IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අපුරට ගොල්ෆ් පිටියක්

ශ්‍රී ලංකාවේ පස්වෙනි  ගොල්ෆ් ක්‍රීඩාංගනය  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා   අද අනුරාධපුර ගුවන් හමුදා මුලික කඳවුරේදී   විවෘත කළේය.

 ‘ඊගල් හෙරිටේජ‘  ගෝල්ෆ් පිටිය ලෙස නම් කර ඇති මෙය ශ්‍රී ලංකාවේ  පස්වන ගෝල්ෆ්  ක්‍රීඩාංගණය  සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  දෙවන ගෝල්ෆ්  ක්‍රීඩාංගණය ලෙස ඉතිහාසයට එක්වේ.

මෙම ක්‍රීඩාංගණය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සුන්දර පරිසරයක විදේශීකයින්ගේ ආකර්ෂනය ඇද ගැනීමට හැකිවන අයුරින් ඉතා අලංකාරව පිහිටා ඇති අතර එම ප්‍රදේශයේ පිහිටවූ පළමුවන ගෝල්ෆ්  පිටිය  මෙය වේ. 

එහි ගෝල්ෆ් ක්‍රීඩාවට අවශ්‍ය සියලූම පහසුකම් සලසා ඇති අතර  නවාතැන් පහසුකම්, ආහාර පාන, නාන තටාක, ආදි සියˆම පහසුකම් ලබාගත හැකිය.  

 ඹ්නෑම  පුද්ගලයෙකුට මෙම ක්‍රීඩාංගනයට පිවිසීමටත් ක්‍රීඩා කිරීමටත් හැකියාව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි. 

මෙය විවෘත කිරීමේ  අවස්ථාවට ගුවන් හමුදා මාන්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක,  ගුවන් මෙහෙයුම් අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක‍ෂක එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි, විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක‍ෂ එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ, ගුවන් කොමදෝරු සුදර්ෂණ පතිරණ, ගුවන් කොමදෝරු සාගර කොටකදෙණිය,ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවඅරු අණදෙණ නිළධාරි  ගෘප්  කැප්ටන් සම්පත් තුයියකොන්තා ඇතුළු  විශේෂ ආරාධිතයෝ  රැසක් සහභාගී වූහ.

 

 



අදහස් (0)

අපුරට ගොල්ෆ් පිටියක්

සෙන්තිල්නාතන් Sunday, 26 January 2014 11:07 PM

ඔයා පිට්ටනියේ රැදී තියෙන සමහර ගොල්ෆ් බෝල ,කිකිළි බිත්තරි කියලා ගොවියෝ අහුලාගෙන ගිහින් තම්බන්නත් පුලුවන්.(නදී)

:       0       0

බංඩාර Monday, 27 January 2014 02:56 AM

අපුර ජනතාවට අඩුවක් වී තිබුණු එකම දෙය මෙය තමයි. හවසට කුඹුරු කොටලා ගෙදර ඇවිත් වැවේ වතුරබීල වකුගඩු නරක් උනහම ගොල්ෆ් ගහන්න යන්න පුළුවනි. තවත් මේවගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා. (නදී)

:       0       0

ජයතිලක Monday, 27 January 2014 03:25 AM

මේ ගොල්ෆ් පිටියත් ලස්සනයි. පිටරට ගොල්ෆ් පිටි හරිම ලස්සනයි. තණකොළ කපලා තියෙන්නේ කොලපාට පලසක් එළුවා වගේ. දුබුරු පාට වේලිච්ච එක තණකොළ ගහක් දකින්න නැහැ.නඩත්තුව ඒ තරම් ඉහලයි. (නදී)

:       0       0

සොනාලි Monday, 27 January 2014 05:01 PM

ගයාන් මහතාණනි. පුවතේ සඳහන් ආකාරයට ඕනෑම කෙනෙකුට මේ පිටියේ ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදිය හැකිලු නේද.? එහෙම නම් ගයාන් හුරෝ !ආදී වාසි ඇත්තන්ට උනත් දුරුකතර ගෙවාගෙන අනුරාධපුරේට මන්ගච්චන්ට තහංචි පොජ්ජක් ඇටවිලා නැහැ නේද.? (අ)

:       0       0

සෑම් Monday, 27 January 2014 03:33 AM

රටක් දියුණු වෙනකොට මෙවකේ සුඛෝපභෝගී දේවල් ඇතිකල යුතුයි. නමුත් අනුරාධපුරය වැනි වියලි උණුසුම් පලාතක ගොල්ෆ් පිටියක් නඩත්තු කරන්න යන ජල ප්‍රමාණය සහ අනිකුත් වියදම් බැලුවාම පළාතේ දියුණුව සඳහා ප්‍රමුඛතාවය ගොල්ෆ් පිටියක් නොවේ. විදේශ සංචාරකයෝ මේ පළාතේ සාමාන්‍ය උෂ්ණත්වය ගැන දැනූවත් වූ ගමන් මෙහි සෙල්ලම් කරන්න කැමති වෙන්නේ නැහැ, හොඳින් වියදම් කරන්න හැකි විදේශ සංචාරකයන් සංචාරයට පෙර සියලුම දේවල් හොඳින් සොයා බලනවා. කෙසේ උනත් මේ ව්‍යපෘතියට සුබ පතමි. (නදී)

:       0       0

බමුණු Monday, 27 January 2014 03:52 AM

ගොවි මහතුන්ට නිවාඩු ඇති වෙලාවට ගොල්ෆ් ගහන්න පුළුවන් දවල් වෙනකොට ගම හාමිනෙලා ගොල්ෆ් පිටියට කයිය අරගෙන ඒවි නේද? (නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 27 January 2014 04:46 AM

නියමයි! (නදී)

:       0       0

ප්‍රීමා Monday, 27 January 2014 07:30 AM

අනුරපුරට තවත් ආලෝකයක්.(නදී)

:       0       0

අල්විස් Monday, 27 January 2014 07:50 AM

මේකට ගිය වියදම කියද.? කෝටි ගානක් වියදම් වෙන්ට ඇතිනේ. ඕනෙම පුද්ගලයෙකුට මේකේ ක්‍රීඩා කරන්ට පුළුවන් කියල කීවට ගොල්ෆ් උපකරණ කිට් එක්ක මිලදී ගන්ට කියක් යනවා කියලද හිතන්නේ.? මිළ අඩුම වර්ගය රුපියල් 35,000 සිට 90,000 වෙනවා. අනික ගොල්ෆ් ගහන්ට ඉගෙනගනට කොච්චර කාලයකුයි වියදමකුයි යනවද.? මේවා කරනවා වගේම දුප්පත් පාසැලක ළමයිට අඩුපාඩු ටිකකුත් හදන්නකෝ.(නදී)

:       0       0

සත්‍යයා Monday, 27 January 2014 08:02 AM

ගොල්ෆ් පිට්ටනි දාල විතරක් මදි. සර්ව ආගමික පල්ලියක් හා කාර් රේස් යන්න නව නගරයේ නව ධාවන පථයක්. හිඟන්නන්ට ප්‍රේමදාස විසඳුම දුන්නහම අනුරාධපුරය ඉබේටම ශුද්ධ (නගරයක්) වෙනවා. (නදී)

:       0       0

සොනාලි Monday, 27 January 2014 08:21 AM

අනුරපුරයට ගොල්ෆ් පිටියක් කුමටද? අපේ ගොවි ජනතාවට සෙල්ලම් කරන්නද? තද හිරු රැසින් ගත දහදියෙන් නැහැවෙද්දී අඹුඩ පිටින් ගොල්ෆ් ගහන ගොවි මහත්තුරත් මහියංගන පැත්තෙන් එන ඌරුවරිගේ ඇත්තො කෙටේරි පොජ්ජ ඉනේ පටලාන ගොල්ෆ් ගහන චිත්ත රුපත් මැවුනා. අනේ සාදු. සාදු. සාදු. (නදී)

:       0       0

කුමාර Monday, 27 January 2014 08:26 AM

අල්විස් ඔයා දන්නේ නැද්ද ගුවන් හමුදාවෙන් පාසල් කීයක් නඩත්තු කරනවද කීයලා.(නදී)

:       0       0

මේනක Monday, 27 January 2014 09:27 AM

හැම දෙයම අනිත් පැත්තට බලන කට්ටිය නිසා ලංකාව දියුණු කරන්න බැහැ. (නි)

:       0       0

ගයාන් Tuesday, 28 January 2014 02:22 PM

උපුල්, එහෙම හිතුවත් කමක් නෑ කියමුකෝ. සොනාලිලා වගේ අනුරාධපුරේ ගොල්ෆ් ගහන්න මහියංගනෙන් එන වැද්දෝ ගැනත් දොඩවන කට්ටිය ඉන්නවා. මේ අය එක්කෝ වැද්දෝ. එහෙම නැත්තන් කොළඹ සීත කාමර වලින් ජීවිතේට එලියට නොබැහැපු අය. (නදී)

:       0       0

අසේල Monday, 27 January 2014 10:50 AM

ඕකනම් හොඳ වැඩක්. නැත්නම් කවද්ද අපේ ගොවියෝ ගොල්ෆ් ගහන්න ඉගෙන ගන්නේ, හැමදාම බදානාගෙන ඉන්නව මිසක්. දැන් ඉතින් හැදිලා එයි. (අ)

:       0       0

සරත් Monday, 27 January 2014 11:48 AM

අනුරාධපුර ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය ගොල්ෆ් පිට්ටනියකද එහෙම නැත්නම් වකුගඩු රෝහලක්ද? වකුගඩු නරක්කරගෙන වගා කරපු වී ටික එළවලු ටික විකුණා ගන්න බැරුව, ළමයිට උගන්න ගන්න සල්ලි නැතුව ගොවියෝ දගලනවා. ළමා අපචාර ස්ත්‍රී දුෂණ වැඩිම පළාතක් උන අනුරාධපුරට තිබ්බ එකම අඩුවත් දැන් සම්පුර්ණ උනා. ඕක හදන්නයි නඩත්තු කරන්නයි යන සල්ලි වලින් පළාතට වැඩක් කරා නම් ඉවරයි.(නදී)

:       0       0

කමල් Monday, 27 January 2014 12:11 PM

ප්‍ර: අනුරපුරයට ගොල්ෆ් පිටියක් කුමටද? පි: මෙම ක්‍රීඩාවට ඉතාම සුදුසු දේශගුණය, අඹුඩ පිටින් පහසුවෙන් ක්‍රීඩා කළ හැකිවීම, උදැල්ල වෙනුවට ගොල්ෆ් පිත්තේ තාක්ෂණය භාව්තා කළ හැකි වීම, පානීය ජලය ගොල්ෆ් පිටි නඩත්තු කරන්න යොදා ගැනීමෙන් වකුගඩු රෝග නැතිම කළ හැකි වීම, ජල පෙරහණක මිළටම (රුපියල් 35,000 සිට 90,000) ගොල්ෆ් උපකරණ කිට් එක්ක මිලදී ගත හැකි වීම, අනුරපුරට තවත් ආලෝකයක් වීම වැනි දේ. (නදී)

:       0       0

සුකිරි Monday, 27 January 2014 02:44 PM

ගොල්ෆ් ක්‍රීඩාව ලෝකේ සල්ලි කාරයන්ගේත් සල්ලිකාරයන් සෙල්ලන් කරන ක්‍රීඩාවක්. ලොව වඩාත් ප්‍රචලික සහ සල්ලි දෝරේ ගලන පාපන්දු, රගර්,ටෙනිස් වගේ ක්‍රීඩාත් තියෙන්නේ ගොල්ෆ් වලට පිටිපස්සෙන්. අහරේ රජරට එළවලු කිලෝ හතලිස්දාහක් ඊයේ පෙරේදත් හරක්ට කන්ට දාල විකුණා ගන්ට බැරි උනයි කියල තියෙනවා. මෙහෙ ගොල්ෆ් ගහනවා.(නදී)

:       0       0

රාණි Monday, 27 January 2014 02:46 PM

ගොල්ෆ් තණකොළ වලට සෞම්‍ය දේශගුණයක් ඕනා කියලයි මන් නම් දන්නේ. තණ කොලත් පිට රටින් ගේනවා ඇතැම් පුද්ගලික ගොල්ෆ් පිට්ටනි අයිති සමාගම්. තවත් අසාර්ථක ව්‍යාපෘතියක් නොවේවා.... අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.(නදී)

:       0       0

ගයාන් Monday, 27 January 2014 02:47 PM

සොනාලි, මහියංගනේ කොහෙද අනුරාධපුරේ කොහෙද. ඔයාගේ ඔලුවේ ගොල්ෆ් බෝලයක් වැදුනද ලඟදි? (නදී)

:       0       0

මාලා Monday, 27 January 2014 02:50 PM

රන්ගිරි දඹුල්ල ක්‍රිකට් පිට්ටනිය, හම්බන්තොට ක්‍රිකට් පිට්ටනිය, හම්බන්තොට වරාය, හම්බන්තොට ගුවන්තොටු පොළ, නොරොච්චෝලේ විදුලිබලාගාරේ,නෙලුම් පොකුණ ඒ ලැයිස්තුවට ගොල්ෆ් පිට්ටනියකුත් ලියාගනින් මල්ලි. නැගලා යන ලැයිස්තුවට හයි වේ එකත් ලියා ගනින්. (නදී)

:       0       0

අල්විස් Monday, 27 January 2014 02:57 PM

අනේ අම්මප කුමාර අයියා. මං ඔහොම එකක් දැනං හිටියේ නැහැනේ. (නදී)

:       0       0

උපුල් Monday, 27 January 2014 03:23 PM

ප්‍රතිචාර දාලා තියෙන්නේ මෙලෝ හසරක් නොදන්නා කට්ටියක් . මේ අය හිතාගෙන ඉන්නේ අනුරාධපුරය කියන්නේ අමුඩ ගහගෙන ඉහින් කනින් දාඩිය පෙරාගෙන වැඩකරන ගොවියෝ ඉන්න නගරයක් කියලා. මෙය ඉතා සීග්‍රයෙන් දියුණුවෙන විවිධ පළාත් වලින් පැමිණ විවිධ රැකියා කරන මිනිසුන්ගෙන් යුක්ත නගරයක්. අධ්‍යාපන මට්ටම ඉහල තලයක තිබෙන මිනිසුන් මේ අය. පාරම්පරික ගොවියන් ඉන්නේ නගරයෙන් තරමක් ඈත. ඉතින් සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගෙන මේ වගේ ව්‍යාප්‍රති අත්‍යවශයයි. පටු විදිහට හැම දේටම ගරහන්න ලෑස්ති වෙන්න එපා . (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 296 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 69 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 185 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 247 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 340 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 433 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site