IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘අබාධිත උපාධිධාරිණිය රැකියාවක් සොයයි‘

පාසල් කාලයේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් ඇවිදීමට  නොහැකිව ආබාධිත වූ ඇම්බැක්කේ පදිංචි රුමේෂිකා දිල්රුක්ෂි පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි (සාමාන්‍යවේදී) දෙවන පංති (පහළ) උපාධියක් ලබා රැකියාවක් නොමැතිව වසර දෙකක් පමණ බලා සිටින්නීය.

‘මට උපතින්ම ආබාධයක් නෑ. මම අනික් ළමයි වගේම දුව පැන ඇවිදල සෙල්ලම් කළා. ඒත් මට අනික් ළමයි වගේ පාසල් යන්න බැරි වෙන තරමට 1999 දි රෝගයක් හැදුණා. ඒ නිසා මට 2005 වසරේදි ඇවිද ගන්න බැරුව ගියා. එතකොට මම අධ්‍යාපනය හැදුරුවෙ 3 වැනි වසරේ. ශිෂ්‍යත්වය පෙනි පෙනි ඉද්දි මට ඇවිද ගන්න බැරුව ගියා. නමුත් මම සටහන් පොත් රජයෙන් දුන්න පොත් පාඩම් කරල පාසලේ ලකුණු 124 ක් ලබා ගත්තා‘

‘දෙපයින් නැගි සිටින්නට නොහැකි වුවත් මට අවශ්‍ය වුණේ අධ්‍යාපනයෙන් ඉහළට ගිහින් රැකියාවක් කරල මගේ රෝගාබාධය සුව කරගෙන මගේ පවුලෙ අයට සලකන්න. ඒත් වසර දෙකක් ගත වුණත් මට ඒකට තවම අවස්ථාවක් නැ. කවුරුන් හෝ මට උදවු කරන්න‘ යැයි ඇය කියන්නීය.

සාමාන්‍ය පෙළ සමත්වී උසස් අධ්‍යපානය හැදෑරුව ද ආබාධිත තත්ත්වය නිසා පාසල් යාමට නොහැකි වූ නමුත් සිය යහළු යෙහෙළියන්ගේ සටහන් පොත් ලබාගෙන පාඩම් කටයුතු සිදුකළ බව ඇය කීවාය. පාසලින් උසස් පෙළට ඉදිරිපත් වීමට නොහැකි වුවද 2010 වසරේදි බාහිර විභාග අපේක්ෂිකාවක් ලෙස උසස් පෙළ විභාගයට ලියා සමත්වී 2011 දි පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයට  ඇතුළු වූ දිල්රුක්ෂි 2015දී උපාධිය ලබාගත්තාය.

බොහෝ දෙනාගේ උදව් උපකාර හේතුවෙන් උපාධිය ලබාගත් නමුත් තමා වෙනුවෙන් පියා වූ ණය ගෙවා තම රෝගය සුව කරගැනීම සඳහා මුදල් උපයා ගැනීමට රැකියාවක් බලාපොරොත්තුවන බවත් මේ වනතුරු රැකියා විශාල ප්‍රමාණයකට ඉල්ලුම් පත් දැමුවද කිසිවකින් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඇය සඳහන් කළාය. ඇගේ පියාගේ දුරකථන අංකය 0724143884 

1 3 6 16 17



අදහස් (0)

‘අබාධිත උපාධිධාරිණිය රැකියාවක් සොයයි‘

අබේරත්න Thursday, 29 December 2016 01:55 PM

අපේ රටේ අධ්‍යාපනය කියන්නේ ජීවිතය ගැට ගහගන්නට කරන සටනක එක්තරා අදියරක් ....සතුටින් ජීවත් වෙන්ට යහපත් ආර්ථිකයකුත් අවශ්‍ය නිසා මේ දරුවාට යහපත් රැකියාවකුත් ලබාදෙන්ට වගකිවයුත්තෝ ක්‍රියා කරනවානම් හොඳයි. මගේ යහළුවෙකුගේ උපාධිදාරී වැඩිමහල් සොයුරියට වයස හතළිහත් පහු වුනාට පස්සේ තමයි ගුරු වෘත්තිය රැකියාවක් ලෙසට ලැබුනේ.....(බ)

:       0       0

උරේෂා Friday, 30 December 2016 06:00 AM

ආණ්ඩුව කියනවා එ්ත් කාටවත් ජොබ් නෑ මහන්සිවෙලා ඉගෙනගත්තත් දැන් වැඩක් නෑ (බ)

:       0       0

නන්ද Thursday, 29 December 2016 05:40 PM

අපරාදේ ඔච්චර ඉගෙනගත්තේ. මොකුත් ඉගෙන නොගෙනම හිටියා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න තිබුනා. (නි)

:       0       0

අප්පුහාමි Thursday, 29 December 2016 10:35 PM

පසුගිය රජයේ වගේ මේ රජයේ සියළු දෙනාටම රජයෙන් රැකියා ලබාදිය යුතුයි (නි)

:       0       0

උපසේන Friday, 30 December 2016 12:10 AM

සාමාන්‍ය පෙළවත් පාස් නැති අයට තානාපති පට්ටම් දෙන රටක උපාධියට ගිය කලක්! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 30 December 2016 12:51 AM

තම දෙපය අප්‍රාණික වුවත් දෙපයින් නැගිට රටට සේවයක් කර ජීවිතය හා දෙමව්පියන් රැකගැනීමට වෙහෙස දරන මේ දුවනියට රජයේ හෝ පුද්ගලික අංශයෙන් කවුරු හෝ උපකාරයක් කරත්වා!! අඩුම තරමින් පුද්ගලික අංශයෙන්වත් යම් කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් හොඳයි. දුවේ, ඔබට තෙරුවන් සරණයි (නි)

:       0       0

නදීක Thursday, 29 December 2016 11:03 AM

උදව් කරන්න කැමැතියි. කරුණාකර සම්බන්ධ කරගත හැකි විස්තර දෙන්න (බ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 29 December 2016 11:07 AM

ඇවිද ගන්න බැරි තරමට වයසට ගිහින් මැරෙන කම්ම ජනාධිපති උපදේශක වෙලා ඉන්න පුළුවන් රටේ තරුණ උපාධිධාරිණියකට රැකියාවක් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 216 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1062 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 554 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3461 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2578 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4596 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site