වකුගඩුවක් සහ අග්න්‍යාශය යන දෙකම සම්පූර්ණයෙන්ම අක්‍රියවූ පොළොන්නරුවේ පදිංචි වයස අවුරුදු 45ක පුද්ගලයකුට වකුගඩුවක් සහ අග්න්‍යාශය යන අවයව දෙකම එකවර ලංකාවේ දී පළමුවරට සාර්ථකව බද්ධ කිරීමට අනුරාධපුර රෝහලේ වකුගඩු පර්යේෂණ හා ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු සමත්වූහ.
ඒ සඳහා පැය 14ක ශල්‍ය කර්මයක් සිදුකැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක්.(හේ)
මෙලොව ජීවකයාණෝ ඔබයි! (නි)
අපේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය ගැන ආඩම්බරයි (නි)
ඔබට අපේ උත්තමාචාරය! (නි)
අපේ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය ගැන ආඩම්බරයි (හේ)
වාසනාවන් ඔබ සැමට සියලු දෙවි රැක වරණයි.(හේ)
ගොඩක් ආඩම්බරයි. එ්ත් මට නම් සෑහීමකට පත්වෙන්න බැරි අපේ රටේ මැති ඇමතිලා ජනාධිපතිලා මෙවන් උතුම් මිනිසුන්ගෙන් රටට වැඩක් ගන්න ඔවුන්ට අවශ්‍ය පහසුකම් සළසා නොදෙන එකයි. (නි)
වෛද්‍ය සදාත්, ඔබටත් ඔබේ කණ්ඩායමටත් සුභ පැතුම්! (නි)
ඉදිරියට තව වැඩ බලාගන්න පුළුවන් අපේ දොස්තරවරුන්ගේ. (නි)
ලෝකයටම ආදර්ශයක්. මමත් අනුරාධපුර. ඒ නිසා මටත් හරි ආඩම්බරයි (නි)
නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය වෛද්‍ය අන්වර් සදත් මහතාට අපේ ප්‍රණාමය! ආඩම්බරයි (නි)
ආඩම්බරයි අපට ඔබ ගැන (නි)
හොඳයි. හැබැයි ස්ට්‍රයික් කළොත් නම් මේ කතා වෙනස් වෙනවා (නි)
නුවරඑළිය ගාමිණි විදුහලේ ආදී සිසුවෙක් වූ වෛද්‍ය අන්වර් මහත්මාණනි, ඔබ අපේ පාසලට ආඩම්බරයකි. ඔබට සුබපතන මාද ආදි ගාමිණියෙක්මි. ඔබට ජය! (නි)
මෙවන් වෛද්‍යවරුන්ගේ සේවය රටට යොදාගන්නේ නැති සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් ඇත්තටම ලංකාවට උවමනාද? ඇමතියෙකුට සහ දෙපාර්තමේන්තුවකට ගෙවන පඩිනඩි වලින් ඇමතිවරුන් අයින් කළා නම් සමහරවිට ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය මිට වඩා දියුණු වෙන්නත් ඉඩ තිබුනා. (නි)
අග්න්‍යාශය වැනි අවයවයක් බද්ධ කිරීමක් දියවැඩියා රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් වේවි. ඔබ ගැන ආඩම්බරයි. (නි)
ආඩම්බරයි අපේ වෛද්‍යවරුන් ගැන. පිටුපස සිටින උපකරණ ඉංජිනේරුවන්ද ගෞරවයෙන් සිහිපත් කරමි (නි)
විශිෂ්ට රාජකාරියක් (නි)
සරත් මහතා විතරයි බුද්ධිමත් අදහසක් දක්වා තියෙන්නේ. සියලුම දෙනාට ගෞරවය හිමිවිය යුතුයි. වෛද්‍යවරයා ඉංජිනේරුවා වගේම තමන්ගේ ජීවිතයත් අවදානමට අරගෙන හදිසි රෝගියෙක්ව ගෙනියන ගිලන් රථ රියදුරාගේ සිට සියලුම කාර්යය මණ්ඩලයට ගෞරවය හිමිවිය යුතුයි. නමුත් ලංකාවේ ගොඩක් මිනිස්සු හැමදේම මනින්නේ පිටින් පෙනෙන දෙයින් විතරයි. අනිත් අයත් සිහිපත් කරනවා නම් වටිනවා. එ්ක ඒ අයටත් දිරිගැන්වීමක් වෙනවා. (නි)
අයියෝ! අපේ දක්ෂයින්ට ඕවා සුළු දේවල්. (නි)
මිහිබට දෙවිවරුනි, නුඹලාට ලැබෙන පින අනන්තයි (නි)
මේ වෛද්‍යවරු අපේ මිහිපිට දෙවියන් හා සමානය (නි)
තවතවත් මෙවැනි ජනතා මෙහෙවර කිරීමට එම වෛද්‍ය සහ කාර්ය මණ්ඩලයට ශක්තිය ලැබේවා ! (ර)
මෙලොව දෙවිවරු. තෙරුවන් සරණයි. (ර)
මෙවන් දක්ෂ වෛද්‍යවරු ඉන්න රටේ මිනිස්සු සිංගප්පුරු යනවා ඇඟිල්ලක් කැපුනත් බෙහෙත් දා ගන්න අනේ ධාතුසේන රජ තුමාවත් හිටිය නම්. (ර)
මෙවන් වෛද්‍යවරුන් රටට වාසනාවක් (නි)
ඔය දෙක මාරුවුණ සමහර අයත් ඉන්නවා අපේ පාර්ලිමේන්තුවේ (නි)
ශ්‍රී ලංකාවේ දිරිය දූ පුතුන්ට අවශ්‍ය නම් ඕනෑම කාර්යයක් කළහැකියි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා! (නි)
මේ ආශ්චර්යවත් අනුරාධ නගරයයි. වෛද්‍යවරුනි, මේ පින්බිමේ තවත් ආශ්චර්යවත් දෑ කිරීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා! (නි)
ඔබතුමන්ලා තුමියන්ලා අතිවිශිෂ්ටයි. මෙවැනි අතිදක්ෂතා තියෙන දෙවිවරු වගේ වෛද්‍යවරු අපේ රටේ සිටිද්දී ඇයි අපේ අය ඇමෙරිකා, එංගලන්තේ, සිංගප්පූරුව වගේ රටවලට දුවන්නේ. (නි)
ඒ වුණාට අපේ සමහර අයට මොන අමාරුවක් හැදුනත් දුවන්නේ සිංගප්පුරුවට (නි)
ඉතාමත් ආඩම්බරයි. (ර)
රෝගියාට ඉක්මන් සුවයත්, වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී තිරජීවනයත් ප්‍රාර්ථනා කරමි. (නි)
අපේ වෛද්‍යවරු මොනතරම් දක්ෂද? (නි)
මේවා අපේ වෛද්‍ය විද්‍යාවේ හාස්කම් (නි)
අවශ්‍ය පහසුකම් තියෙනවා නම් අපේ වෛද්‍යවරුන්ට ඕවා කරන්න බැරි නැහැ. ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඉතින් තවත් බනින්නකෝ අපේ දොස්තරලට. (නි)
අපි ඔබට ණයගැතියි. ස්තුතියි! (නි)
මගේ උණුසුම් අාශිර්වාදය! රෝගියා චිරාත් කාලයක් ජීවත්වේවා! (නි)
සැත්කම සාර්ථක වුණ එක ගැන අපිට සතුටුයි (නි)
දැන් ලංකාවේ වෛද්‍ය විද්‍යාව ඉතා දියුණුයි (නි)