IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අමාත්‍ය ධූර අහිමිවීම එතරම් දෙයක් නොවෙයි

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

අත්හැරීම ප්‍රගුණ කළ තමන්ට අමාත්‍ය ධූර අතහැරීම එතරම් දෙයක් නොවන බවත් අමාත්‍යංශ හතරක කාර්යයන් ඉතාම හොඳින් කළේය යැයි විශ්වාස කරන බවත් හිටපු සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (9) පෙරවරුවේ පැවසීය.

සංචාරක මණ්ඩලයේ සේවකයන්ගෙන් සමුගැනීමට පෙර ඔවුන් අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ පැවසීය.අධිකරණ නියෝගයට ගරු කරන බවත් මෙවැනි දෙයක් වියහැකි බව දැන දැනම ජනාධිපතිවරයාට එකතු වූ බවත් ඒ මහතා කීය.

අමාත්‍ය ධූරය ඉවත් කළ ද මෙරට පුරවැසිභාවය ඉවත් කළ නොහැකි බව කී ඒ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර දෙකක කාලය තුළ අවංකව සේවය කළ බව ද සඳහන් කළේය.

සංචාරක මණ්ඩයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ජනාධිපතිවරයා දැනුම් දෙන තනතුරුවලින් ඉවත්විමේ අවශ්‍යතාවක් නොමැති බවත් කරගෙන ගිය වැඩකටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය. 



අදහස් (16)

අමාත්‍ය ධූර අහිමිවීම එතරම් දෙයක් නොවෙයි

Buddika Friday, 09 August 2024 12:50 PM

ඔව් නැවත පාර්ලිමේන්තු එන්න මේ වගේ අයට මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ. හිටපු මන්ත්‍රී තමයි ඉස්සරහට. මොවුන්ගේ කෙරුවාව අපි දන්නවා..

:       20       112

ලසන්ත Friday, 09 August 2024 12:52 PM

සිත නිවන කතා. සිත නිවන කතා.

:       5       58

duplicate Ralahami Friday, 09 August 2024 12:57 PM

දැනගෙන හිටියනම් ඇයි අධිකරණයෙන් තීන්දුව දෙනකම් බලන් හිටියේ. තක්කඩිකමට ඔහොම වෙලා මදි.

:       8       70

nanda Friday, 09 August 2024 01:05 PM

තමන් ජාතික ලැයිස්තුවෙන් පත්කළ පක්ෂ නායකයාට අසික්කිත විදිහට බනිමින් කතා කරන විදිහ දකිනකොට ස්වභාව ධර්මයෙන් මොවුන්ට පටිසන් දෙන බව තේරුම් ගියා...

:       10       87

Kumara Friday, 09 August 2024 01:20 PM

රටක වැගගත්ම අමාත්‍ය දූර දරලත් මෙයා රටට කරපු දෙයක් තියෙනවාද​?

:       12       70

තිලාන් Friday, 09 August 2024 03:45 PM

මොනවද කරේ කියලා අහන මිනිස්සු පොඩ්ඩක් සංචාරකයන් ඉන්න පැති වලට ගිහින් බලන්න..

:       11       18

ලකී Friday, 09 August 2024 01:24 PM

ඒ කාලය තුළ ලබාගත් මන්ත්‍රී ඇමති වැටුප් හා අදාල වරප්‍රසාදවලට වැය කළ මුදල් ආපහු ගෙවන්න කියලා නියෝග කරන්නයි තිබුනේ.

:       7       54

Don Friday, 09 August 2024 01:48 PM

වැරැදිකරුවන් එකම විදිහයි.

:       3       36

ලසන්ත Friday, 09 August 2024 02:15 PM

අරයා මෙයා එක්ක එකතුවෙලා ගහපු ගේම් වලින් මහජන මුදල් අවභාවිතා කර ඇත්නම් පුරවැසිබව නොවේ කල්ප ගණනක් යනතුරු අපායෙන් ගැලවීමක් නැත...

:       5       38

Buddika Friday, 09 August 2024 03:04 PM

ඇමතිදූර නැතිවීම ප්‍රස්නයක් නොවුණාට හරි දුකයි නේද හරීන්...? මොකද රට වෙනුවෙන් කියලා unp ආවේ බලය වෙනුවෙන් බව අපි දන්නවා. හොඳ වැඩේ... නියමයි. කුම්බලා මාලු කෑවා නම් විඳවපන් දුක බළලෝ...!

:       4       33

තිලාන් Friday, 09 August 2024 03:42 PM

සංචාරක කර්මාන්තයට කරපු සේවයට බොහොමත් ස්තුතියි

:       11       7

Don perea Friday, 09 August 2024 03:44 PM

පාස්කු පහාරයට නිහඩව සිටි කෙනෙක්

:       0       8

අරවින්ද මොනරවිල Friday, 09 August 2024 03:53 PM

අයීස් ගහන එක තමයි අතහැර ගන්න බැරී !

:       4       19

ජයනාත් Friday, 09 August 2024 04:50 PM

සියල්ලම අත හරින්න කියල තාත්තා කියන්න ඇති .

:       0       14

Rata Perata Saturday, 10 August 2024 01:15 PM

මේ වගේ පිස්සු යක්කු ඉතින් ජාතික ලැයිස්තුවලින් ආවොත් තමයි. දැන් ජනතාව බුද්ධිමත්...

:       0       2

Janaka Monday, 12 August 2024 11:08 AM

මේ අය කොහොමද? රටේ නීතිය ආරක්ෂා කරන්නේ. නීති ගරුකව ජීවත් වන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 734 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4715 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2817 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 259 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1374 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1480 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28058 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site