IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අපේ වැඩිහිටි පරම්පරාවට අහන්න ගීත කිසිදු නාළිකාවක විකාශය වෙන්නෙ නැහැ

2016-08-16-ent-77

ක්ලැරන්ස් Unplugged කලාවෙන් පැරණි ගීත සඳහා නව පණක් ලබාදුන් මේරියන්ස් සංගීත කණ්ඩායමේ දෙවැනි ප්‍රයත්නය වූයේ සී.ටී. ප්‍රනාන්දු මහතාගේ ගීත ප්‍රසංගයක් පැවැත්වීමයි. ඒ අනුව ඔවුන් පසුගියදා එහි පළමු ප්‍රසංගය පැවැත්වූ අතර, එළඹෙන 20 වැනිදා එහි දෙවැනි අදියර මීගමුව "ආවේ 2016-08-16-ent-79මරියා ශ්‍රවණගාරයේදී" පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම ප්‍රසංගයේ මූලික අදහස පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අපි මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා සම්බන්ධ කරගතිමු.

 

මුලින්ම සී.ටී. ප්‍රනාන්දු ප්‍රසංගය ගැන කිව්වොත්?

අපි සෑහෙන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු වැඩක් තමයි මේ සිද්ධ වුණේ. අවසර ලබාගැනීමේ ගැටලු තිබුණා. මොකද එක එක්කෙනා, ලියපු සහ හදපු සිංදු නිසා. ඊටපස්සේ කරදර සහ බාධක රැසක් තිබ්බ වැඩක් නිසා ගොඩක් ඒක මගහැරිලා තිබ්බා. ඒ අතරතුරේ "චන්දිමාල් එන්ටර්ටේන්මන්ට්" වලින් කතා කළා. මම හිතපු කටයුත්ත එයා ඒවෙනකොට කරලා තිබ්බා. ඒ කියන්නෙ සීටී ප්‍රනාන්දුගේ ගීතවල අයිතිය පිළිබඳ කරුණු සොයලා ප්‍රසංගයක් කරන්න එයා ඒ කටයුතු කරලා තිබුණා. ඉතිං මට යෝජනා කළා අපටත් එහෙම ප්‍රසංගයක් කරනවානම් එයා හරහා ඒක කරන්න පුළුවන් කියලා. ඉතිං අපි පළමුවෙනි වැඩේ කොළඹ මියුසියස් රඟහලේ පැවැත්වුවා. මේ සම්පූර්ණ අවසර අරගෙන තියෙන්නේ "චන්දිමාල් එන්ටර්ටේන්මන්ට්" ආයතනයෙන්.

 

"සී.ටී. ප්‍රනාන්දු" මහතාගේ ගීත රැගත් ප්‍රසංගයක් සඳහා මුල පිරුවේ ඇයි?

2016-08-16-ent-76මම මේ වගේ ප්‍රසංගයක් සඳහා උනන්දුව දක්වන්න ප්‍රධාන හේතුව තමයි අපේ ක්ෂේත්‍රය තුළ නිෂ්පාදනය වන ගීත රැල්ල,එහි ඇති කලාත්මක ගුණය සහ සාහිත්‍ය රසය විවිධ අංශවලින් කඩාවැටිලා තියෙනවා. නමුත් ඉඳලා හිටලා ලස්සන කලාත්මක ගීතත් ඇහෙන්න තියෙනවා. සී.ටී. ප්‍රනාන්දු මහතාගේ ගීත සියල්ලක් දෙසම හැරිලා බලනකොට පැහැදිලිව ජීවිතයට අකුරක් නෑර අපට වැදගත් කියලා ගන්න පුළුවන් හැම ගීතයක්ම එතන තියෙනවා. ඒ කියන්නෙචූටි දුවාදරුවන්ගේ ඉඳල ගත්තාම, මවු සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස, එතකොට මේ රටදැය ගැන කියවෙන ගීත, සොබාසෞන්දර්ය ගැන කියැවෙන ගීත බොහෝ තියෙනවා. ඔහු මොන අංශයෙන්ද ගීත ගයලා නැත්තේ.අද යුගයට, තමුන්ගේ ජීවිතයට විශේෂ වූ විෂයයක් ලෙස මේ ප්‍රසංගය මම දකිනවා. පවුලක දුවාදරුවන් සමග එකට ඉඳගෙන ගීතයෙන් ගීතය හොඳට ශ්‍රවණය කරගත්තොතින් ජීවිතයට තවත් පාඩමක් අවශ්‍ය නැති තරම්.

මොකද ඒ කාලෙ ගීත පදරචනා කරලා තියෙන ගී පද රචකයො උසස්ම තැනක ඉඳලා ඒවා ලියලා තියෙනවා. අනිකආදරය දිහා බලද්දි ආදරය මොනතරම් ගෞරවනීයද කියලා දැනෙනවා 60 දශක ගීත දිහා බලද්දී. කලාකරුවෙක් වෙන්න කලින්නෙ මනුස්සයෙක් වෙන්නෙ. ඊළඟට මම තරුණ විය පසුකරලා, ප්‍රේමය කරලා, සැමියෙක් වෙලා, පියෙක් වෙලා අද මේ රටේ හැමෝම දන්න කලාකරුවෙක් සහ පුරවැසියෙක් වෙලා.

මේ ගීත රැල්ල දිහා බලනකොට සී.ටී. ප්‍රනාන්දුගේ ගීත අද හැම නාළිකාවකම පැයක්වත් දෙනවානම් මේ ගීත ශ්‍රවණය කරන්න. අද මේ සමාජ සංස්කෘතිය එහෙම් පිටින්ම වෙනස් වෙයි කියලා මට දැනෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ඉන්න නායකයන්ට පවා පාඩම් ගත හැකි ගීත මේක අස්සෙ තියෙනවා. පාර්ලිමේන්තුවේ උදේ හවස දාන්න පුළුවන් ගීත තියෙනවා. මිනීමරාගෙන කෑකෝ ගහන දේවල් වෙනකොට මේ ගීත අස්සෙ තියෙනවා ඒවට හොඳ පාඩම්. මේ දේවල් සලකලා බලලා තමයි මේ ගීත සඳහා ආසාවක් උනන්දුවක් දැක්වුවේ.

 

සී.ටී. ප්‍රනාන්දු පළමු ප්‍රසංගය ගැන කතාකළොත්?

පළමු ප්‍රසංගයේ අපි දැක්ක විශේෂිතම දේ තමයි අපේ වැඩිහිටි පරම්පරාව. අද ඔවුන්ට ශ්‍රවණය කරන්න ගීත කිසිදු නාළිකාවක විකාශය වෙන්නෙ නැහැ. අද ශ්‍රවණය වන ගීත ඔවුන්ගේ හිතේ රැඳෙන්නෙ නැහැ. ඒ ඔවුන්ගේ සමීපතම ගීත නෙමෙයි. අපේ පළමු ප්‍රසංගයට අතුරුසිදුරු නැතුව සෙනඟ පිරුණෙ 75෴ක්ම වැඩිහිටි පරම්පරාව. මට පළමු ප්‍රසංගයෙන් පස්සෙ සංවිධායකවරු කිව්වා "නලින් ඔයා දන්නවාද, එක කාන්තාවක් ඩයලයිසිස් කරලා කෙළින්ම ඇවිත් තියෙන්නේ ප්‍රසංගයට. ජීවිතය පවා අනතුරේ වැටෙයි කියලා නොතකා මේප්‍රසංගය බලන්න ඇවිත් තියෙන්නේ කියලා." මේ ගීතවලට ප්‍රියකරන මිනිස්සු කොච්චර ඉන්නවද? මේ ගීතවලට මිනිස්සු මෙච්චර ලැදි ඇයි? එහි මම "සඳවට රන්තරු" වගේ ගීත කියද්දි සමහර අම්මලාගේ ඇස්වල කඳුළු. අද ගීතයක් ඇහෙද්දි දැනෙනවාද එහෙම. ඇයි දැනෙන්නෙ නැත්තේ?

 

පරණ අයගේ සිංදු කියන්නෙ නැතුව අලුත් දෙයක් කරන්න"මේරියන්ස්"ට බැරිද ?

ගොඩක් අය අහනවා“අලුත් දේවල් කරන්න බැරිද, මේ පරණ අයගේ සිංදු කියනවා ඇරෙන්න" කියලා. මට අලුතෙන් දේවල් කරන්න තියෙන වෙලාව තමයි මම මේ සඳහා කැපකරන්නේ. මොකද මම විශ්වාස කරනවා අතීතයේ ගැයූ මේ සුන්දර ගීත නාමාවලිය දිහා හැරිලා බලනකොට සමාජයේ ගුණාත්මක බව තුඩුදෙන වෙනස්ම ගීත රැල්ලක් ඒ කාලෙ තිබුණා.

හැට හැත්තෑව දශකයේ නරක මිනිස්සු නොහිටියාම නෙමෙයි. බහුතරයක් ගත්තාම බොහෝම විනීත සමාජයක් අපේ රටේ තිබුණා. එකඑක්කෙනාට ගෞරව කරන, පිළිගන්න, වැදගත්කමක් තියෙන සමාජයක් තිබුණා. අද වෙනකොට ඒක එන්න එන්නම පිරිහිලා ගිහිල්ල තියෙනවා. කතාකරන භාෂාවේ ගෞරවයක් නැහැ. අද FM නාළිකාවකට සවන් දුන්නොත්,'අඩෝ' ගාගෙන නිවේදික නිවේදිකාවන් කතාකරනවා. ඔයා භාෂා විෂය පවා හෑල්ලුවකට ලක්වෙච්ච යුගයක තමයි ඔබ සහ මම ජීවත්වෙන්නේ. ඉපදෙන දරුවා ඒ දේවල්වලට තමයි සවන් දෙන්නේ.

ඒවා වෙනකොට හෙට දවසේ අනාගත සංස්කෘතියේ ගුණාත්මක බව කොහෙටද යන්නේ. ඉතිං මගේ වෑයම ඇවිල්ලා, මට සිංදු ගොඩක් නිර්මාණකරලා ඔය දේ වෙනස් කරන්න බැහැ. නමුත් අතීතයේ තිබෙන ගීත නැවත වර්තමානයට අදින්නෙ ඒවායෙන් අපට ගත හැකි උපරිම ප්‍රයෝජන අද සමාජයට දායාද කරන්නයි.

ක්ලැරන්ස් Unplugged කියන කතාව 2008 දී අපි එළියට දැම්මෙ නැත්නම් ඒගීත ඔහේ තියෙයි. අද වෙනකොට ලොකු පිබිදීමක් වෙලා තියෙනවා ක්ලැරන්ස්විජේවර්ධනයන්ගේ ගීත. ඒදේවල් එක්කUnplugged කියන කතන්දරයත් එක්ක මිනිස්සු බැඳුණා‍.ඒහා සමාන දෙයක් තමයි මේ සී.ටී. ප්‍රනාන්දු ප්‍රසංගය කියන්නෙත්. ඊළඟ පරපුරට නැවත අතීතය දායාද කිරීමක් තමයි මෙයින් වෙන්නේ. මම බයනැතුව කියනවා කිසිදු මාධ්‍යයක් නැහැ එවැනි ගීතවලට ප්‍රමුඛ ස්ථානයක් දෙන. සංගීත කණ්ඩායමක් සහ සාහිත්‍ය කලාවට බොහෝම ලැදි කලාකරුවෙක් හැටියට මම උත්සාහ කරන්නේ අපේ කණ්ඩායමත් එක්ක ඒ කටයුත්ත සමාජගත කරන්නයි. අද මට පේනවා පුළුල් ලෙස මේදේ ව්‍යාප්ත වෙනවා. ප්‍රසංගයට හොඳ ඉල්ලුමක් තියෙනවා. ප්‍රවේශපත්‍රත් හොඳට අලෙවි වෙමින් පවතිනවා. ඒකියන්නෙ මේ සඳහා හොඳ ප්‍රවණතාවක් තියෙනවා කියන එකයි. මම මේ ලිපිය මගින් දැනුවත් කරන්නේ, ප්‍රසංගයට එන්න පුළුවන් අය ඉන්න පුළුවන්, බැරි අය ඉන්න පුළුවන්. දවසක් ලැබුණු වෙලාවක හෝ සී.ටී. ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා හොයල බලලා, යූටියුබ් එකට ගිහින් හෝ මේ සිංදු ඇහැව්වොතින් මේවා මොන තරම් සුන්දර ගීතද කියලා දැනේවි. සංගීතය පැත්තද, ඒවල තියෙන තනු නිර්මාණයද හරිම උසස් ගණයේ තියෙනවා. සංගීතය විඳින්න හදපු ගීත සී.ටී. ප්‍රනාන්දු මහත්මයාගේ ගීතත් එක්ක තියෙනවා. එහෙම තමයි අපේ කටයුත්ත මේ 20 වැනිදා 'ආවේ මරියා ශ්‍රවණගාරයේ' පවත්වන්නේ. මීගමු පුරවරය කියන්නේ සංගීතය ජීවිතය කරගත් මිනිස්සු ජීවත්වන පිරිසක් ඉන්න නගරයක්. ඉතිං අපි මේක උපරිම මට්ටමින් ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ජයසංඛ ප්‍රනාන්දු

2016-08-16-ent-78

 



අදහස් (0)

අපේ වැඩිහිටි පරම්පරාවට අහන්න ගීත කිසිදු නාළිකාවක විකාශය වෙන්නෙ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 795 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 299 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1192 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site