IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


අපි කරපු දේ වැරදිනම් අවසානයේදී අපි පසුතැවෙනවා

2017-01-09-ent-34

ඔබව හඳුන්වා දුන්නොත්?

2017-01-09-ent-35මම මනීෂා ඒකනායක. මම ඉන්නේ නුවර. මම දැනට රූපලාවණ්‍ය ශිල්පිනියක් විදිහට මගේම සැලෝන් එකක් කරගෙන යනවා. ඒ අතරේ විනෝදාංශයක් ලෙස තමයි ගීත ලියන්නේ. මම පාසල් යන කාලේත් සාහිත්‍ය තරග වගේම, නිසදැස්, කවි ගී පද රචන වැනි දේවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ ආසාවත් එක්ක සිංදු ලියන්න පටන් අරගෙන මේ වන විට සිංදු ගොඩක් ලියලා තියෙනවා.

 

ඔබ පදරචනය පමණද කරන්නේ?

පද රචනය තමයි කරන්නේ. තව ප්‍රඩක්ෂන් ටීම් එකක මියුසික් වීඩියෝවල මේකප් සයිඩ් එකත් මම තමයි කරන්නේ.

 

නිර්මාණය වූ ගීත ගැන කිව්වොත්?

මම ආසම ගීතය තමයි "ඒක් විලන්" තේරි ගලියන් ගීතයට මම කරපු රිප්ලයි එක. මට ඒකට ලියන්න හිතුනේ ඒකේ මෙලඩි එක ගොඩක් සෑඩ්නේ. මේ කාලේ ගොඩක් ගෑණුළමයි එයාලා නොහිතලා කරන වැරදි වලින් ගොඩක් විදවනවා. ඉතිං ගෑණූ කෙනෙක් විඳවන වේදනාව තමයි මම මේ ගීතය හරහා දෙන්න හැඳුවේ. මට මෙතනින් සමාජයට දෙන්න ඕන වුණේ, අපි මුලදී කොච්චර රැවටුනත් අපි කරපු දේ වැරදිනම් අවසානයේදී අපි පසුතැවෙනවා කියන එකයි. කොච්චර දුරට සාර්ථක දන්නේ නැහැ ඒ වචන. නමුත් "නෙතු මගේ හඬනා" ගීතයෙන් මම ඉදිරිපත් කරා.

 

දැනට කරලා තියෙනන අනෙකුත් ගීත?

අතුල සී සංගීත කණ්ඩායමට මගේ ගීත දෙකක් කරලා තියෙනවා. තවත් අලුත් ගීත තුනක් කරලා තියෙනවා ඒවාත් ඉදිරියේදී එළිදක්වයි.

 

රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කරද්දී ගීත ලිවීමට බාධාවක් නැද්ද?

සැලොන් එකේ වැඩ අතරේ මේක බාධාවක් නෙමෙයි. මම විවේකීව ඉන්න විනාඩි 10ක් 15ක් අතර තුර හිතෙන වචන ටික ලියනවා. ඊට අමතරව මම නවකතාවකුත් ලිව්වා. මේ මාසයේ ඒක එළිදක්වනවා. නවකතාව ලියද්දී ඒ සඳහා මම කාලය වෙන් කර ගත්තේ රාත්‍රී කාලයටයි. මොකද ඒ සඳහා මනස නිදහස් වෙන්න ඕන නිසායි. දැන් සිංදුවක් ලියද්දී වෙනම කාලයක් වෙන් කරන්නේ නැහැ. බස් එකේදී වුනත් දෙයක් පිළිබඳව හිතුනොත් ඒ දේ ඇවිත් ලියන්න පුළුවන්.

 

ඉදිරි කටයුතු?

සැලොන් එකේ වැඩකටයුතු කරන අතරතුර ගී පද රචනාව පැත්තෙන් සමාජයට යම් දෙයක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳ නිර්මාණ කරන්න තමයි ආසාව තියෙන්නේ.

 

සහයෝගය දුන් පිරිස?

මුලින්ම මගේ අම්මව මතක් කරන්න ඕනේ. මට මේ හැකියාව දුන්නනම් දුන්නේ අම්මා තමයි. මම පාසල් යන කාලේ යොමුවුණේ නර්තනය පැත්තෙන්. මම දැන් නර්තනය අමතක කරලා සැලොන් එකට සහ පදරචනය පැත්තට යොමුවෙලා තියෙනවා. අම්මට මේ හැකියාව තියෙනවා. මගේ හැම වැඩකටයුත්තකම් සාර්ථක වුණේ අම්මා නිසයි. ඒ වගේම මගේ ළගින්ම ඉන්න නේහා. එයා තමයි මම ලියන හැමදේමකම වැරදි අඩුපාඩු කියන්නේ. එයාටත් මේ සම්බන්ධයෙන් යොද දැනුමක් තියෙනවා. මාත් එක්ක වීඩියෝ ප්‍රඩක්ෂන් එකේ ඉන්න විරාජ් මල්ලි මට ගොඩක් සහයෝගයක් දෙනවා. මිස්ටර් ශ්‍රී ලංකා වුණු ස්වීන් ස්ටෙෆන් මේ ක්ෂේත්‍රය තුල ගොඩක් අය හඳුන්වා දුන්නා. මට ඒ අවස්ථා හදලා දුන්නාට ගොඩක් ස්තූතියි. නම් කියන්න බැරි වුණාට මට ගොඩක් අය උදව් කරා ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

 

ඩිලාන්

 



අදහස් (0)

අපි කරපු දේ වැරදිනම් අවසානයේදී අපි පසුතැවෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1321 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2353 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1030 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9573 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site