හෙරොයින් මත් කුඩු පැකට් තුනක් සමග අනුරාධපුරයේ නීතීඥයකු බව කියන 35 හැවිරිදි විවාහකයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා සාලියපුර පරසංගස්වැව නිවසක දී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් තිලකරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව එම නිවසට ගිය පොලිසිය එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත්, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් දැනගන්නට ඇත.
වෘත්තීය නීතීඥවරයකු මීට පෙර මෙවැනි සිද්ධියකට අත්අඩංගුවට ගෙන නැතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියම්දෝ ඒ දුක කිවේ ඔන්න ඕකටයි. (ස)
කවුරු හරි තරහ කාරයෙක් හෝ ඊර්සියා කාරයෙක් කරාද දන්නෙත් නැහැ. (ස)
අද ලංකාවේ සිටිනා ප්‍රභූවරුන් යයි කියා ගන්න කොටසම තමා මෙම මත් කුඩු වලට සම්බන්ද . ලඟදි අල්ලපු ලොකුම මත් කුඩු කන්ටේනර් එකටත් රජයේ ඉහලම දේශපාලන සහ ලොකු නිලදාරීන් සමහර ප්‍රසිද්ද ඇමති පුත් වරුන් වෘත්තීය නීතීඥවරු, ඉහල පොලිස් නිලදාරීන් .ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගෑවුනා. හෙට අනිද්දා වන විට මොනවායින් මොනවා වෙයිද මන්දා.(නදී)
කවුද කියන්නේ ලංකාවේ ලොකුම සල්ලි කාර්ය ධම්මික පෙරේරා කියලා. කුඩු විකුණන දේශපලයකෝ තමා අංක එකේ සල්ලි කාරයෝ . හබි එකක් තියෙනවා. අපේ ගෙවල් ළඟ කුඩු විකුනපු කෙනෙක් මැරුනේ පනුවෝ ගහලා (නදී)
තරහට කුඩු දමල ඇල්ලුවද දන්නේ නෑ. කිලෝ අටක් හරි දෙසිය හැටක් හරි තිබුනා නම් නිදහස් (ස)
තරහට කුඩු දමල ඇල්ලුවද දන්නේ නෑ.විරුද්ධ අදහස් තියෙන නීතීඥයකු නම් ...(දිල්)
බලමු මොකද වෙන්නේ කියලා.(නදී)
මේ නීතීඥ වරයා හොඳ දල කාරයෙකුට විරුද්ධව නඩුවක් එහෙම කිව්වද දන්නේ නෑ, මෙයාට කුඩු දාල වගෙයි මටනම් පෙනෙන්නේ? . (නදී)
සරත්, ඔයාද මම හොය හොයා ඉන්න සරත් සමරකූන් කියන කෙනා. (නදී)
මෙහි පොඩි සැකයක් තියෙනවා .පොලීසිය හෝ වෙනත් අයෙක් මාර්ගයෙන් කුඩු ගෙදරට ගෙනල්ල දමල ඇල්ලුවද ? මේක කවුරුහෝ පොලීසියට දුන් කොන්තත්රුවක්.(නදී)
මේ කුඩු කන්ටේනර් ගෙනල්ලා අහුවෙලා නඩු නැතිව නිදහස් වු අයට නීතිය කෝ(නදී)
කුඩු නම් කූඩු කරන්න. (නි)
අපේ නීති ක්‍රියාත්මක කරන්නන්ගේ වැඩ කිඩ ගැන දන්නා අය මෙතන සිදුවිය හැකිම දේ ලියල තියෙනවා. මං හිතන්නෙත් ඒකමයි. මේක නම් උගුලක්, පලි ගැනීමක්. (නදී)
මේකනම් පොලිසියේ ප්ලෑනක්! (නදී)
මම මේ ගමට වසර ගණනාවක ට ඉහතදී කිහිප වතාවක් ගිහින් තියෙනවා. මේ ගමේ වැඩි හරියක් ඉන්නේ අහිංසක ගොවියෝ. ඉගෙන ගෙන නීතිඥයන් වූ අලුත් පරම්පරාවේ අයත් ඇති. චැනල් 4 පිරිසව අනුරාධපුරයෙන් එහාට යන්න නොදී උසස් තානාන්තර ගත්ත අයට බාධා කළා වැනි කතාවක් ඔස්සේ ඔත්තු කරුවා ලවාම මේ වැඩේ කරවන්න ඇතැයි කියා අප තුලද සැකයක් ඇතිවී තිබෙනවා. ආයුධ පෙන්නන්න ගිහින් නඩුවයි තීන්දුවයි දඬුවමයි එක විනාඩි 5 න් දෙන රටේ ඕකත් අරුමයක් ද? (නදී)
අනුමානයක් නැහැ මේක නම් තරහකාරයෙක්ගෙ හොර වැඩක්. මේ නීතිඥයා අමාරුවේ දාන්න. මීට වඩා මහා පරිමාණයෙන් කුඩු බිස්නස් කරන අය ඇල්ලුවේ නැහැ. පැකට් තුනක් කිව්වම නම් ලොකු සැකයක් තියෙනවා මේ ගැන. (ස)