ත්‍රිකුණාමලයේ දී වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් පුද්ගලයකු මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ අනුව වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනකු මියගොස් ඇත. මෙම වෙඩි ප්‍රහාරය ඩුබායි සැඟව සිටින මලීෂ නමැති අයකු මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ත්‍රිකුණාමලය - මහනුවර මාර්ගයේ කප්පල්තුරේ හන්දියේදී දී  ත්‍රිරෝද රථයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇති අතර එහි ගමන් ගත් තිදෙනාටම වෙඩි වැදී ඇත.

ඉන් දෙදෙනකු මේ වන විට මියගොස් ඇතැයි පොලිසිය කියයි.

------------------------------------------------------

ත්‍රි‘මලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට:දෙදෙනෙක්ට තුවාල

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය - මහනුවර මාර්ගයේ කප්පල්තුරේ හන්දියේදී දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙඩි ප්‍රහාරයට T.56 ගිනි අවියක් යොදාගෙන ඇති බවට මෙතෙක් සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වි ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

ත්‍රිරෝද රථයේ ගමන් ගත පිරිස ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එහි ගමන් ගත් තිදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර රොහලේ දී එක් අයකු මියගොස් ඇතැයි වාර්තා වේ.

චීන වරාය සහ උප්පවේලි පොලිසිය විමර්ශන සිදු කරයි.