IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අප්‍රිකාවේ විශාලතම පන්සල ඇත්තේ දකුණු අප්‍රිකාවේය

මෙම පන්සල ආරම්භ වුනේ  1992 වර්ෂයේදීය.  එහි සියලුම කටයුතු සදහා අවශ්‍ය මුදල් සම්පාදනය සහ ඉදිකිරිම සිදු කලේ හුයි ලී නම් වූ චීන ජාතික මහායාන හිමිනමකි. උන්වන්සේ ප්‍රථමයෙන්ම කාමර 72 ක් උඩ තට්ටුවේ ඇති යට තට්ටුවේ අනෙකුත් විහාර දාන ශාලා කාර්යාල ඇති පැරණි රජ මාලිගාවක රවුම් ආකෘතියක ගොඩනැගිල්ලක් ඉදිකළහ. මෙහි කොළ පාටින් ඇත්තේ එම ගොඩනැගිල්ලයි.


ඉන් අනතුරුව අප්‍රිකාවේ තරුණ ළමයින් සදහා බුදු දහම ඉගැන්වීමට බෞද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් ඉදිවිය.  එහි කටයුතු සිදු කරගෙන යන අතරතුර ආගන්තුකයන්ට නැවතීම සදහා නිවෙස් 75 ක් පමණ ඇති ගම්මානයක් ඉදි විය. ඉන් පසුව වෙනම භූමියක නේවාසිකව භාවනා කිරීමට සුදුසු භාවනා මධ්‍යස්ථානයක් ද ඉදිවිය.


මෙම කටයුතු වලින් නොනැවතී විශාල පිරිසකට වන්දනා කළ හැකි ඇති විශාල විහාර මන්දිරයක් ඉදි කෙරිණි.  මෙහි ඇති කහ පැහැති විශාල ගොඩනැගිල්ල එයයි.

මෙම සියලුම ඉදි කිරීම් කටයුතු සදහා ඇමෙරිකන් මුදල් ඩොලර් කෝටියක් රුපියල් කෝටි 127ක්  පමණ වැය කර ඇත. මෙම මුදල් වලින් වැඩි ප්‍රමාණයක් ලැබුනේ  චීන ජාතිකයන්ගෙනි.

ඉදිකිරීම් කටයුතු අවසන් කල උන් වහන්සේ පසුව එම රටෙහි තවත් පළාත් කිපයකද පන්සල් ආරම්භ කළහ  මෙම පන්සල් සියල්ලට දේශීය සහ විදේශීය විශාල පිරිසක් බෞද්ධ දර්ශනය සොයා එති.

එම කටයුතු නිමවා ඉන් පසුව උන් වහන්සේ අවධානය යොමු කළේ  අප්‍රිකාවේ වාසය කරන ලක්ෂ  ගණනාවක් වන අනාථ ළමුන් සදහා අනාථ නිවාසයන් ඉදි කොට එම ළමයින්  සමාජයට වැදගත් වන පිරිසක් බවට පත් කිරීමයි.  එම අදහසට අනුව මේ වනවිට මලාවි සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය යන රටවල  එම කටයුත්තද ක්‍රියාත්මක වේ.

මෙම සියල්ලම ජිවිත පරිත්‍යාගයෙන් සිදු කරන හුයි ලී හාමුදුරුවන් වහන්සේ සමග ටැන්සානියාවේ වාසය කරන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන්ගේ  කුළුපග මිතුරෙකි.

 




අදහස් (0)

අප්‍රිකාවේ විශාලතම පන්සල ඇත්තේ දකුණු අප්‍රිකාවේය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 118 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 220 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 196 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 377 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 360 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 636 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site