(අංජුල මහික වීරරත්න)
පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අද (25) දහවල් දුරකථන ඇමතුමක් ලබා දෙමින් පැවසීය.
විනාඩි පහළොවකට ආසන්න කාලයක් දෙරටේ නායකයෝ දුරකථන සංවාදයේ නිරත වූහ.
මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ දැන ගැනීමෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමඟ සහෝදරත්වයෙන් බැඳී සිටින බවද පැවසීය.
එසේම ලොව කොතැනක වුවද ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය තරයේ හෙළා දකින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.
එසේම, මතු වී ඇති තත්ත්වය හේතුවෙන් වර්ධනය වී තිබෙන උණුසුම්කාරී වාතාවරණය ඉක්මනින් පහ වී කලාපීය සාමය තහවුරු වනු දැකීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.
වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ
ශ්රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අනුරගෙන් මෝදිට දුරකථන ඇමතුමක්
lakmal Friday, 25 April 2025 05:29 PM
වෙන්න බෑ මොකද ඉංග්‍රීසි බෑ..
suran Saturday, 26 April 2025 04:13 AM
Lakmal මෙයා දේශපාලන වේදිකාවේදී රනිල්ට හිනා වුණා. ලාෆ් ගෑස් (LAUGFS) උච්චාරණය සමබන්ධයෙන්... ඒක ඉංග්‍රීසි වචනයක් නොවෙයි. එනිසා නිශ්චිත උච්චාරණයක් නැහැ. නමුත් රැස්වීමේ හිටිය නූගත් මෝඩයෝ ටික උඩ පැන පැන හිනා වුණා. එහෙම ගොන් ආතල් ගත්තු මිනිහාට ඇත්තටම භාෂා පරිවර්තකයෙක් නැතිව මෝඩි එක්ක විනාඩි දෙකක් කතාකරන්න බැහැ. මේවා දැක්කාම අපිට පස්සෙනුත් හිනා. අනුන්ට අපහාස කරන්නාට වෙනදේ බුදුදහමේ හොඳට පැහැදිලි කරලා තියෙනවා.
fairoosSaturday, 26 April 2025 11:26 AM
දෙන්නටම නේද?
කව්ද බෝයි Friday, 25 April 2025 06:18 PM
හුටා, ෆෙරාරි සීයා ඇරපු ලියුම තාම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේලු... කවදා වේවිද දන්නෑ දිල්ලියට යනකොට...?
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:18 PM
අනුරගෙන් කෝල් එකක් කිව්වාම මෝදිත් ටක් ගාලා ආනිසර් කරන්න ඇති, රටක නායකයෙක් වුණාම එහෙම පෞරුෂයක් තියෙන්න ඕනෑ. මොකද රනිල් වගේ කොමිස් තියාගෙන අදානිට ගිනි ගානට සුළං බල විදුලි ව්‍යාපෘතිය දීලාද, එහෙම නැත්නම් මහින්ද උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයත් ව්‍යාපෘතියත් ලොකු කොමිස් කුට්ටියක ගිනි ගානට ඉන්දියාවේ යූනිකොන් එකට දුන්නා වගේ තක්කඩි වැඩ අනුර කරන්නේ නැති බව මෝදි දන්නවා. ඒ වගේම අනුර යමක් කියන්නේ මූනිච්ඡාවට නොවෙයි හෘදයාංගමව කියලත් මෝදි දන්නවා ඇති.
කුකුල් චමින්ද Saturday, 26 April 2025 10:17 AM
ලක්මාල් කොලුවෝ, උඹ ඉස්සෙල්ලා ඉංග්‍රීසි ටික හදාගෙන ඉන්න, රටට ලෝකෙට බණ දේශනා කරන්න කලියෙන්...
Lakmal-Katunayaka Saturday, 26 April 2025 12:00 PM
ලක්මාල් මහත්තයෝ... මෝදිටත් ඉංග්‍රීසි බෑ. ලෝකයේ ප්‍රධාන රටවල් කීපයක නායකයන්ටත් ඉංග්‍රීසි බෑ. නමුත් ඒක ප්‍රශ්නයක් නොවේ. අදහස් හුවමාරු කරගන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් කියපු අය මෙතෙක් කළේ ඔබලා වගේ ළිං මැඩියෝ ඇඳගෙන රට කාපු එක. දැන්වත් රට ගැන, අනාගත පරපුර ගැන හිතලා වැඩ කරන්න.