(යොහාන් භාසුර)
රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ආනයනික රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරන ලෙස ආනයන සහ අපනයන පාලකවරයා උපදෙස් දී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
රජය පසුගිය අපේ‍්‍රල් මස අගදී පැනවූ එම තහනම හේතුවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා රසායකින ද්‍රව්‍ය අඩංගු ආනයනික බහලූම් 50 කට ආසන්න සංඛ්‍යාවක් වරායේ හිරවී තිබූ බවත් ආනයන සහ අපනයන පාලකවරයාගේ මෙම උපදෙස් සමඟ ඉදිරි දින කීපයේදී එම බහලූම් නිදහස් කරනු ඇතැයි ද රේගුව සඳහන් කරයි.
රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණ කිරීමත් සමඟ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට නිකුත් කර තිබූ සියලූම බලපත‍්‍ර අවලංගු වීමෙන් මෙම රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරගැනීමට නොහැකි විය.
කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත අවසර ලබාදීමට ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පසුගිය 6 වැනිදා ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අපනයන පාලකවරයාගේ උපදෙසින් රසායනික තොගයක් නිදහස් කරයි
siri Friday, 14 May 2021 12:14 PM
සියලුම ගොවියන්ට පොහොර නොමිලයේ දෙනවා කියලයි පොරොන්දු උනේ. දැන් සල්ලි දීල ගන්නත් නැහැ. තහනම් කරනවා ඒඋනාට ගෙන්වන්න දෙනවා. දෙකම එකයි හැබැයි වෙනස්.
මරාSaturday, 15 May 2021 02:11 AM
මෙවා අහන්න වුණානේ... අපේ හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ...කොහෙද සිරිසේනත් එක්ක බෑනේ....
siriSaturday, 15 May 2021 08:42 AM
යන්නේ කොහෙද මල්ලේ පොල්...? කවුරු උනත් වැරද්දක් වැරද්දක් හැටියට පෙන්වා දෙන එක වෙන කාට හරි මුට්ටි ඇල්ලීමක් කියා හිතෙන එකයි වැරැද්ද.... " මගේ අතිනුත් වැරදි උනා. වැරදි කරපු අයට දඬුවම් දෙන්නේ නැතුව මම ඔවුන් ආරක්ෂා කළා. ලඟදි ළුණු එහෙම කෑවද? අල එහෙම කෝමද?. දැන් සැපද ? " කියපු මිනිස්සු කරපු දේ වටහා ගන්නේ නැතුව කරපිට තියාගෙන ඉන්න තුරාවට මේ රට හදන්න බැහැ... යාලුවා.
kamak Saturday, 15 May 2021 03:10 AM
එක රටක් එක නීතියක්.?