IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අපේක්ෂකයෝ මහ රොත්තක් විනෝදයට ඡන්ද බිමේ

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගෙන් සියයට අනූවක්ම ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය නොව වෙනත් වෙනත්  පෞද්ගලික අරමුණු සහ  බලාපොරොත්තු  ඉටුකර ගැනීමට බව පෙනී යන්නේ යැයි  මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

තානාපති තනතුරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තනතුරු ලබාගැනීම, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීම් ලබා ගැනීම, ආණ්ඩුකාර ධූර, සංස්ථා සභාපතිකම් ඇතුළු විවිධ තනතුරු ලබා ගැනීම, මීළඟ මහ මැතිවරණයේදී තරග වැදීමට ජන පදනම සකස් කර ගැනීම, පිළිගත් දේශපාලන පක්ෂවලට සූක්ෂම ලෙස ඇතුළුවීම සහ  ඒවායේ නිලතල ලබා ගැනීම, මාධ්‍යයන්හි වෙන් කෙරෙන ගුවන් කාලය පාවිච්චි කරමින්  ප්‍රධාන අපේක්ෂකයන්ට කෙලින්ම හෝ අනියමින් සහාය දැක්වීම සහ  මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම   යනාදී කාරණා
මෙම අපේක්ෂකයන්  ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර වන බව  නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.

පළාත් පාලන ආයතනයක මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සඳහා හයිය ලබා ගැනීම මීට පෙර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයකුගේ අරමුණ වූ බව  ඔහුගේම ප්‍රකාශයකින් තහවුරු වූයේ යැයිද  හෙතෙම සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

මින් වැඩි පිරිසක් ව්‍යවසායකයෝ, දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරු  වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ අපේක්ෂකයන් විශාල වශයෙන් ඉදිරිපත්වීමෙන්  වැඩිවන සෑම අපේක්ෂකයකු වෙනුවෙන්ම  කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි.



අදහස් (6)

අපේක්ෂකයෝ මහ රොත්තක් විනෝදයට ඡන්ද බිමේ

පිටරැටියා Monday, 19 August 2024 04:36 PM

ජනාධිපති වෙන්න ඉල්ලන අය මෙතරම්ම ඉන්න එකම රටත් ලන්කාව වෙන්න ඇති...

:       0       0

දසත Monday, 19 August 2024 05:46 PM

මම කිව්වේ මෙයාලා ඡන්ද කඩන වැඩේට බැහැලා ඉන්නේ කියලා...!

:       0       0

Dharmatileke Monday, 19 August 2024 05:56 PM

කිසිම ස්වාධීන අපේක්ෂකයෙකුටවත් ඡන්දය දෙන්න එපා...

:       0       0

m. saman perera Monday, 19 August 2024 07:12 PM

හරිම විනෝද කාමී රටක්, ජනාධිපති කම එච්චර පහතට වැටිලා...

:       1       23

G. B. S. හේවාරාළ Tuesday, 20 August 2024 12:48 AM

එතකොට ඒ වැඩිවෙන අපේක්ෂකයෙකුට යන වියදම ඇප තැම්පතුවක් ලෙස අර ගන්න, 5%ක් වත් ඡන්ද ලබා ගන්න බැරි නම් ඒ ඇප තැම්පත් රාජසන්තක කරන්න. රුපියල් කෝටි දෙකක් කියන්නේ දැන් කාලේ මහ ගාණක් නොවේ... විදේශ රටක කම්කරු මට්ටමේ නොවන සාමාන්‍යයෙන් හොඳ රැකියාවක් අවුරුදු දෙකක් කෙරුවා නම් ඔය මුදල ඉතිරි කර ගන්න පුළුවන්... ඉතින් ව්‍යාපාරිකයින්ට ඕක කොහොමත් කජ්ජක් නොවේ. ඒ නිසා ඒ මුදල අය කර ගන්න විනෝදකාමී සියලු අපේක්ෂකයින්ගෙන්...!!!

:       0       0

Rohana Tuesday, 20 August 2024 10:00 AM

සෑම අපේක්ෂකයෙකුටම මැතිවරණය සඳහා රජයට දැරීමට වන වියදමට සමාන මුදලක් ඇපමුදලට එකතුකර අපේක්ෂකත්වය අනුමත කළොත් අනවශ්‍ය අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්විය හැකියි. එසේම ඡන්දයෙන් පසුව ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 25% ට වැඩියෙන් ගන්නා අපේක්ෂකයින්ගේ ඇප මුදල ආපසු ලබාදිය හැකියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 332 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 615 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1484 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1713 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2174 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1107 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20388 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18333 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site