
(ජේ. ඒ.එල්. ජයසිංහ)
තම අනියම් බිරිඳ ප්‍රසූත කළ බිළිඳකු රහසිගතව වළ දැම්මැයි කියන 30 හැවිරිදි දෙදරු පියකු සැකපිට අත් අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය පවසයි.
සැකකරුගේ අනියම් බිරිඳ 21 හැවිරිදි වියේ පසුවන අතර ,පොලීසිය ඇයගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව අලවතුගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කොට ,අධිකරණ නියෝග මත ,බිළිඳු මළ සිරුර ගොඩගෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා මහනුවර අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කර ඇති බව පොලීසිය පවසයි.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සංජීව මහතා මෙම සිද්ධිය සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd