IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අපේ 'ශිවන්‍යා' වූ පූර්ණිමා

2016-08-18-ent-120

මොකක්ද? මේ රහස.... මම ඒක සොයා ගන්නවමයි.....

”ශ‍්‍රිව දේවාලයේ මැණික ආරක්ෂා කළේ මගේ අම්මයි, තාත්තයි. ඒ ගොල්ලෝ මගේ අම්මවයි තාත්තවයි මරලා දැම්මා. රිතික් මට ඔයාට ආදරේ කරන්න පුළුවන් වුණත් මට ඒක කරන්න බැහැ.”

මගේ ඊළඟ දඩයම තමයි.....?

හඬ කැවීම් අතරතුර අපි ගියා ශිවන්‍යාව සොයාගෙන.

මොකක්ද ඊළඟ දඩයම?

ඒක කුතුහලයක්.... කතාව නරඹලාම ඊළඟ දඩයම මොකක්ද කියලා බැලූවොත් හොඳයි නේද? මම කියනවට වඩා නැරඹුවොත් තවත් රසවත් වේවි.

මේ දිනවල රූපවාහිනී නාට්‍ය පේ‍්‍රක්ෂකයන් අතර ඉහළම තැනක සිටින ටෙලි නාට්‍යයක් වන ”පේ‍්‍රම දඩයම” අතිශය ජනප‍්‍රියත්වයට පත්ව ඇති ඉන්දියානු කතාවක් ලෙස හැඳින්විය හැක. ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා තුළින් නිතර කතාබහට ලක්වෙන පේ‍්‍රම දඩයමෙහි ප‍්‍රධාන චරිතය ”ශිවන්‍යා” පේ‍්‍රක්ෂක ආකර්ෂණය නොමදව දිනාගෙන ඇති තැනැත්තියක්. කවුරුත් ආදරය කරන ඉන්දියානු ශිවන්‍යාගේ චරිතයට හඬ කැවීමෙන් දායකවන අපේ ශිවන්‍යාව සඳැල්ල අපි සොඳුරු කථාබහකට එකතු කරගත්තා.

 

නම - පූර්ණිමා විදේශිකා

වයස - අවුරුදු 20

අධ්‍යාපනය - පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය තමයි මගේ පාසල. 2015 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ පෙනී සිටියා. දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. උසස් පෙළ හැදෑරුවේ කලා අංශයෙන්. අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න තමයි මගේ එකම අරමුණ.

 

එතකොට හඬ කැවීම් ශිල්පිණියක් වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

2016-08-18-ent-121හඬ කැවීමේ ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ අහම්බෙන්.

 

මීට පෙර ඔබ හඬ කැවීමෙන් දායක වෙලා තියෙනවද?

නැහැ. මේ තමයි මම කරන මුල්ම හඬ කැවීම. කටහඬ පරීක්ෂණයකින් තමයි මම මේ චරිතයට තේරුණේ. ඇත්තටම මගේ යාළුවෙක් මාර්ගයෙන් තමයි දීපාල් සාමක අයියා මට මුණගැහෙන්නේ. සිරසේ අලූත් කතාවකට අලූත් කටහඬක් සොයනවා කියලා තමයි මම කටහඬ පරීක්ෂණයට සහභාගි වුණේ. ඒත් ප‍්‍රධාන චරිතය ලැබෙයි කියලා නම් හීනෙන්වත් හිතුණෙ නැහැ. මොකක් හරි චරිතයක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා.

 

‘ශිවන්‍යා’ කියන ඔබ හඬ කවන චරිතය ගැනත් කතාකරමු.

මට දැනෙන විදිහට කෙනෙක් රඟපාන චරිතයකට ඒ හැඟීම දෙන්න හිතන තරම් ලේසි නැහැ. ශිවන්‍යා කියන චරිතය තුළ මම ජීවත් වෙමින් තමයි ශිවන්‍යාට හඬ දෙන්නේ. හිතනවා චරිතයට සාධාරණයක් මට කරන්න පුළුවන් වුණා කියලා. පළිගැනීම, ආදරය, සෙනෙහස, සතුට, කඳුල මේ හැම දේම එක්ක හරි සුන්දරව ගලායන චරිතයක් තමයි ශිවන්‍යා කියන්නේ. ශිවන්‍යා කියන චරිතය පළිගැනීමෙන් පටන් ගත්තට ආදරයෙන් අවසාන වෙන්නත් පුළුවන්.

 

කොහොමද ශිවන්‍යයට ලැබෙන ප‍්‍රතිචාර.?

වැඩිපුරම ප‍්‍රතිචාර ලැබෙන්නේ ෆේස්බුක් එකෙන් තමයි. හැම තිස්සෙම ශිවන්‍යාගේ පෝස්ට් දාලා තියෙනවා. ගොඩක් අය ඒ චරිතයට ගොඩක් ආදරෙයි. ඒ වගේම බනින අයත් ඇති. තවම බනිනව නම් මට ඇහිලා නැහැ. මම මේ ක්‍ෂෙත‍්‍රයට අලූත්. මම අලූත් නිසා මගේ අඩුපාඩු තියෙනවා ඇති. වැරදෙන වාර අනන්තයි. වැරදි හදාගෙන මේ ගමනේ ඉදිරියට යන්න දීපාල් අයියා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. කටහඬට කැමති ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන් ශිවන්‍යා කියන චරිතය මගේ හඬින් අද ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ලබනවා නම් ඒ දීපාල් අයියා නිසා. ඔහු තමයි හඬකැවීම් අධ්‍යක්ෂක. ඔහු මේ වෙලාවේ ගොඩක් ගෞරවයෙන් මතක් කරනවා.

 

දැන් ඔබව ගොඩක් දෙනා හඳුනන්නේ හඬ කැවීම් ශිල්පිනියක් විදිහට. ඒත් ඔබ ගායිකාවක් කියලා පේ‍්‍රක්ෂකයෝ දන්නේ නැනැ නේද?

ඇත්තටම ”මුතුහර” රියලිටි තරගාවලියෙන් ගායන අංශයෙන් අවසාන හතර දෙනාට මම තේරී පත්වුණා. මුතුහර රියලිටි තරගාවලියේ මේ වසරේ නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන්න ආරාධනා ලැබිලා තියෙනවා. ගායනය, නිවේදනය හැමදෙයක්ම සමබරව වර්ධනය කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

හඬ කැවීම් පිළිබඳ ඔබ මීට පෙර හැදැරීමක් කරලා තියෙනවද?

විශේෂයෙන් කියලා හැදෑරීමක් කරලා නැහැ. මම තනියම දෙබස් පුහුණුවීම් කරනවා.

 

දිගටම කලාව පැත්තෙන් ඉදිරියට යන්නද බලාපොරොත්තුව?

කලාව අතහරින්නේ නැහැ. කලාව තුළ ඉන්න ගමන් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. හැබැයි මගේ වෘත්තිය කවදාවත් කලාව වෙන්නේ නැති වේවි. ඉගෙන ගන්න දෙයින් රටට සේවයක් කරන්න තමයි බලාපොරොත්තුව.

 

ඔබ මීට පෙර විකාශය වූ ඉන්දියානු ටෙලි නාට්‍යවලට ඇලූම් කළ කෙනෙක්ද?

ඔව්. මම ඉන්දියානු ටෙලි නාට්‍ය නරඹලා තියෙනවා. හැබැයි උන්මාදයක් තිබුණේ නැහැ.

 

ඉන්දියානු කතාවකට මේ විදිහට හඬ කවන්න අවස්ථාව ලැබේවි කියලා හිතුවද?

අම්මො.... කවදාවත් හීනෙකින්වත් හිතුණේ නැහැ. මේ වගේ අවස්ථාවක් ලැබේවි කියලා. අඩුම තරමේ කොහොමද මේ හඬ කැවීම කරන්නේ කියලවත් මම දැනන් හිටියේ නැහැ.

 

බාහිර කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතු කොහොමද ඉදිරියට කරගෙන යන්නේ?

මම පාසල් යන කාලේ ඉඳලා බාහිර වැඩවලට සම්බන්ධ වුණා. මම කරදරයක් විදිහට කිසිම දෙයක් දකින්නේ නැහැ. මම වැඩකරන්න, ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙන්න ආසයි. කලාව පැත්තට මම ගොඩක් කැමතියි. ඒ වගේම කලාව පිළිබඳව ඉගෙනගන්නත් ගොඩක් ආසයි.

 

කලාව පැත්තෙන් මොනවද අලූත් වැඩ?

Shadow Drama, Aerobics වලට සම්බන්ධවෙලා ඉන්නවා. සමබරව සියලූ දේ කරගෙන යනවා. ලංකාවෙ කලාව තුළින් පේ‍්‍රක්ෂකයාට දැනෙන අලූත් වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ”ශිවන්‍යා” නිසා දැනටමත් පේ‍්‍රක්ෂකයා අතර මම නොමැකෙන චරිතයක් වෙලා. හිතේ සතුට කියාගන්න බැරි තරම්.

 

පූර්ණිමා සැබෑ ජීවිතේදී කොයි වගේ චරිතයක්ද?

ශිවන්‍යා තරම් නම් නපුරු නැහැ. හැබැයි අහිංසකත් නැහැ. කෙනෙකුගේ ජීවිතේ වෙනස් වෙන්න යන්නේ පුංචි වෙලාවයි. ඒ වගේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ ශිවන්‍යා කියන චරිතය. හැමදාමත් මම ශිවන්‍යා කියන චරිතයට ආදරෙයි.

 

නදීෂා අතුකෝරළ / ඡායාරූප ඉෂාන් සංජීව

 

2016-08-18-ent-125
2016-08-18-ent-122



අදහස් (0)

අපේ 'ශිවන්‍යා' වූ පූර්ණිමා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1247 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 251 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2185 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1221 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 443 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site