ගලේවෙල තලකිරියාගම දරුවන් දෙදෙනා අනියම් බිරිය හා බිරියගේ මවගේ සිරුරුවලට පෙට්‍රල් දමා ගිනි තැබු බව කියන පුද්ගලයා අද දඹුල්ලේදී අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත වී සිටින කාන්තාවගේ අනියම් සැමියා බව පොලීසිය පවසයි.
සැකකරු දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කළ අපරාදෙට හොදට දඩුවම් ලැබෙයි (නි)
අනියම් සැමියා කියන්නේ හරියටම දැනගෙනද? (නි)
ගිය එකාට යන්න ඇරලා දරු දෙන්න හදන් හිටියනම් ඔය මුකුත් නෑනෙ. (ස)
අහිංසක දරුවො නම් අපරාදේ ! (ස)
අනියම් සැමියා කියන්නේ හොර මිනිහා . ඒ කියන්නේ මෙම ගැහැණිය සැමියා සිටියදී වෙන මිනිහෙක් සමඟ දිග කාලා . ඔහෙම වෙලා මදි කරපු පව් වලට. (ස)
අනියම් සැමියන් සමඟ සබඳතා පවත්වන ලඳුන්ටත් මේක හොඳ පාඩමක් නොවෙයිද?? (ස)
බල මාළු කෑවා නම් විදොපන් බලලෝ කිව්වලු... (ස)
සනත්, මේ බිරිඳගේ සැමියා දරු දෙන්නත් සමග කාන්තාව දමා ගොස් . පසුව අනියම් සැමියෙක් ලැබිලා.මිනිහා නපුරු නිසා, කාන්තාව අම්මා ළඟට ඇවිත්.මේ කාන්තාවට මොහු නැවත ඔහු සමඟ එන්න කිවත් ඇය අකමැති වූ නිසයි මෙහෙම කරලා තියෙන්නේ.කසාද මිනිහ දාල ගියාම දරු දෙන්න බලන් හිටියා නම් ඉවරයිනේ නේද? (ස)
බුද්ධියට නොමැතිව හැගීම්වලට වහල් වෙන එකේ විපාකය. හැබැයි ඉතින් අපිට පිට ඉඳලා මෙහෙම කියන්න නම් පහසුයි. රෝහල් ගත කළ අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මරාගන්නේ නැතුව අනියම් ගැහැණු, මිනිස්සුන්ට හොදට ඉන්න නොහැකිද? (නි)
බොහොම ස්තුතියි කුමාරි මාව දැනුවත් කරාට . . පළමුව මට මෙය වැටහුණේ නැහැ . කුමාරිට බොහොම තුති (දිල්)
කුමාරි, ඔයාගේ අදහසට මම නම් එකග නැහැ.මනුස්සයෙක් ගන්නේ ගැහැනු කෙනෙක්ව ජීවිතේ පුරාවට එකට ඉන්න.එහෙත් මේ කෙනාගේ මනුස්සයා දාලා ගියාම එයා තනිවුණාම, එයාගේ ආරක්ෂාව කාගෙන්ද ගන්නේ? (නි)
අපි දැක්ක ඒ ගෙදර. දරිද්‍රතාවයේ ඉහලම ඉන්න පවුලක්. කාන්තාව හුගක් තරුණයි. ඔහොම කෙනෙකුට අද ලංකාවේ තනිවම ඉන්නම දෙයි. රෝද පුටුවේ ඉන්න වයස75 අම්මල දුෂණය කරන රටේ? මේ වගේ අයට පිහිට වෙන්න තමයි කාන්තා සංවිධාන තියෙන්නේ වෙන රටවල්වල නම්. (ස)