අපොස සාමාන්‍ය පෙළ විභාගයට උත්තර ලිවීමෙන් පසු ගංවතුර නිසා ගෙදර යෑමට නොහැකි වූ සිසුන් 50ක් මහඔය බොල්ලෑගල විහාරයේ ද සිසුවියන් 100ක් මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේද පහසුකම් සලසා දුන් අම්පාර දිසාපති නිල් ද අල්විස් මහතා ඔවුන්ගේ කෑම බීම ද ඇඳුම් පැලඳුම් ද ආරක්ෂාව ද සලසා දුන්නේය.ඔවුනට අඟහරුවාදා විභාගයට යෑම සඳහා සියලු පහසුකම් සලසා ඇතැයි ද දිසාපති පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා වැඩක් දිසාපතිතුමනි..ඔබතුමාට ස්තූතියි...(ස)
අන්න මිනිස්සු. ඔබට තෙරුවන් සරණයි (දී)
ඇත්තෙන්ම ලොකු දෙයක් ආරක්ෂාව සැපයීම.(ස)
මේ අපේ අනාගතය (දී)
නියම රාජ්‍ය සේවකයෙකුගේ උසස් මානසිකත්වය පෙන්වූ ඔබ රටේ අනෙකුත් නිලධාරීන්ටත් ආදර්ශයක්. (නි)
ස්තූතියි ! ඔබගේ උදාර සේවයට (ස)
අන්න දිසාපතිලා. ඔන්න ඔහොම හැමදාම ඉන්න එපායැ. (නි)
මේ වැස්සේ කොහේ යන්නද ? ගෙදර ඉන්නේ නැතුව (ස)
ස්තූතියි. යුතුකම් ඉටුකිරීමක්. අනෙක් අයත් මෙහෙම යුතුකම් ඉටුකරන්න. (නි)
අනෙක් දේශපාලකයින්ට හොඳ ආදර්ශයක් . ඔහුට සියලු දෙවියන්ගේ පිහිටයි (ස)
අම්පාර දිසාපති නිල් ද අල්විස් මහතා ස්තූතිය ඔබගේ සේවයට (ස)
බලගෙන සිසුවියන් ආරක්ෂා කරන්න.(නු)
සෑම නිලධාරියෙක්ම ඔබ වැනි වූවා නම් අද අපේ ලංකාවත් රටකි. (නි)