IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අ‘පුරට අදත් වැස්සොත් වැව්වලට හානි ?

අනුරාධපුරයේ ලොකු කුඩා වැව් 2994න් 80%ක් පමණ වාන් දමතියි වාරි ඉංජිනේරුවෝ කියති.

පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.එම්.ජේ.හේරත් මහතා පවසනුයේ අද තදින් වැසි ලැබුණහොත් එම ජල කඳ වැව් වලට දරාගත නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවයි. අනුරාධපුරයේ පැරැණිම වැවක් වන නාච්චදූව වැවේ සියලුම දොරටු අද විවෘත කැරිණි.

දොරටු හයම අඩි 6 බැගින් ඔසවා ඇතැයිද මල්වතු ඔය නිම්නය මුළුමනින්ම වාගේ යටවී ඇතැයිද දුම්රියපොළ අසලින් පටන්ගන්නා ජයන්ති මාවතේ සපත්තු පාලමද අඩි 6ක් පමණ යටවී පූජා නගරයේ බොහෝ තැන්වලට ගංවතුර ගලා ඇතැයි ද මල්වතු ඔයේ ගල්පාලම ද යටවී ඇතැයිද වාර්තාවේ.

අනුරාධපුර නුවර ප්‍රධාන මාර්ගය හරහා කලත්තෑව ප්‍රදේශය මැදින් ගලා බසින ජලය හේතුවෙන් කලැත්තෑව මහා  විද්‍යාලයද වසා දැමීමට සිදුව ඇත.

අදත් තද වැහි පවතී.

අනුරාධපුර තිරප්පනේ නැගෙනහිර නුවර ගම්පළාත, නොච්චියාගම, තලාව, ඉපලෝගම, පලාගල, තඹුත්තේගම ගංවතුරු හානි වාර්තා වේ.

පවුල් 650ක පමණ 1400කට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බවත් ඔවුනට නවාතැන් හා පිසූ ආහාර සපයා ඇති බවත් පී.පී.ජී.කුමාරසිරි මහතා කියයි.

පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට මුදල් වෙන්කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. හදිසි මරණයක් සඳහා රුපියල් ලක්ෂයක් ද, ආපදාවකට ලක්වී මිය යන ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක් ද ගෙවීමට නියමිත බව ඇමැති කියයි. දේපළ හානි වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි ගෙවන බවත් ඔහු කියයි. ජාතික රක්ෂණ බාර අරමුදලද විපත් වන්දි ගෙවන බව ඇමැති කියයි.

ගංවතුරෙන් හා නායයෑම් හේතුවෙන් අවතැන් වන පුද්ගලයකුට දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 150 සිට රුපියල් 225 දක්වා වැඩිකිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

Nachaduwawewa Nachaduwawewa_1

ජායාරූප - දයාරත්න ඇඹෝගම

apura_2016517 apura_20165172 apura_20165173 apura_20165174

ජායාරූප කිත්සිරි වනසිංහ



අදහස් (0)

අ‘පුරට අදත් වැස්සොත් වැව්වලට හානි ?

ලක්මාල් Tuesday, 17 May 2016 11:07 AM

අතිතයේනම් වැසි අපුරට අයහපත් උනේ නැහැ. (ර)

:       0       0

චන්දන Tuesday, 17 May 2016 06:56 AM

රටේ නායකයෝ වග කියන්න ඕනේ මෙවැනි විපත් රටකට ආවම (ම)

:       0       0

බණ්ඩාර Tuesday, 17 May 2016 07:33 AM

මේවා වෙන්නේ රටට නරක කාලයක් එනකොට. මේක දේව ශාපයක් (නි)

:       0       0

වරුණ Tuesday, 17 May 2016 08:05 AM

අපේ රටේ අපේ පුජනිය තැනක් වුණ අනුරපුරේ නගරයට කාගේ ඇස්වහක් වැදිලද? (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 17 May 2016 06:05 AM

වැව්වල තියෙන මඩ අයින් කළා නම් වැව් මේ වගේ වාන් දමන්නේ නැහැ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 469 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1797 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1111 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1891 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1313 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site