(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන් සදහා අද (8) දින දිවා ආහාරය සදහා රැගෙන ආ කුණු වූ මුහුදු මාළු කිලෝ 31 ක් වළ දැමීමට බන්ධනාගාරයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් පියවර ගෙන තිබිණි.
බන්ධනාගාරයට මුහුදු මාළු සැපයුම් කරන අනුරාධපුර ව්‍යාපාරිකයකු විසින් මෙම මුහුදු මාළු තොගය අද බන්ධානාගරයේ සැපයුම් අංශයට බාරදී තිබේ. එම මාළු කිලෝ 31 තොගයට බල සහ අලගොඩුවෝ යන මාළු වර්ග ඇතුළත් වේ.
එම මාළු තොගය පරික්ෂා කිරිමේදී ඒවා කුණු වී යල්පැන ගිය මාළු තොගයක් බවට අනාවරණය විමෙන් පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් ඒවා බන්ධනාගාර භූමියේ වළ දමා තිබේ.
මෙම කුණු මාළු තොගය ආපසු තමන්ට ලබාදෙන ලෙස මෙම ව්‍යාපාරිකයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටියද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඒවා මෙසේ වළදමා තිබේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම ව්‍යාපාරිකයාට දැඩිව අවවාද කර මුදාහැර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරි රෝහණ අජිත් මහතාගෙන් කළ විමසුමේ දී ඒ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අ’පුර බන්ධනාගාරයට කුණුමාළු කිලෝ 31 ක් යවලා
විජිත් Monday, 08 February 2021 06:15 PM
අපරාදේ කුණු මාළු වැලලුවේ. ඔය කුණු මාළු දියවන්නාවේ හොල්මන් මන්දිරයේ ඉන්න, මිනිස් ලේ බොන නරින්ට කන්න දෙන්න තිබුණනේ. ඔවුන් හරි ආසයි "ජරාව" කන්න. ඒ නිසාමයි මිනිස්සුන්ට බොරු කියලා ඡන්දෙ අරගෙන ඔතනට ඇවිල්ලා ඉන්නේ...