කොළඹ ආනන්ද විද්‍යාලයේදී ගල් රෝලකට තද වී මිය ගිය සෙනිති නෙත්මිණි විජේසිංහ( 09) සිසුවා සෝ සුසුම් මැද අද අවසන් ගමන් ගියේය.
මාළඹේ උතුරු තලංගම පොතුඅරාව නිවසේ සිට තලාහේන පොදු සුසාන භූමීය දක්වා ගමන් කළ අවමඟුල් පෙරහරට මහා ජනකායක් එක්ව සිටියහ.
ආනන්ද ගුරුවරු , සිසුහු හා ආදී සිසුහු දහස් ගණනක් සුදු ඇඳුමින් සැරැසී සිය සඟයාට අවසන් ගෞරව දැක්වීමට ඇදී ආහ.
සිසුවාගේ සීයාගේ නිවසේ පැවැති මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් පසුව දේහය සුසානය කරා රැගෙන යනු ලැබීය.
ප්‍රභාත් විජේසිංහ පියාත් නිල්මිණි බස්නායක මවත් පුතනුවන්ගේ දේහය රැගත් මංජුසාව බෝහෝ දුරක් රැගෙන ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබැවින්ම මෙය එක්තරා ඛේදජනක සිද්ධියක් තමා. නමුත් ආනන්ද වැනි පාසල්වල මෙසේ සිදුවීම විශ්වාස කිරීමට අමාරුයි. පාසල් පරිපාලනයට පමණක් අත දික්කිරීමත් අසාධාරණයි. අපේ දූලා පුතාලත් තමන්ගේ ආරක්ෂාව පිළිබඳව වඩා කල්පනාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. සෑම සිදුවීම්වලින්ම අපි පාඩම් ඉගෙනගත යුතුයි. (අ)
ඔබට නිවන් සුව ලැබේවා!!! (අ)
පුතා ඔයාට නිවන්සුව පතමි (අ)
මෙවන් අකල් මරණයකට සංසාරේ යලි කිසි දිනෙක ගොදුරු නොවේවා....!! (අ)
ආදරණිය පුංචි පුතේ, විස්තරයක් ලියන්න වචන නැහැ. ඔබට නිවන් සුව ලැබේවා! (අ)
මගේ කී බෝර්ඩ් එක උඩත් කදුළු පුතේ .ඔයා ගෙනාපු ආයුෂ තමයි පුතේ .නැවත මතු ඇත බවයකදී මෙවැනි අකල් මරණයක් නොවේවා!!! (අ)
නිවන් සුව පතනවා පුතේ.මෙවන් විපතක් කාටවත් නොවේවා.(අ)
සිතට පුදුම දුකක් දැනෙනවා පුතාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා (අ)
පුතේ ඔබට නිවන් සුව (අ)
පොඩි දරුවට නිවන්සුව පතමි. (අ)
මහත් සංවේගයක් උපදවන දසුනක්! මවුපියන් දරුවන් හදා වඩා යම් දිනක දරුවන්ගේ කරපිටින් අවසන් ගමන් යන්නයි පතන්නේ. එහෙත් ඔවුන් නොසිතපු ලෙසින්ම ආදරණීය පුතුව සොහොන් බිමට ඔසවාගෙන යන්න මේ දෙමාපියන්ට සිදුවුනා. "අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති". තිර නොවූ සසරක හැටි! සේනිති පුතනුවන්ට සසර භවයන්හිදී දීර්ඝයෂ ලැබී, මතු නිවන් සුවයෙන් සැනසීම වේවා! (අ)
සොයුර, ඔබට නිවන් සුව! (අ)
හරිම දුක හිතෙන කතාවක් , මගේ ඇස්වලට කදුළු පිරුනා . සංසාරේ කිසිම දිනක මෙවන් කතාවක් අයෙත් අපට අහන්න නොලැබේවා . පුතේ නුබට මෙවන් අකල් මරණයක් ජාති ජාතිවත් නොවේවා (අ)
පුතේ නුඹට මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් සිදුනොවේවා. නිවන්සුව පතමි. (අ)
.හදිසි අනතුරෙන් මියගිය ආනන්ද විදුහල් චුටි පුතාට නිවන් සැප ලැබේවා (අ)
හරිම දුකයි මට මේක දැක්කම. පුතේ ඔයාට නිවන් සුව ලැබේවා, මතු ආත්ම භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (අ)
අනේ මේ දරුවාගේ මරණය සම්බන්දයෙන් කිසිම වගකිවයුතෙක් නැහැ ,පිටරටක මේක වුනානම් විදුහල්පතිl ,ඇතුළු අදාල ගුරුවරු මේකට වගකියන්න ඕන .ළමයින්ට නොගැලපෙන දෙයක්(යකඩ රෝල) ක්‍රීඩා පිටියේ තිබුනට.ලංකාවේ අය මේක හිතාමත කරපුදෙයක් නෙමේ වගේ කතා කියල ශේප් වුන.ලංකාවේ ජනතාවත් මේ ළමයාගේ කර්මය ,ගැන ආයුෂ මෙච්චරයි,නිවන්සප ලැබේව කියල ඉන්නවා.නමුත් මේක වුනේ මහා අයගේ නොසැලකිල්ලෙන් .(අ)
පුතේ උඹට නිවන් සුව. යලි මෙවන් අකල් මරණයක් අත් නොවේවා (අ)
හරිම දුකි..වෙන්න ඕන දේ වල ඉවරයි...මොනව කිවත් වේදනාව දැනෙන්නේ දෙමාපියන් දෙන්නට ..පුතාට නිවන් සුව ලැබේවා
මියගිය දරුවාගේ නාමෙන් හරි පාසල් වල සිසුන් සදහා ආරක්ෂක වැඩපිළිවලක් සෑදිය යුතුයි (අ)
පුතාට නිවන් සුවලැබේවා (අ)
හරිම දුකයි, හදිසි අනතුරෙන් මියගිය ආනන්ද විදුහලේ චුටි පුතාට නිවන් සැප ලැබේවා, (අ)
චුටි පුතේ ඔයාට නිවන් සුව පතමි.!!!!!!!!!!! (අ)
මෙම සිදුවීම ආනන්දයට පමණක් නොව මුලු පාසල් පද්ධතියටම මහත් කැලලකි. පාසල්වල අභ්‍යන්තර පරිපාලනයේ ඇති අසංවිධානාත්මක තත්වය කෙබදුද යන්න පෙන්නුම්කරන්නකි. මෙම සිදුවීම හුදෙක්ම හය හතර නොතේරෙන දරුවා පිටින් යවා මෙහි වගකීම බැහැර නොකළ යුතුය. (අ)
ආනන්දයෙන් ප්‍රඥාවේ නිම්වළලු ප්‍රසාරණය කරගනු පිණිස පැමිණි පුංචි සෙනිති ආනන්දයෙන් මරුතුරුලට යාම සැබවින්ම ඛෙද වාචකයෙකි. (අ)
මමත් අම්ම කෙනක්.මෙහෙම දකිද්දී ගොඩක් දුක හිතෙනවා.පුතේ කිසිම ආත්මයක් ඔබට මෙවන් දෙයක්නම් වෙන්න එපා.පුතාට නිවන්සුව ලැබේව. (අ)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ (අ)
පුතාට නිවන්සුව! මෙහෙම කියල අපි කාටත් පුළුවන් ඇඟ බේරගන්න. මේ වගේ දෙයක් වෙන්න හේතුව මොකද්ද කියල හොයල එකට පිලියමක් යොදන්න හිතන අය අද නෑ. ලංකාවේ කිසිම දෙයක වගකීම හරියට බාරදීල නෑ . එවගේම ඒ නිකමට වගේ බාරදීල තියෙන කාරිය පැහැර හරියට ප්‍රස්නයකුත් නෑ .ඒ නිසා වගකීම ඇඟට ගන්නේ නෑ.අන්තිමට වැරද්දක් උනාම කාටවත් ඇඟිල්ල දික්කරන්න බෑ.මේ සිද්ධිය දිහා බලල වත් ආයතනයයක විවිධ වගකීම් ලිඛිතව අදාළ පුද්ගලයන්ට බාරදිය යුතුයි.(අ)
මෙවන් අකල් මරණ වලට කුඩා ළමුන් පත් නොවීමට වග කීව යුත්තන් වගබලා ගන්න. පුතාට නිවන් සුව අත්වේවා (අ)
ලංකාවේ ජනයාට ආරක්ෂා වීම පිළිබඳව තිබෙන්නේ අල්ප දෙනීමක් හා ඒ සඳහා උනන්දු නොවීමක්. (අ)
බුදුන් දේශනා කල "සියලු දෙයම අනිත්‍යයි" යන්න මෙනෙහි කිරීමෙන් දුක තරමක් හෝ තුනී කරගන්න. දරුවාට නිවන් සුව පතන්නෙමු. (අ)
මේ වගේ සිද්දි ටික කාලයකින් අමතක කරලා දානවා .කාලයකට පෙර මේ වගේ සිද්දියක් කුරුණෑගල මලියදෙවේ උනා එත් පොඩි දරුවෙක් පිට්ටනියේදී තාප්පයකටත් වහනයකටත් හිර වෙලා නැතිඋනා .මේවා හිතල නොකෙරුවට සම්පුර්ණයෙන් නොසැලකිල්ල .විදුහල් වල ප්‍රමාදවී එන ,නිල ඇදුම් ගැන ,විනය ගැන බලනවා වගේම අනතුරු විය හැකි තැන් ගැන බලන්නත් වැඩිහිටි සිසුන් යොදවන එක හොද වේවි කියල හිතෙනවා .දරුවට සසර වසන තුරු මෙවන් අකල් මරණයක් ඇත නොවේවා.(අ)
පුතේ නුඹට නිවන් සුව ලැබේවා (අ)
ඉතාම සංවේගී දසුනුක්. අම්ම තත්ත කොහොම දුක උහුලන්ඩද? ඉස්කෝල වල විතරක් නෙමෙය් රට පුරාම මර උගුල්. රටේ සම්පත් ආරක්ෂා කරන්න මීට වඩා වගකීමක් ගුරුවරුන්ට තියෙනවා. (අ)
හරිම දුක් බර පුවතක් , පුතේ ඔබ ජාති ජාති මෙවන් අකල් මරණයකට පත් නොවේවා! ඔබට නිවන් ලැබේවා ! (අ)
පුතනුවනි සමාදානයේ සැතපෙවා (අ)
රොෂාන් හරියට හරි (අ)
විදුහල්පති මේකට වගකියන්නඔනේ (අ)
පුතේ ඔබට නිවන් සුව ලැබේවා. මව්පියන්ගේ සිත් වලට සැනසීමක් ලැබේවා. (අ)
පුතාගේ වියෝව දුකක්.මරණය අප කාටත් පොදු දෙයක්.පුතේ ඔබ රැගෙනගියේ වෛරය ඉර්සියාව තණ්හාව නැති නොකිලිටි සිතක් පුතාට සුගතිය ඒකාන්තය.ඔබට නිවන්සුව (අ)
මතුවටත් මෙවන් දේවල් සිදුනොවන්න වගකිවයුත්තන් ක්‍රියාකළ යුතුයි.පාසල් ළමුන් ගැන, ඔවුන්ගේ අධයාපනය ගැන ළමුන්ගේ ප්‍රශ්න ගැන රජයක් වශයෙන් කිසිම තැකීමක්වත් ප්‍රතිපත්තියක්වත් නැහැ. දරුවන් මහමග කහ ඉර උඩ පොලිස් වාහන වලට පවා යටකරගෙන ගිහින් තියෙනවා. සපත්තු දෙකක් ගන්න රුපියල් 500 හොයාගන්න බැරි ළමයින් ලැජ්ජාව නිසා පාසල් යන්න බැහැ කියල දිවිනසාගෙන තියෙනවා. කුඩා ළමුන් ලිංගික අතවරවලට සහ දුෂණයට ලක්වෙලා තියෙනවා. රටේ නීතිය දෙශපලකයන්ට බලපාන්නේ නැහැ. රටක නීතියක් කියල දෙයක් නැහැ. බොන්න වතුර ඉල්ලපු අයව වෙඩිතියල මරල දැම්ම. අනේ අපොයි මේ ධර්මදීවිපේ වෙන දේවල්. බුදුන් වහන්සේ ගේ නිර්මල ධර්මයෙන් කිසිම ප්‍රයෝජනයක් ලංකාවේ අය අරගෙන නැහැ. (අ)
නිවන් සුව ලැබේවා (අ)
සිතට පුදුම දුකක් දැනෙනවා පුතාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා (අ)
ඉතාම සංවේගී සිදුවීමක්,!නොදරුවන්ගේ පරිසරය සුරක්‍ෂිත නොකිරීමේ ප්‍රතිපලයක්.කවුරු කෙසේ කීවත් මෙය වග කිව යුත්තන්ගේ බරපතල අතපසුවීමක්.!පුතණුවනි ,ඔබට නිවන් සුව...(අ)
රොෂාන් ඔබගේ කියමන හරි ..මේක ලංකාවනේ නීතියක් නැති රටක ඕවා කතා කරලා වැඩක් නැහැ (අ)..
නිවන් සුව ප්‍රර්ථනා කරනවා (අ)
පුංචි පුතේ ඔබට නිවන් සුව ලැබේවා....දෙමාපිය අතේ එල්ලී පාසලට ගියේ අකුරු කරනට .නමුත් අද දෙමාපිය අතින්ම ඔසවාගෙන යන්න උනේ සොහොනට . යලි මෙවන් අකල් මරණයක් සිදු නොවේවා....ඉපදෙන්න යලි මේලොව...... සනසන්න ඔබ සැමදෙන..... (අ)
ඔවුන්ට තම පුතා ගැන කොච්චර සිහින තියෙන්න ඇද්ද ඔබලාට ඔහු නැතුව ජීවිතයට මුහුණදෙන්න දිර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනාව කරනවා (අ)
ගල් රෝල තියපු එකෙනට තමයි වග කියන ඕනේ ඔචර මෝඩද ළමයි ඉන් තැනක තියන්ඩ අහිංසික ළමයි මියගිය ළමයි ගන්න හිතල මිට වැඩිය ළමයි දිහා හොදට බලන්න කරුණාකරලා අවාසනාවන්ත මරණයක් පව් කොල්ල (අ)
රොෂාන් ඔබ වැන්නන් ලංකාවේ ජනගහනයේ බහුතරයක් වූ දාක මෙවැනි අනතුරු ගොඩක් අඩුවේවි . රිය අනතුරක් වුනත් අපේ මිනිස්සු කියන්නේ ඔබ ඉහත සඳහන් කල ඔය කරුණු ටිකමයි.. රිය අනතුරුවලින් විතරක් දවසකට දල වශයෙන් 5-8 ත් අතර ගානක් අනිවාර්යෙන් මැරෙනවා. නීති තද කරලා ක්‍රියාත්මක කලොත් ඒවත් ගොඩක් දුරට අඩු කරගෙන රට ආරක්ෂාකාරී රටක් බවට පරිවර්තනය කර ගන්න පුළුවක්. වෙර දරමු. .
හරි දුක හිතෙන කතාවක් මේක මේ පාසෙලේ ඉන්න ගුරුවරුන්ගේ වරද පුතා ඔයාට නිවන්සුව ලැබේවා (අ)
ආනන්දයට කදුලක් ගෙන ආව පුතා -- සිරිලක්දෙරන හැඩවූ පුංචි පුතා අපි සම ආදරෙයි ඔබහට පුංචි පුතා -- නිවනින් සැනසෙන්න පුංචිපුතා (අ)
පුතේ නුඹට නිවන් සුව පතමි (අ)
සෙනිති කියන්නේ වැඩි හිටියන්ගේ නොසැලකිල්ල නිසා මිය ගිය ප්‍රථම දරුවා නොවේ. එසේ මියයන අවසාන දරුවාද නොවේ. මෙය පිටිසර ගමේ පාසැලක සිදුවුවා නම් ගමේ මිනිසුන්ගේ මෝඩකම් ගැන මාසයක් කතා කරාවි. ලංකාවේ අග්‍ර ගණයේ පාසැලක ඔවැනි දෙයක් සිදුවීම තුලින් අධ්‍යාපනය ගැන කට මත දොඩවන විශේෂඥයින් හෙට දිනයේ රටේ අනාගතය වන දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොහේදී හෝ වචනයක් වත් කතා කර ඇත්දැයි අප ඍජුවම අසන්නෙමු. ලංකාවට හෙටක් තිබිය හැක. එහෙත් අනාගතයක් නැත. (අ)
ඒ දරුවාපතා ගෙන ආ හැටි වෙන්න ඇති (අ)
තමන්ගේ පුංචි පුතාව පස්වලට යටකරලා , සොහොනේ තනි කරලා , මේ අම්මයි තාත්තයි ගෙදර යන්න ඇත්තේ මොනතරම් වේදනාවකින්ද? රෝගී වෙලා ඉපදිලත්- අවයව බද්ද කරලා සමහර දරුවෝ ජීවත් වෙන්න වාසනාව ලබද්දී, මේ නිරෝගී පුතාට වුන විපත , අම්මාකෙනෙක් හැටියට මට දරාගන්න අමාරුයි. (අ)
මහත් සංවේගයක් උපදවන දසුනක්! මවුපියන් දරුවන් හදා වඩා යම් දිනක දරුවන්ගේ කරපිටින් අවසන් ගමන් යන්නයි පතන්නේ. එහෙත් ඔවුන් නොසිතපු ලෙසින්ම ආදරණීය පුතුව සොහොන් බිමට ඔසවාගෙන යන්න මේ දෙමාපියන්ට සිදුවුනා. ?(අ)
රොෂාන් ප්‍රනාන්දු අදහසට මා එකඟයි , ලංකාවේ පාසල් වල ළමුන්ට ආරක්ෂවාක් නොමැත,ඒ ළමයි ඉන්නේ ගස් උඩ,එහමත් නැත්නම් තාප්ප උඩ,උදලු කැති අරගෙන කැලා කානු සුද්දකරනවා. දැන් වත් පාසල් ළමුන්ගේ ආරක්ෂාවට ක්‍රමවත් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කල යුතුයි.පවුලට හිටිය එකම පිරිමි ළමය වගේ පෙන්නේ ඒ දෙමාපියන්ට ඒ දරුවා නැතිවුනා.දරාගන්න බැරි වේදනාවක් දුකක්. (අ)
නෙතට කදුලක් එක කරන ශෝක ජනක අවස්ථාවක් , පුතේ නුඹට නිවන් සුව ලැබේව ! මෙවන් අකල් මරණයකට ගොදුරු වූ ඒ දුක දරාගත් දෙමව්පියන් , සම වයසේ දරුවන්ට කුමක් හෝ දාන මානයක් දී ,දරුවාගේ නිවන් සුව දොරටු විවර කරන්න නෙත් සිත් පෑදේව ! (අ)
මේ පුතාගේ අකල් වියෝව ගැන හදවතින්ම දුක් වෙනවා. කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ප්‍රාථමික අංශයේ ඇයි පළවෙනි මහලේ ගොඩනැගිලි වල විවෘත කොරිඩෝර් එකේ බැම්මේ දරුවන් ඉදගෙන ඉන්නවා පාරට පේනවා. පොඩ්ඩ ගැස්සුනොත් තට්ටුවකින් පහලටයි වැටෙන්නේ. ඔන්න මරු කපොල්ලක් පෙන්නා දුන්නා පුළුවන් නම් වසා දමන්න. එෆ්.ආර්. සේනානායක මාවතේ නිතර යනෙන මට මේ දර්ශනයක් මතක් වුනා සෙනිත් පුතාගේ අකල් වියෝව ඇසූ අවස්ථාවේම.(අ)
වැඩිහිටියන්ගේ නොසැලකිල්ල.මේවගේ අනතුරු සිදුවන දෙයක් අනාරක්ෂිතව ක්‍රියාකාරී වයසේ දරුවෝ ඉන්න තැනක තබනවාද.අනෙක අපේ රටේ පොඩි ළමයාගේ පටන් මහල්ලා දක්වා ඕන එකෙයි එපා එකෙයි ඇඟිලි ගැසීමේ පුරුද්ද තියෙනවා.මේ දුර්වල තාවය අපේ රටේ බොහොමයක් දකින්න ලැබෙනවා විතරක් නෙමේ කණගාටුදායක මරණ ගැන අහන්න වෙනවා.යමක් උනාට පසු වැඩක් නැහැ.බෝම්බයක් තිබුනත් ඔච්චර තමා.(අ)
ඉතාම කණගාටුදායක දසුනක්. දැන්වත් පාසල්වල අනාරක්ෂිත ස්ථාන සොයාබලා. ඒවාට අවැසි කටයුතු කිරීමට බලධාරීන්ගේ නෙත් විවර වේවා (අ)
මට හරිම දුකක් දැනෙනවා. මම කරන ලද සියළු පිං සිහිකර නුඹට නිවන්සුව පතා අනුමෝදම් කරමි. සසර දුක අපට පෙන්වාදී හැරගිය ඔබ සියළු දුකින් නිදහස් වෙත්වා ! (අ)
පුතේ, ඔබට නිවන් සුවය . මෙවන් දේ සිදු නොවෙමට වග බල ගනිත්වා. (අ)
පුතේ නුඹ මියගියේ වැඩිහිටියන්ගේ නොසැලකිල්ල නිසයි. රත්තරන් පුතේ මතු භාවයේදී මෙවන් අකල් මරණයකට පත් නොවේවා! නුඹට නිවන් සුව! (අ)
එයාට ආයේමත් කිසිම ආත්මයක මේ වගේ අකල් මරණයකට ගොදුරු නොවී දුගු කලක් ජීවත් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඩන් පස්සේ වත් පාසල්වල වගකිවයුතු බලදාරින් මේ වගේ දේවල් ගැන මීට වඩා ටිකක සැලකිලිමත් වෙනවා නම් හුඟක් හොඳි. ඒ අසරණ දෙමව්පියන්ගේ හිත වල මොනතරම් බලාපොරොත්තු තියෙන්න ඇත්ද. ඔයාට පුතේ නිවන් සුව ලැබෙන්න ඕනේ. (අ)
හරිම දුකක් දැනෙනවා. කොහොම අම්ම තාත්ත ඉවසනවද මන්ද. මටත් පුතාල දෙන්නෙක් ඉන්නව. පුතාට නිවන් සුව පතනවා. (අ)
විදුහල්පතිල හා ගුරුවරු ඉන්නේ අමුතුම දඬුවම් මානසිකත්වයක. ප්‍රමාදවීම හෝ වෙන යම් කරුණකට දඬුවම් කිරීම තමයි ඔවුන්ගේ හිත් වල තියෙන මුලික අරමුණ. වෙනත් වගකීම් , ආරක්ෂාව ගැන ප්‍රමාණවත් දැනුමක් හා වැටහීමක් නැහැ. කුණු කානු සුද්ද කරවන්න , ගස් ගල් උඩ නග්ගවා වැඩ කරවගන්න දරුවන් යොදා ගන්නවා. බොහොමයක් තැන් වල අනතුරු දායක දේ දරුවන් අසලම තබා තියෙනවා. කිසිම අවබෝධයක් මේ මහා උගතුන්ට නෑ. මේ ගල් රෝල් ක්‍රිකට් ගහන බොහෝ පාසල් වල තියෙනවා. නමුත් ඒ වා බෑවුම් ඇති තැන්වල තබන්නේ නෑ. මේ අනතුර සිදුඋනේ දරුවන් ගල් රෝල තල්ලු කරගෙන බෑවුමට ආපු නිසා. (අ)
චුටි මල්ලියේ..මේ දැන් වැටෙන උණු කඳුළු ඔයා වෙනුවෙන් පැටියෝ ...ඔයාට නිවන් සුව චුටි මල්ලියේ ......(අ)
ගාමිණී අප්‍රිකා: ඔබ හරියටම හරි. ප්‍රමාද වී පැමිණීම, නිවැරදි විදිහට පන්සිල් නො ගැනීම, විදුහල්පති එනවිට නැගීසිටීම, ගුරුවරුන්ට ආයුබෝවන් නොකීම වැනි දේට මහා විශාල සැලකිල්ලක්, උවමනාවක් තියෙනවා. නමුත් අනතුරු දායක දේ මගහරවන්න තියෙන්නේ හරිම අඩු උවමනාවක්.(නදී)
දරුවන් දකින හැමදේම අදින රිලවුන් නොවන්නට දෙමාපියන් වග බලගත යුතුයි.(නදී)
සිගිති පුතේ ඔබට නිවන්සුව පතමි.(නදී)
දඟ කරන ළමයිට හොඳ පාඩමක්.(නදී)
නිවන් සුව පතමි පුතේ ඔයාට.(නදී)
ගොඩක් සංවේදී දෙයක්. පුතේ නුඹට නිවන් සුව ලැබේවා! (නදී)
සේනිති පුතේ ඔබට නිවන් සුව ලැබේවා! මෙවන් අකල් මරණ මතු කිසි භවයක නොමවේවා ! (නදී)
මේ කියල තියන් ප්‍රතිචාර හැම දෙයක්ම ඇත්ත දේවල්. ඉතින් මම ලංකාදීපයෙන් ඉල්ලීමක් කරන මේක කතුවැකියට අරගෙන මිනිස්සුන්ට දැනෙන ලිපියක් ලියල දැනුවත් කරන කියල. සිතුතියි (අ)
පින්තුර ටික දැක්කහම ඇස්වල්ට කඳුලු ආවා. ඇයි දෙවියනේ මේ වාගේ විපතක් මේ පුංච් පැටියට උනේ? පුංචි දරුවෙකුව පාසලකට බාර දුන්නට පසු ඒ දරුවන් අරක්ෂා කිරීමේ වග කීම තිබෙන්නේ විදුහල්පති ඇතුලු ගුරු වරුන්ට. අනිවාර්යෙන් චුටි දරුවන්ගේ අරක්ෂවට වෙනම ගුරුවරයෙක් සිටිය යුතුයි. මේ චුටි පුතා මතු උපදින ආත්ම වලදි මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා කියල ප්‍රාර්තනා කරමි. පුතාට අමා මහ නිවන් සුවම ලැබේවා. (අ)
පාසලක හෝ වෙනත් ආයතනයක හෝ රටක හෝ ආරක්ෂාව සම්බන්දයෙන් එහි ප්‍රධානිය වගකිවුතුයි . පාසලක ද අධ්‍යපනයට පෙර ආරක්ෂාව පිලිබඳ ඇස්තමේන්තුවක් කලුතුය . බොහෝ පාසල් තියෙනවා අබලන් ගොඩනැගිලි . අනරක්ෂිත විදුලි රැහණ ,මදුරුවන් බෝවෙන ස්ථාන ,දඩාවතේ යන බල්ලන් , සර්පයන් සිටින ස්ථාන , සුළගට කඩ වැටිය හැකි ගස් ආදිය. සෑම පාසලකම විදුහල්පති විසින් කමිටුවක් පත්කර දරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් නිසි අධ්‍යාපනයක් සිදු කර ආරක්ෂක ක්‍රියාමාර්ග සදහා අඛණ්ඩ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලයතු අතර මෙහි වකීම සුසුසුකම් සහිත පුගලයෙකුට ලිඛිතව බර දියුතුය .(අ)
පුතේ ඔබට නිවන් සුව (අ)
පුතේ ඔයාට නිවන් සුව ලැබේවා! (අ)
දෙමාපියන්ගේ සිතේ ඇවිලෙන ගිනි දැල් මගේ හිතෙත් ඇවිලුනා පුංචි පුතේ. අම්මලට මේ දසුන් වාවන්න බැරි බව කඳුළු අතරින් ලියමි. (නදී)
සියලුදෙනගේ අදහස් නිවැරදි නමුත් අපි අදහන දහම අනුව මේ ඔවුන් පතාගෙන ආ ආකාරයයි .මෙවැනි සිදුවීම් මනුෂය වර්ගයම ධර්මානුකුලව බැලිය යුතුයි. මේ පුංචි පුතාගේ අභාවයෙන් අද ඉමහත් වේදනාවක් උහුලන්නේ මපියනුයි. ආදරෙන් ආරක්ෂා කරන දෙමාපියන්ට මෙවැනි දෙවලින් දරුවන් අහිමි වෙනවා. තවතැනක තමන්ගේ ලෙයින් බිහිකළ දරුවාව දෙමාපියන්ම මරා දානවා කාගේ කොහේ හෝ වරදකින් මෙවැනි දේවල් වුනත් ජීවත් වෙන සියලු භාලධාරී , නිලධාරී, සාමාන්‍ය ජනයා වන අපි සියලු දෙනාම ජීවත් විය යුත්තේ කෙසේදකිය දෙවරක් සිත බැලිය යුතුයි . මමත් අම්මා කෙනෙක් . මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට මෙවන් දුකක් නොවේව!!!පුංචිපුතේ ඔයාට පින්වත් ආත්මයක් හිමිවේවා !!! මෙවන් අකල් මරණයක් කිසිම ආත්මයක නොවේව!!!! (අ)
උදේ තේ ටික අරගෙන ලංකාදීප බලන්න ගත්තේ සතුටින්.., කිරි වෙහෙර දැකපු ගමන් හදවත නිවී ගියා. ඒත්, රත්තරන් පුතේ...!!! ඔයා මව සහ පියාගේ කර පිටින් නොයෙන ගමන් යනවා දුටු විට මවක් වුණ මට දරා ගන්න බැරි වුණා මේ මවගේ හදවත මොන තරම් පිච්චෙනවා ඇතිද...?මෙවන් විපත් නෙතු නොගැටේවා කිසිම දිනයක.. සදාදරණිය පුතුනුවනි පතන්නම් ඔබට මෙසේ ,කදුළු පිරුණු දෑසින්, මතු උපදින භවයක් පාසා මෙවන් රුදුරු, අකල් මරණයක් නොවේවා...!! මේ මව් කුසයේම යලි උපදින්නට හේතු වාසනා ''වේවා'' (ජිවිතය අනියතයි-මරණය නියතයි) ඒ බුදු වදනයි....!!(දිල්)
සෙනිති පුත් රුවනට.., නිවන් පුර රුවන් දොරටු විවර වේවා.....!(දිල්)
,පුතේ ඔබට දෙවියන්වහන්සේගේ පිහිටයි.(නදී)
රත්තරන් පුතේ, මට ඔයාට නිවන් සෑප ලෑබෙන්න කියලවත් ටයිප් කරගන්න බෑ. මගෙ කී බෝඩ් එකෙත් කදුලු. (නදී)
පුතා ඔබ මියගියද ඔබෙගේ ගුණ සුවඳ සමදා දැනේ. ඔබට නිවන් සුව ලැබේවා (අ)
යකඩ හොරකමකට සම්බන්ධ වරෙන්තුකරුවෙක් ඉහත ඡායාරුපයක සිටිනවා.(නදී)
පුතේ නුබට නිවන්සුව.සත්‍ය ලිවූ සත්‍යට මල්මිටක් (ත)
මේ අනතුර ආනන්ද වගේ ඉහළ පාසලක සිදු වුණ නිසා ලොක්කෝ චක්‍රලේඛ ගෙනෙන්න හදනවා සිසුන්ගේ ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග ගැන. පොඩි පාසලක වුණානම්? (ත)
දයාබර පුංචි පුතේ මම හොදටම අඩමින් තමයි මෙම වචන පෙළ ලියන්නේ මේ පොඩි පුතාට නිවන් සුව පතමි.(අ)
චුටි පුතේ ඔයාට නිවන් සුව පතමි.!!!!!!!!!!! (අ)
හැම දේම කර්මය කියලා නැහැ, ඒත් සසරේ දුක, භයානක කම මේකයි කියල නම් පෙන්නලා දුන්න. නොසැලකිල්ල රටේ කර්මය කියලයි පේන්නේ. රටට වටිනා දරුවෙක් නැතිවුනා, පවුලේ අයගේ දුක නැතිවෙන්න කියලාත් දරුවට හොඳ ජීවිතයක් ලැබෙන්න කියලත් මෙත් සිතුවිලි යවන්න. (අ)
නිවන් සුව ලැබේවා! මින්පසුවවත් මෙවැනි දේ ගැන වගකිවයුත්තන්ගේ අවදානය යොමු වේවා! (නදී)
නිවන්සුව අත්වේවා පුතුණි ! නැවතත් අප අතරම, ඔබගේ මාපියන්ට දාවම ඉපැදේවා ! (අ)
පාසල් වල සිසුන් සදහා ආරක්ෂක වැඩපිළිවලක් සෑදිය යුතුයි (අ)
අනේ පුතේ අපිට දුකයි පැටියෝ(අ)
පුතා ඔයාට නිවන්සුව පතමි.(නදී)
මගේ දුක ලීවත් එය මෙහි පල වී නැහැ , කෙසේ වෙතත් චුටි පුතුට නිවන් සුවය නැවත වතාවක් ප්‍රාර්ථනා කරනවා , මෙවන් අකල් මරණයකට මතු මතුත් බිලි නොවේවා..!!ඔය මව් කුසයේම උපත ලබන්න රත්තරන් පුතේ .....! (අ)
පුතා ඔයාට නිවන්සුව පතමි(අ)
පුදුම දුකක් හිටත ඇතිවෙනවා. පුතේ ඔයාට නිවන් සුව (අ)
සසර වසන තුරු ...... මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී ....අවසානයේ .....නිවන් සුවය පතමි පුතුනි ඔබට ! (නදී)
දඟ කරන්නේ නැත්නම් පුතාලගෙන් වැඩක් නැහැ. දඟ කරන්න නිදහස දෙන්නේ නැත්නම් දෙමාපියන්ගෙන් වැඩක් නැහැ. ගල් රෝල දම්වැලකට ඉබ්බෙක් දාල පොලවට කොන්ක්‍රීට් කල යකඩයකට ලොක්කරලා තියන්න පුළුවන් .(දිල්)
දයාබර පුත නුවනි ඔබට නිවන් සුව ලැබේව !!! (අ)
ඔබට නිවන් සුව.(දිල්)
මේ දෙමව්පියන්ට දැනෙන දුක කොහොම ඉවසන්නද ඔබට නිවන් සුව ලැබේවා( දිල්)