IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අපේ කෑම බීම ගැන වෙද වෙබ් අඩවියක්

ශ්‍රී ලාංකිකයන් කෑමට ගත යුතු ආහාර වර්ග හා ආහාර රටාවන් ඇතුළත් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සැරැසෙයි.

මෙරටේ ජනතාවගේ ආහාර රටාවන් සම්පූර්ණයෙන්ම විකෘති තත්ත්වයට පත්ව ඇති බැවින් පෝෂණ ගුණයෙන් හෙබි ආහාර මොනවාදැයි යන්න පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ආරම්භ කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.



අදහස් (0)

අපේ කෑම බීම ගැන වෙද වෙබ් අඩවියක්

විධුෂක Friday, 29 November 2013 07:06 AM

අශ්වයා ගියාට පස්සේ දැන් ඉස්තාලය වහලා වැඩක් තියෙනවද? (නි)

:       0       0

ප්‍රදීප් Friday, 29 November 2013 07:08 AM

මගේ සුබ පැතුම් අපිට අමතක අපේ දේ නැවත මතක් කර සිංහලකම ඉස්මතු කරන්න ගන්න වෑයමට (නි)

:       0       0

මෙන්ඩිස් Thursday, 28 November 2013 02:57 PM

අකමැත්තෙන් උනත් අපිට පිළිගන්න වෙනවා අපේ ආහාර රටාව වැරදියි කියලා. ෆාස්ට් ෆුඩ් විතරක් නෙවි. තුන් වේලටම ලොකු බත් පිඟන් කෑමත්. මීට සියවස් ගණනකට කලින් ගොවි ආර්ථිකයක් තිබුණු කාලේ ඒක හරි. මොකද ඒ ගන්න විශාල කාබෝහයිඩ්රේට් ප්‍රමාණය වැය වෙන්න කවුරුත් සිරුර මහන්සි වෙලා වැඩ කලා. දැන් අපි ඉන්නේ සේවා ආර්ථිකයේ. අපි දැන් කරන රැකියා වල ඇග වෙහෙසන්නේ නැහැ. දවසම ඉන්නේ පුටුවක වාඩිවෙලා. ඒත් ආහාර රටාව වෙනස් වෙලා නැහැ. ඒ වැඩිපුර ගන්න ආහාර නිසා තමයි තරබාරු නැත්නම් බඩ ලොකු අය දැන් හැම තැනම ඉන්නේ. ජපානයේ ආහාර රටාව ඒ අතින් ඉතා නිවැරදියි. ඔවුන් ආහාරයට ගන්නේ වැඩිපුර පලතුරු, අමු එළවලු සම බත් ඉතා ටිකක්. ජපන් ජාතිකයින් අතර තරබාරු අය ඉතා අඩු සහ ඔවුන්ගේ ආයු කාලය වැඩි ඒකයි. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 28 November 2013 03:01 PM

අපේ රටට සුභදෙයක්, කලෝචිත මෙහෙවරක්. ඉදිරිපත් කරන මුළු වෛද්‍ය සභාවටම මගේ ප්‍රණාමය පුද කරමි. (ස)

:       0       0

කුමාරණ Thursday, 28 November 2013 03:25 PM

ආයුර්වේදයත් ඔය වැඩේට සම්බන්ධ කර ගත්තොත් ඉතාම හොඳයි. මොකද ආයුර්වේදයයි එක එක පුද්ගලයාගේ ස්වභාවය, රැකියාව අනුව සහ ගත යුතු අහාර පාන මෙන්ම ආහාර පාන ගන්න ආකාරය,ආහාර පාන මිශ්‍ර කරන ක්‍රම වේදය ආදිය ඉතා හොඳින් විස්තර කර ඇත. ආයුර්වේදය කියන්නේ රෝග සුව කරන ක්‍රම වේදයකට වඩා රෝග ශරීර ගත නොවීමට රෝග වලට ඔරොත්තු දෙන සෞක්‍ය තත්වයක් ගොඩ නගා ගත හැකි ක්‍රම වේදයකි. දවසේ පුරාම පුටුවේ වාඩිවෙලා ඉන්න අය දැන ගත යුතුයි අනිවාර්යෙන්ම ව්‍යායාම කරන්න. එය සුව දිවියකට ඉතා වැදගත්. (නදී)

:       0       0

අජිත් Thursday, 28 November 2013 03:36 PM

ඉතා හොඳ ආරම්භයක්. (ස)

:       0       0

නිෂා Friday, 29 November 2013 10:02 AM

ඇත්තටම හොදයි, සුගර් කොලොස්ටරෝල් වැනි රෝග නිසා අද දුක්විදින මිනිස්සු කොච්චරද? ලෙඩ හැදෙන කෙනා විතරක් නෙමෙයි කී දෙනෙක් ඒ වෙනුවෙන් දුක් විදිනවද? රජයට බෙහෙත් කරන්න මොන තරම් වියදමක් දරන්න වෙනවද? මෙයට දායක වුන වෛදයවරුන්ට මගේ සුභ පැතුම්. ගමේ විදියට ගමේ කෑම කෑවා නම් සේරම හරිනේ.(නදී)

:       0       0

මහින්ද Thursday, 28 November 2013 03:46 PM

ඒ ගමන්ම අපේ පැරණි වෛද්‍ය සාරධර්ම ඇතුලත් වෙබ් අඩවියක් හැදුවොත් නරකද මෙතුමන්ලට බලා ගන්න. (ස)

:       0       0

මධු Thursday, 28 November 2013 03:55 PM

හොඳ පියවරක් ! අපේ රටේ පොඩි දරුවකු ගෙන් ඇහුවොත් අද මොනාද කෑවේ කියල සොසජ්ස්, පීසා, එහෙම නැත්තම් පැණි රස දෙයක් කියයි. ලංකාවේ කෑම, බිම සිනි ,මිරිස් ,ලුණු පමණ ඉක්මවා තිබිම ජාතියම ලෙඩ කිරීමක්. අනික මීටර් 50 ගමනටත් ත්‍රීවීල් එකක්. වැඩ කරනවට වඩා කනවා වැඩියි ? (ස)

:       0       0

ජෝන් Thursday, 28 November 2013 03:56 PM

ඉතා හොඳ දෙයක් අපි අගේ කරමු. (ස)

:       0       0

රානී Thursday, 28 November 2013 04:01 PM

අපේ වෛද්‍යවරුන් රට ජාතිය වෙනුවෙන් ශ්‍රේෂ්ඨ වගකිමක් යුතුකමක් ඉටු කරන්න සුදානම් වීම ගැන ජාතිය වෙනුවෙන් මගේ ප්‍රණාමය.(නදී)

:       0       0

දුරන්ග් Thursday, 28 November 2013 05:00 PM

මහින්ද, ඔබගේ යෝජනාව විශිෂ්ටයි.ඒ අඩවියේ "මිෂන් " එකට මෙහෙම දාන්න ඔයා එකඟද?. එතුමන්ලා ඉතාම සාධාරණ අයුරින් දුප්පත් අහිංසකයන්ගෙන් මුදල් අයකර තම භූමිකාවට ජීවය දෙමින් "මෙගා" සේවයක නිරතවීම -. මොන්ටෙරෝ,ප්‍රාඩෝ,එම්ජී, ජගුවර් ආදී සුඛෝපභෝගී වාහන අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා සාමාන්‍ය වාහනවලම ගමන් කරන බව - නිදහස් අධ්‍යාපනයේ උතුම් වරම් ලබා තම රට වෙනුවෙන් "විශිෂ්ට" සේවයක නිරත වන බව - බහු ජාතික සමාගම් වල " රෙප්ස්" ලා තමන්ව මුණ ගැසීමට පැමිණිවිට නෑ! නෑ! බොහොම ස්තුතියි කියා කරුණාවෙන් ප්‍රතික්ෂේප කිරීම.(නදී)

:       0       0

සිරිල් ගුණවර්ධන. Thursday, 28 November 2013 05:01 PM

ඉතාමත්ම අගනා ක්‍රියාවකි හදවතින්ම ශුභ පතමි...ජයවේවා!!!(නදී)

:       0       0

ඉන්දු ලංඩන් Thursday, 28 November 2013 06:02 PM

මෙන්ඩිස්, කුමාරණ ඔයාලාගේ අදහස් හරියටම හරි. අපේ තුන් වේලටම බත් හෝ පිටි කෑමක් පිඟාන පුරවලා කන පුරුද්ද අතීතයේ කය වෙහෙසවා වැඩ කරපු ජනතාවට හොඳ වුණාට දැන් හොඳ නෑ. ලඟදි සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවාලු අපි ගොඩක් රටවල අයට වඩා එළවලු පළතුරු අඩුවෙන් කන්නේ කියලා. ව්‍යායාම කරන්නත් බොහෝ අයට වෙලාවක් හෝ පුරුද්දක් නෑ. අප රෝගී ජාතියක් වීගෙන යන්නේ..(නදී)

:       0       0

උපාලි Friday, 29 November 2013 03:07 AM

ඔන්න ඔය වගේ දේවල් කරනවා නම් වෛද්‍ය සංගමය ගැන ජනතාව තුළ තිබෙන අප්‍රසාදය ඉවත් වේවි. නිර්දේශ කරන්න යන ආහාර වර්ගවල මිළ අඩුකරන්න කියලා වර්ජනය කළත් අපි උපකාරය දෙනවා. (නි)

:       0       0

අල්විස්(පැරිස්) Friday, 29 November 2013 03:33 AM

සතුටුයි.ඒත් හොද දේවල් කරන්න ප්‍රමාදයි. ලෝකයේ රටවල මේ ව්‍යාපෘති පටන්ගෙන ගොඩාක් කල්. (නි)

:       0       0

ඡායා Saturday, 30 November 2013 10:31 AM

ඉතින් ඔය වෙබ් අඩවිය කීයෙන් කී දෙනාද බලන්නේ? ලංකාවේ වැඩිහිටියන්ට ඉන්ටෙර්නෙට් යන්න වෙලාවක් තියෙනවද? (නදී)

:       0       0

චාන් Thursday, 28 November 2013 07:23 PM

අප රටේ මොනවා කළත් එපා කියන කොටසක් ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 851 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 759 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 159 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1029 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 205 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1222 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 142 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site