ටෙන්ඩර කැඳවීමක් හෝ ඇස්තමේන්තු නොමැතිව අනුරාධපුර නාගරික ගණකාධිකාරී විසින් කවරක්කුලම විශාඛා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට රුපියල් 5,49,320 ක් දීම ඇතුළු අක්‍රමිකතා කිහිපයක් කළැයි ලැබුණු පෙත්සමක් අනුව අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතාගේ කාර්යාලයට පැමිණ පසුගියදා ප්‍රකාශයක් ලබාගත්තේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා කොළඹ එෆ්සීඅයිඩියට කැඳවා ප්‍රශ්න කළ බව පසුගිය 23 වැනිදා ලංකාදීප වෙබ් අඩවියේ ‘අපුර නාගරික කොමසාරිස්ගෙන් එෆ්සීඅයිඩිය ප්‍රශ්න කරයි‘ යනුවෙන් පළවූ ප්‍රවෘත්තිය සාවද්‍ය බව ඔහු පවසයි.
අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය තම කාර්යාලයට පැමිණ එම සිද්ධි සම්බන්ධයෙන් තමන් පැවැත්වූ විමර්ශන හා අභ්‍යන්තර විගණන ගැන තොරතුරු ලබාගත්තා මිස තමා කොළඹ කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නොකැඳවූ බව අනුරාධපුර නාගරික කොමසාරිස් කියයි.
ටෙන්ඩර කැඳවීමක් හෝ ඇස්තමේන්තු නොමැතිව අනුරාධපුර කවරක්කුලම විශාඛා කාන්තා ග්‍රාම සංවර්ධන සමිතියට රුපියල් 5,49,320ක් දීම ඇතුළු අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංඔය පරීක්ෂණයක් පවත්වයි.
නාගරික කොමසාරිස්වරයා සම්බන්ධයෙන් නගර සභාවේ ශ්‍රීලනිප රාජ්‍ය සේවා වෘත්තීය සේවක සංගමයේ සභාපති ඩී.කේ.ජේ.ගුණසේකර මහතා පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මේ පරීක්ෂණය ඇරැඹිණි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් අනුරාධපුර නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා විමර්ශනයක් ද කර ඇත.
නගර සභාව සතු වාහන සඳහා නියමිත ක්‍රියා පටිපාටියට ටෙන්ඩර් නොකැඳවා රුපියල් 34,00000 ක වටිනාකමින් යුත් ටයර් තොගයක් ගෙන්වීම ද, 2014/2015 වර්ෂවලදී ගංවතුරෙන් පීඩාවට පත් නගර සභා සේවකයන් සඳහා ලබාදීමට රුපියල් 3,80000 ක වටිනාකමින් යුත් ආහාර තොගයක් නීත්‍යනුකූල නොවන අන්දමට වරකාපොළ ස්ටෝර්ස් ආයතනයෙන් ලබාගෙන එම ආහාර මලු සේවකයන්ට ලබානොදීම සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී ඇතැයි කියති.
ගණකාධිකාරී සම්බන්ධයෙන් ජනපතිටද මූල්‍ය අපරාධ විමර්ශන අංශයට ද උතුරු මැද පළාත් පාලන කොමසාරිස්ට ද පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අ‘පුර නාගරික කොමසාරිස් එෆ්සීඅයිඩියට ගියේ නෑ‘