෙන් උද්ගෝෂණ කළා නම් මල් මාලා දාලා පාර්ලිමේන්තුව ඇතුලටත් ගනියි. එහෙම කරන අයට පාර අවහිර උනාට කමක් නෑ. උඹලගේ පන්තියේ අසාදාරණයට එරෙහිව කෑගහන කොට උන් දේශද්‍රෝහියෝ උන් අමනයෝ. හැමෝම හිතන් ඉන්නේ මේ රට පාලනය කරන්නේ දියසේන කුමරයා කියලනේ කවදාවත් කන්නන්ගරලා බිහිවෙන්නේ නෑ ලංකාවේ. හැබැයි අපේ ශිෂ්‍ය ව්‍යාපාරය කොයි බාදක ආවත් එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. එදා උන් සටන් වෙනුවන් දිවි පිදුවා අධ්‍යාපනය රකින්න කකුලක් අතක් කඩාගෙන හරි උන් අපේ අයතීන් වෙනුවෙන් පෙරමුණ ගන්නවා. ජය ශිෂ්‍ය ව්‍යාපාරයට (නදී)
නිදහස් අධ්‍යාපනය රැක ගන්න පවත්වපු රැලියෙන් පාර පැය කීපයක් අවහිර උනා. බැනුම් කෝටියයි. ඔය පාරේ නයිට් රේස් එකක් තියන්න දවස් ගානක් වැහුවා නම් කෙහොමද? (නදී)
ලසිත්, මම නම් දන්නා විදියට නයිට් රේස් තියන්නේ රැට. සාමාන්‍යයෙන් රථවාහන තදබද නැති රාත්‍රී කාලයේදී. කවදාවත් ඒකට මහදවල් දින ගණන් පාරවල් වැහුවා කියලා නම් දන්නේ නැහැ. ලංකාවේ කොළඹ කිට්ටුව ඉන්න අපිට හොරෙන් එහෙම එකක් නම් වුණේ නැහැ. කොහොම වුණත් ඒකත් එපා කියලා අපිත් කියනවා. ඒවා ඔය වෙන සුදුසු තැනක තියනවා මිසක් කොළඹ මැද්දෙ රාත්‍රී දොළහටවත් අවශ්‍ය නැහැ. මේ එහෙම දෙයක්ද? මේ ලක්ෂ ගානක් මිනිස්සු දවස තිස්සේ මහන්සිවෙලා දෙයියනේ කියලා ගෙවල් දොරවල් වලට යන වෙලාව. ඒ මිනිසුන්ට මේවා මෙහෙයවන අයගේ දෙමාපියන් මතක් වෙන්නේ නැද්ද? (නි)
ඔය වගේ වීරයෝ අපි ඕනෑතරම් දැකලා තියෙනවා (නි)
පොලිසිය ගැන මට ඇතිවෙන්නේ පුදුම තරහක් (නි)