( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනකු පළමු වරට ඉන්දුනීසියාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධි සඳහා ශිෂ්‍යත්ව හිමිකර ගෙන ඇතැයි ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේය
ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් දෙදෙනකු වන, ලුතිනන් කර්නල් ජනක රණවීර සහ ලුතිනන් කර්නල් කෝසල විජේකෝන් යන මහත්වරුන් මෙම ඉන්දුනීසියාවේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක රාජ්‍යතාන්ත්‍රික (ජාත්‍යන්තර) ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව හිමි කර ගෙන ඇතැයිද එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ශ්‍රී ලංකා හමුදා පුහුණු ඉතිහාසයේ, ඉන්දුනීසියානු ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකා හමුදාවට ශාස්ත්‍රපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනමන ලද පළමු අවස්ථාව මෙය වේ.
එම යුධ හමුදා නිලධාරීන් දෙදෙනා ජකර්තා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා තානාපති යසෝජා ගුණසේකර මහත්මිය හමුවිය. මෙම හමුව සඳහා අමාත්‍ය උපදේශක (ආරක්ෂක) කොමදෝරු නලින්ද්‍ර ජයසිංහ මහතා ද සහභාගී විය.
2021 අගෝස්තු 30 වැනි දින ඉන්දුනීසියානු ජනරජයේ ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් වෘත්තීය, ශාස්ත්‍රපති, ශාස්ත්‍රපති සහ ආචාර්ය අධ්‍යාපන වැඩසටහන්වල විවෘත කිරීමේ උත්සවය සෙන්තුල් බොගෝර් හි ඉන්දුනීසියානු ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උත්සව භූමියේ දී පැවැත්වීය.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අපේ විරුවන් දෙදෙනකුට ඉන්දුනීසියාවෙන් ශිෂ්‍යත්ව
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 September 2021 10:56 AM
සන්තෝෂයි. රටට කීර්තියක් ගෙනදුන් ඒ දෙදෙනාට අපගේ ප්‍රශංසාව ... ඒත්, මේ රටේ මිනිසුන් වෙන වෙනත් අංශ වලින් තවත් ජයග්‍රහණ ගේනවා. ඒ අය ගැනත්, සොයා බලා නිසි අයුරින් ඇගයීම් වෙන්නට ඕනෑ. බොහෝවිට අපේ රටේ හැම විටම ඇහෙන්නේ දකින්නට ලැබෙන්නේ, අගැයීමට ලක්වන්නේ, තෝරාගත් කොට්ඨාශයන් කිහිපයක් පමණයි. ඒ කියන්නේ රටේ ජනපති හමුදාවේ සිටි අයෙකු නිසා එතුමා වැඩිපුරම වරප්‍රසාද, වරදාන දෙන්නේ, හමුදාවට. යුද්ධයෙන් රට බේරාගත් සියලු ආරක්ෂක හමුදා වලට සැවොම ණය ගැතියි. ඒකේ කිසිදු විවාදයක් නැහැ. ඒත්, ජපානය ඇතුළු දියුණුවට ගිය බොහෝ රටවල් රටේ පොදු මහජන ශක්තිය ඉහළින් සිතූ නිසා තමයි ඔවුන් ඒ ජය ලබා තිබෙන්නේ.