අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.වී.එස්.ස්ටීවන් (58) ගෝනාව පණ්ඩුකාභයපුර පාර අයිනේ වැටී මැරී සිටි බව පොලීසිය කියයි.
අඟහරුවාදා රාත්‍රී 11.30 ට පමණ ඔහු වැටී සිටි බවත් ඔහුගේ වැඩ අවස්නවී ඇත්තේ පස්වරු 7.30 ට බවත් සොයාගෙන ඇත. ඔහු තඹුත්තේගම පදිංචිකරුවෙකි.
ඔහු හෘද්දයාබාධයකින් මිය ගිය බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී සොයා ගත්තේ යැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර කොටුවක්වත් පැනලද? (ස)
එහෙනම් කොහෙහරි ගිහින් සෙට් වෙලා වෙඩි වෙලා එනගමන් වැටුනද දන්නේ නෑ. (ස)
දැන් උතුරු මැදත් දකුණ වෙලා වගෙයි (නි)
මරා දාලද මැරිලා වැටිලද?? (ස)
අවනීතිය, මැර බලය දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉදිරියෙන්ම තිබීම මේ වෙන අපරාධවලට මුලික හේතුවයි. (නි)
ගව ඝාතනයත් මිනිස් ඝාතනයත් වහා නැවැත්විය යුතුයි. (ස)
අයියෝ සල්ලි
පොලිස් පරික්ෂකට මෙහෙම වුනා නම් අපිට කොහොම වෙයිද? (ස)
අනේ මන්දා මට නම් මොකුත් තේරෙන්නේ නැහැ (දී)
මරා දාලද? මැරී වැටිලද? කියලා තාම දන්නේ නැහැනේ. (නි)
ජීවිතය තණ අග පිනි බිඳකි
වෛද්‍ය පරීක්ෂණයක් කලාද
අනුරාධපුර වැනි පින් බිමක මේ වගේ අපරාධ වෙනකොට හරිම දුකක් දැනනවා. කොටින්ගෙන් බේරාගත් රජ රටට මොකද මේ වෙන්න යන්නේ ? (දී)
ශරීර ආබාධයකින්ද කව්රුහරි මැරුවද කියලා දන් නැහැනේ ? ඒක නිසා මුකුත් කියන්න බැහැ.(ස)
මැරිලද, මරලද ? දැන් මැරිලා ඉවරයි. එත් මරලද කියල හොයන එක පටන්ගන්න.(ස)
මහත්තයා, ඔයාගේ වෙන්වීම අපහට දරාගත නොහැකි දුකකි.නුඹ මියගියත් කිසිදිනක ඔබේ මතකය මිය නොයැදෙන ලෙසට රටේ ජීවත් වුණ පුද්ගලයෙකි.අන් මතුබවයක ඔබ අප අතරේම ඉපදේවා කියා ප්‍රාර්ථනා කරමි. මේ ගයාන්.ඔබට නිවන් සුව අත්වේවා! (නි)