අම්පාර කල්මුණේ මාර්ගය අද උදේ සිට පැය හතක් තිස්සේ අවහිර කළ නින්දවුර් වැසියෝ පාරේ ගමනාගමනය මුළුමනින්ම නතර කළහ.
ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ ගමට සොරුන් පැනීම වැළැක්වීමට පියවර නොගන්නා බවයි.
කිලෝ මීටර් දෙකක් ඈත කාර්තිව් හන්දියේ කැරලි මර්ධන පොලීසිය රැදවනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසමගියේ පෙරනිමිති (නි)
ඉහත සජීගේ අදහස සමඟ 100% එකඟ වෙමි. (ස)
නින්දවූර් යනු සෙනරත් රජු විසින් ලංකාවේ මුස්ලිම් ජනතාවට ලබාදුන් නින්ද ගමයි. නින්දගම නින්දවූර් ලෙස වෙනස්වී ඇත .දෙමලෙන් "උර් " කියනුයේ ගමටයි. නින්දගම නින්ද උර් උනා. මේ සඳහා සෙනරත් රජු මුස්ලිම්වරු වෙත පරම්පරා තුනකින් සිංහල වෙන ලෙස කොන්දේසියක් ද පනවනු ලැබුවා. අදටත් සිංහල වාසගම් තියෙන මුස්ලිම්වරු දකින්න ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. (ස)
මේක ලොකු බොරුවක්.මුස්ලිම් අන්තවාදීන් කලකට ඉහත දී "ග්‍රීස් යකා " ලෙස මැවුවෙත් මෙවැනිම කරුණක් මුල් කරගෙන.ඔවුන් ත්‍රිකුණාමලයේ , කෙන්යා නාවික අනු කණ්ඩයටද පහර දෙන්න හැදුවා. හමුදාව පැන්නීමට අරගල කිරීමයි මොවුන්ගේ අරමුණ. (ස)
ඇත්තටම ප්‍රශ්නේ හොරු සහ මහජනතාවගේ ද එහෙම නැත්නම්...කෝකටත් ප්‍රවේසමෙන් අවුරුදු 30 ශාපය පටන් ගත්තෙත් ඔය විදිහට තමයි... (ස)
කුමාරි, සරත්, ඒ පැත්තේ නන්දිකඩාල් නැද්ද? (නි)
කෙටියෙන් පවසමි .. ඔලුව දැමීමට පෙර මුට්ටිය දමා බැලීමක් සිදුකරමින් සිටී.. මගේ රටට දළදා හිමි සරණ පතමි..(නදී)
බොදු බල සේනාව මිනිසුන්ට නිවැරදි මගපෙන්වා නොදුන් නිසා ඇත්තෙන්ම මේවාට ඔවුන් වගකිව යුතුයි.(දී)
බොදුබල සේනාවට බැනල අදහස් පළකරපු දර්ශනිකයෝ කෝ මේවට අර්ථකතන දෙන්න (දී)
චෝදනාව සාධාරණයි. එහෙත් ජනතා සහයෝගයත් අවශ්‍යයි. (ස)
මොරාල, ඔබ හිතන්නේ මේ හොරු කවුරු විය හැකිද? මේ පැතිවල යමක් වෙද්දී වතුර කොරහෙත් කිඹුල්ලු සොයන්න වෙනවා. විවිධ කුමන්ත්‍රණ විය හැකිය. (නි)
දැන් ඔය විදියට ගියොත් කොළඹ ඔක්කොම පාරවල් වහන්න වෙයි. මොකද කොළඹ හැමතැනම හොරුනේ. (නි)
කුමාරි නෝනා ඔයා හිතන්නේ මොන වගේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලාද? පොඩ්ඩක් පැහැදිලි කරොත් ලොවක් වටි. පෙළක් අය ලියන්නේ මොනවා හරි මෙතන ලියන්ඩ ඕනේ කියල මිසක් අර්ථවත් අදහස් දමන්න නෙවෙයි. (ස)
උපන් ගෙයිම වැළලිය යුතු ප්‍රශ්නයක්.දිග දුර නොයවා සුපරික්ෂාකාරී විය යුතුමයි. (ස)
ගමට පනින්නේ සොරුන් වෙන්න බැහැ. සුක්ෂම බුද්ධියෙන් හිතන්න ඕනේ ප්‍රශ්නයක් ? (නදී)
කොයි ජනයාගේද දුමින්ද? (ස)
පාරේ ටයර් පුච්චා පාරට හානි කිරීම වැරදියි. රජයේ දේපල අලාභ හානි කිරීම.(නදී)