IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අනුරාධපුරේදී කඩෙන් කෑවොත් නැති ලෙඩ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ  ආපන ශාලාවලින්  ආහාර ගන්නා ජනතාව  දිනකට අහිතකර  රස කාරක කිලෝ  15 ක් පමණ  කෑමට ගන්නා බව  අනුරාධපුර නාගරික සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී  නලින් ප්‍රේමදාස මහතා පවසයි.

වෙළදසල්වලින් මෙන්ම  නිවෙස්වලද  ප්‍රධාන වශයෙන් ආහාර පිසීමේදී දැනට භාවිත කරන කෘත්‍රිම රසකාරක වර්ග ඇමෙරිකාව ඇතුළු දියුණු රට ප්‍රතික්ෂේප කැර ඇත්තේ ඒවා තත්ත්වයෙන් බාල නිසා යැයි වෛද්‍යවරයා කියයි.

මෙම කෘත්‍රිම රස කාරක භාවිතයෙන්  ඇට දියවීම වැනි භයානක ආබාධ හා  ස්නායු  රෝග හටගත හැකි බව වෛද්‍ය මතයයි.

දැනට වෙළඳසල්වල බහුලව ඇති ප්‍රයිඩ්රයිස් ,කොත්තු, හා ලුණු මිරිස් (චිලි පේස්ට්) සඳහා ප්‍රධාන වශයෙන්  රසකාරක එක් කෙරේ.

 ආහාර සැකසීමේදි  රසායනික ද්‍රව්‍ය යෙදීම සම්බන්ධයෙන්  නිතිමය තත්ත්වය  පැහැදිලි  කරමින්  නලින් ප්‍රේමදාස මහතා කියයි.

සේදීම,මැදිම සඳහා  භවිතාකරන  රසායනික ද්‍රව්‍ය තබන  තැන්වලින් හැලිමෙන් හෝ සතුන් මගින්  ආහාර ද්‍රව්‍යවලට මිශ්‍රවිය  හැකිය.  රසකාරකයන්හි රසායනික අඩංගුයි. දැනට ජනප්‍රියම රසකාරකය මොනෝසොඩියම් ග්ලුටනමේට්  ජනප්‍රිය වෙළෙද නාමයකින් ගමේ කඩවල පවා අලෙවියට තබා ඇත.ඒගැනත් පරිස්සම් වෙන්න.

එහිදී අදහස් දැක්වු අනුරාධපුර පුරපති එච් පී සෝමදාස මහතා කියා සිටියේ නගරයට දිනකට පැමිණෙන 50000 ක‍් අධික ජනතාවට ,සුවඳ කාරකය හා කල් තබා ගැනීමේ  රසායනවලින් තොරව  ආහාර ලබා දීමට පියවර ගන්නා ලෙසයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැනටම වකුගඩු  ආබාධ බහුලව පවති.

 



අදහස් (0)

අනුරාධපුරේදී කඩෙන් කෑවොත් නැති ලෙඩ

සෙන්තිල් Friday, 30 August 2013 02:05 AM

මිනිපේ,ඒකතමයි මම කොයිවෙලෙත් කියන්නෙත් ලියන්නෙත් ඉන්දියාවේ කිට්ටුචෙන් ඉන්න එක හොඳයි කියලා (නි)

:       0       0

ගුණසේන Thursday, 29 August 2013 06:40 PM

මගේ පුතා කොත්තු කන්න කන්නහරිම අසයි දෙවියන්ගේපිහිටලැ බේවා (අ)

:       0       0

ඇසළ Thursday, 29 August 2013 07:05 PM

ගෙදරදී පාවිච්චි කළත් ඇසුරුම කියවලා බලන්න. ගොඩක් ඇසුරුම් වල අඩංගු දේ මොනෝසොඩියම් ග්ලුටැමේට් කියලා සදහන් කරලා නැහැ. ඒ වෙනුවට සදහන් කරන්නේ එම්.එස්.ජී. කියලා. වැඩියෙන්ම පාවිච්චි කරන්නේ එදිනෙදා අපි ආහාරයට ගන්න වියලි ආහාර පැකට් වල සහ බෝතල් වල. ජනතාව රැවටීමට කරන බිස්නස් මායාව. නිතිය අස්සෙන් රිංගන ක්‍රමයක්. ටික ටික දිනපතා ශරීරයට ඇතුල් වෙනකොට හිසරදේ කියලා තමයි මුලින්ම කියන්නේ. එතකොට බෙහෙත් පෙති කොම්පැනි වලටත් හොදයි. කනදේ බදාගෙන කන්නේ නැතුව කන්න ඉස්සෙල්ලා කන්නේ මොනවද කියලා හොයලා බලලා කන්න. (නි)

:       0       0

දසුනි Thursday, 29 August 2013 07:06 PM

දුමින්දගේ කතාව හරි.රසට උයන්න බැරි අයට තමා ඕවා ඕනෑ වෙන්නේ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 30 August 2013 05:55 AM

සතුන් වැනි ව්‍යාපරිකයන් (අ)

:       0       0

නිලූ Thursday, 29 August 2013 07:29 PM

ඔය කියන්නේ මොනවා ගැනද කියලා අපි දන්නවා (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 30 August 2013 12:43 PM

මේ තරම් කලබල වෙන්න එපා. මම කියන්නම් කරන්න ඕනෑ දේ.අනුරපුරෙන් කන්නේ නැතුව තංගල්ලෙන් කන්න (නි)

:       0       0

සරත් Friday, 30 August 2013 07:55 AM

මිනිස්සු දන්නේ මේවායේ වෙළද නම් විතරයි. මිනිස්සු හිතාවි මේ මොනවා හරි විස ජාතියක් කියලා. (නි)

:       0       0

රෙමා Thursday, 29 August 2013 08:44 PM

නිලූ, කියන්නකෝ අපිටත් දැනගන්න (නි)

:       0       0

මිනිපෙ Thursday, 29 August 2013 09:28 PM

මට අදහන්න බැරි මේ පරිප්පු වලට කුකුල් මස් රස දන්නේ ඇයි කියලා.පරිප්පු කන්න ඕන පරිප්පු රසට.ලංකික කෑමවලට වැඩිය,ඉන්දියානු හා චීන කෑමවල මේ රසාකර වලින් පිරිලා.හුගක් අය නොදන්නා දෙයක් තමයි සියට 98ක්ම චීන කැමවල්ට උරුතෙල් දමනබව.විශේෂයෙන්ම සුප් වලට උරුතෙල් දානවා. (අ)

:       0       0

ජයසිංහ Friday, 30 August 2013 09:15 AM

වෙළද සන්නම් මෙසේය 1. අජිනමොටෝ 2. රිගම් මොනොසොදිඋම් ග්ලුටෝමටේ විකිණීම තහනම් කලරන්න ඕන. ඉක්මනින්..... (දී)

:       0       0

රණන්ජය Friday, 30 August 2013 09:58 AM

කෝ නිසි බලධරයින් (දී)

:       0       0

දසුනි Thursday, 29 August 2013 04:59 PM

ඔය කියන ජනප්‍රිය වෙළද නාම හෙළි කරන්න . තහනම් කරලා දාන්න (නි)

:       0       0

සී. ගනේගොඩ Thursday, 29 August 2013 05:09 PM

කෘතීම රසකාරක ගැන දැනුමක් නොමැති සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම සඳහා කරනු ලබන උත්සාහයට අපගේ හෘදයාංගම ස්තුතිය ගරු නගරාධිපතිතුමාට සහ නාගරික වෛද්‍ය නිලධාරීතුමාට පුද කරමු. (නි)

:       0       0

ඉසුරු Thursday, 29 August 2013 11:11 PM

ආහාර රසකාරක සහ රසකාරක අර්ධක සම්බන්ධව නව නීති ඇතුලත් ගැසට් එකක් පැමිණිලා තියෙනවා .2013.02.01. ඒක 2014.07.01 ඉඳලා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. (නි)

:       0       0

දුමින්ද Thursday, 29 August 2013 05:17 PM

හොදයි මෙහෙමවත් මිනිසුන් දැනුවත් කරනවා නම්,ආච්චිලාගේ ඉවුම් පිහුම් ක්‍රම පාවිච්චි කරමු (නි)

:       0       0

සංජීව Thursday, 29 August 2013 05:18 PM

ඕකට හොදම දේ තමයි ඕවා ලංකාවට ගෙන්නන එක නවත්වන එක. ඕවා අනුරාධපුරයේ අය කෑවත් ලංකාවේ කොහේ ඉන්න අය කැවත් විෂ නම් විෂම තමයි. ඒක නිසා බලදාරයින්ට කරන්න ඕවා ගෙන්වන එක නවත්වන එක (නි)

:       0       0

දිසානායක Thursday, 29 August 2013 05:19 PM

අනුරාධපුරෙන් නොකා මැදවච්චියෙන් කමු (නි)

:       0       0

මිනිපෙ Friday, 30 August 2013 10:28 AM

සෙන්තිල්, ඔයා කොහෙද යන්නේ මල්ලේ පොල්නේ ...අනේ.ඔව් තියා ගන්න කිට්ටුවෙන් නැහැය වහගෙන. (ස)

:       0       0

අනුරශාන්ත Friday, 30 August 2013 10:30 AM

දැන් බලන්න එපායැ අනුරාධපුරේ හෝටල්වල තියෙන උජාරුව. තරු පහේ හෝටල් වගේ. ඕක දැකලා අපේ උන්දගෙනුත් බේරෙන්න බැහැ. හැමදාම රැට හෝටලෙන්ම කන්න ඕනේ කියලා. (ස)

:       0       0

වලිමුනි අබේසේකර Thursday, 29 August 2013 05:47 PM

නරක දේවල් කෙලින්ම කිව්වොත් තමා රටින් ඔය දේවල් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ . නේද? (නි)

:       0       0

ලන්කා පුත්‍ර Friday, 30 August 2013 10:48 AM

අපිට මොටෝ මොකා මොනවා කෑවත් ගාන හම්බ වෙනවා නම්.(නදී)

:       0       0

රූපවතී Friday, 30 August 2013 01:04 AM

මෙය කියවන සියල්ල රසකාරක භාවිතයෙන් වළකින්න.කම්මැලි නොවී සියලුම දෙනා තුන් වේලටම නිවසේ කෑම පිළියෙළ කරන්න හුරුවෙන්න.කඩවලින් කෑම ගන්නා විට කහට කෝප්පය හැර සියලුම කෑම වර්ගවලට මේ රස කාරක යොදනවා. ඒ රසය බිස්නස් එක වැඩි කරගන්නයි කරන්නේ. මහ ජනයට මොනවා වෙලා මැරුණත් කමක් නැහැ.හවස් වෙනකොට, ලාච්චුව පිරිලා සල්ලි. මෝඩ ජනයා පිළිකා හැදිලා මැරෙනවා ,වකුගඩු ලෙඩ හැදිලා මැරෙනවා. (නි)

:       0       0

වසන්ති Thursday, 29 August 2013 06:12 PM

සියලුම කඩ පරික්ෂා කර දඬුවම් දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4614 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1658 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4630 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 420 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4276 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2426 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33962 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23961 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site