මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට කිසිදු තර්ජනයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික යොවුන් පෙරමුණේ සභාපති කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
අද තර්ජනයක් ඇත්තේ රටේ ජනතාවට බව කී මන්ත්‍රීවරයා හොරු රැළක් ජනතාව නොමඟ යවමින් තමන්ගේ හොරකම් වසා ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බව සඳහන් කළේය.
සියලු ජාතීන් ආගම් නියෝජනය කරන සිසුන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය කිසිවෙක් සමඟ ඩීල් දමා නැතැයි ද රට දියුණු කරන්නට කැමැති ඕනෑම පාර්ශවයක් සමඟ ඉදිරියට යෑමට එක්සත් ජාතික පක්ෂය සූදානම් යැයි ද ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා නම් අහලා අපිට එපාවෙලා (නි)
මේ තියෙනවටත් වැඩිය තව මොන ඩීල්ද? (නි)
ඇත්තටම බය නැත්නම් ඔය ගැන කතා නොකර තමන්ගේ වැඩක් බලාගත්තා නම් මහජනතාවට වැඩදායකයි. (හේ)
ඇත්තද?(හේ)