IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘අප්‍රේල් 24ට පෙර මහ ඡන්දෙට යනවා ‘

අප්‍රේල් 24 වැනි දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන බව රාජ්‍ය පරිපාලන හා බුද්ධ ශාසන අමැති කරූ ජයසුරිය මහතා බලපිටියේදී පැවසීය.

එම මැතිවරණයේදී  එජාපය හෝ ශ්‍රිලනිපය හෝ කවර පක්ෂයක් බලයට පත් වූවද දෙවසරකදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනැවීමට එකඟ වු බව ඇමැති සඳහන් කළේය.

පසුගිය රජයෙන් අහෝසි කළ ස්වාධීන කොමිෂන් සභා යළි පිහිටුවන බවත් දින සීයයෙන් ඉතුරු දින අසු හතරේදී දුන් පොරොන්දු ඉටු කරන බවත් ඔහු කීවේය.

 

 



අදහස් (0)

‘අප්‍රේල් 24ට පෙර මහ ඡන්දෙට යනවා ‘

සත්‍යපාල Sunday, 25 January 2015 10:13 AM

හැබැයි ඇමතිතුමෝ හෝම්වර්ක් ටික හරියට කරලා එන්න,නැත්නම් ජනතාව එදාට එකත් බලාගනිවී.(හේ)

:       0       0

රෝයි Monday, 26 January 2015 01:51 AM

සියලු දෙනාම දින සීයේ වැඩ පිළිවෙලට සහයෝගය දෙනවා කියල තියෙනවා. එහෙම නම් 2/3 බලයක් නැහැ කියන්නේ ඇයි ? 2/3 එකම පක්ෂයක අය සිටිය යුතුද? දන්නා කෙනෙක් කරුණ කරලා පිළිතුරු දෙන්න. (නදී)

:       0       0

සම්පත් Sunday, 25 January 2015 10:48 AM

අනවශ්‍ය කතා නවත්තල ආපු කාරණාව අනුව වැඩ කරලා පෙන්වන්න.(හේ)

:       0       0

වසන්ත Sunday, 25 January 2015 11:05 AM

කරුණාකර සිංහල සහ දෙමළ අවුරුදු සමයට පසු ඡන්දය තියන්න. (හේ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 26 January 2015 02:27 AM

"නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් බිඳකුත් හත් පට්ටයක් ඕනෑ කියනවා" අහලා නැද්ද? ඔය විධායකය ඉවත් කරනවා කියලා විජේතුංග ජනාධිපතිතුමාගෙන් පසු සිටි සියලුම ජනපතිවරු /වරියන් කිවුවා. කෝ කළාද? මේකත් එහෙමම වෙයිද? (නි)

:       0       0

බෙනට් Sunday, 25 January 2015 01:17 PM

මිනිස්සු ඡන්දෙ දුන්නේ ඔය විදායක ජනපති ක්‍රමයයි, මැතිවරණ ක්‍රමයයි, පරිපාලන ක්‍රමයයි වෙනස් කරනවා කියල දහ අතේ පොරොන්දු දුන්න හින්දා බව අමතක කරන්න එපා. එහෙම නැත්නම් මිනිස්සු මහින්දව දිනවනවා. දින 100 ට වඩා බලයේ ඉන්න නම් දුන්න ප්‍රදාන පොරොන්දු ඉටු කරන්නම වෙයි. නැත්නම් දින 100 න් ඉවර වෙච්ච ආණ්ඩුව කියල ඉතිහාස වාර්තාවක් තියන්න පුළුවන් වෙයි (නදී)

:       0       0

ජෙරාඩ් Sunday, 25 January 2015 02:01 PM

ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීමක් වෙන එකක් නෑ. 2/3 පාර්ලිමේන්තු බලය ගන්න පුළුවන් මේ වෙලාවේ ඕක නොකරනවා නම් ආයේ මැතිවරණයකින් පස්සේ ව්‍යවස්ථාව වෙනස් කරන්න 2/3 බලයක් ගන්න නම් සමානුපාත ක්‍රමය අනුව ලේසි නෑ. (නදී)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 26 January 2015 10:46 PM

සරත් පියසේන මහින්ද නැතුවට නම් කමක් නැහැ. (නදී)

:       0       0

ගුණේ Monday, 26 January 2015 03:53 AM

හුඟක් හොඳයි ඔය මහා මැතිවරණයත් දැන්ම තියෙනවා නම්. මොකද අපේ ඔලුව කැක්කුම එක පාරම හොඳ කරගන්න පුළුවන්. නැතිනම් හොඳ වීගෙන යන ඔලුව අමාරුව නැවත තවත් මාස තුනකින් පටන් ගන්නවා. දැන්ම තිබ්බොත් මේ කරදරෙන් නදහස් වෙලා අපේ කටයුතු ටික කරගෙන ජිවත් විය හැකියි. යම් ප්‍රමාණයක හොරු ටික සුද්ද කරපු පාර්ලිමේන්තුවකුත් හදාගත හැකිවෙයි කියා හිතනවා (නදී)

:       0       0

කිත්සිරි Monday, 26 January 2015 04:27 AM

මීළඟ රජයේ දැකිය හැකි වෙනස්කම් මොනවා වේවිද? (නි)

:       0       0

පීරිස් Monday, 26 January 2015 04:53 AM

ජනතාව බලාහිටියා වෙනසක් වෙයි කියල‍ා. ඒත් හැමදාම වුණේ එකම දේ සිද්ධවෙන්න කාලය ගතවුණ එක විතරයි. මේ අාණ්ඩුවේ සාධනීය ලක්ෂණ ‍ගොඩක් තිබෙනවා. ඒත් ඒ කොයි තරම් කාලයකටද කියන දේ තමයි ගැටළුව. ජේරාඩ් කියනදේට මම එකඟයි. මේ තමයි හොඳම අවස්ථාව. (නි)

:       0       0

විකුම් Monday, 26 January 2015 05:02 AM

දැනට කිව්වා වගේම ඉන්ධන මිල අඩුකළානේ. අනෙක් සේවා වලින් එය නොලැබෙන එකට පියවරක් ගන්න. දැනට ඉන්ධන වාසිය බස් රථ හිමියන්ට ලැබෙනවා. සියලු පුරවැසියන්ට මේ දේවල් ලැබෙන්න වැඩ කරන්න. ඊළඟ ඡන්දෙ දිනන්න පුළුවන්. (නි)

:       0       0

සරත් පියසේන Monday, 26 January 2015 07:06 AM

අලුත් පක්ෂයකින් තරඟ කර සියලු බලවේග පරාජය කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පෙළ ගස්සනවා .එම පක්ස නායකත්වයට .මහින්ද ,චන්ද්‍රිකා .දෙදෙොට ආරාධනා කරනවා ..එතකොට බොරු පුහු සංකල්ප බිදෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 424 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 131 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1903 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2363 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3749 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38560 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site