වී අලෙවි මණ්ඩලය අම්පාර උහන ගොවීන්ගේ වී මිලට ගැනීම නවතා ඇතැයි පවසමින් අම්පාර ගොවීහු අම්පාර මහඔය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (17) පැයක උද්ඝෝෂණයක් පැවැත් වුහ.
වී පැටවු ට්‍රැක්ටර් අම්පාර මහඔය පාරට ගෙනවිත් උද්ඝෝෂණය කිරීම නිසා මාර්ගයද අවහිර විය.
අම්පාර දිසාපති නිල්ද අල්විස් මහතා එහි පැමිණ වී මිලදී ගන්නා බව හා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක් වෙන් වී ඇති බව පැවසීය.
වී අලෙවි මණ්ඩලයේ ජංගම වී මිලදී ගැනීමේ රථ එහි යැවීමෙන් පසු උද්ඝෝෂණය නිමාවට පත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවින්ට හති වැටුනට පස්සේ ලාබෙට වී ටික ගන්න කට්ටිය බලාගෙන ඉන්නේ. (අ)
අපේ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වෙලාද කියලා මේ වගේ අදහස් වලින් තේරුම් ගන්න පුළුවන්. අනුන්ට හෙණ ගැහිලා ගියත් කමක් නැහැ, අපිට කරදරයක් වෙන්නෙ නැතුව. මමත් ගොවියෙක්ගෙ පුතෙක්. මගේ ළමා කාලෙ වේල් ගණන් බඩගින්නෙ ඉඳලා තියෙනවා. (නි)
පව් අසරණ ගොවියා අලින්ගෙන්,නිලධාරීන්ගෙන් ,ගංවතුරෙන්,නියගයෙන් හා පොහොර මගඩි වලින් පීඩා විදගෙන වගා කරලා දහ දුකින් නෙලා ගන්න අස්වැන්න විකුණා ගන්න නිසි යාන්ත්‍රණයක් හදන්න සමත් උනේ නැහැනේ. මේ පාලකයන්? අස්වැන්න ව්කුන ගන්නත් යුද්ධ කරන්න වෙලා .ඒ වුනාට ගිරිය පුප්පන් කෑගහන්නේ අපි වවමු රට නගමු කියලා.(නදී)
මෙම උද්ගොෂණයට ඔය පළාතේ පැරණිම ගොවි සංගමය සම්බන්ධද? එම සංගමයට දේශපාලන බෙදීමක් අතීතයේ තිබුනේ නැහැ.අදටත් එසේයි සිතමි. (නි)
අපරාදේ පිටරටින් හාල් ගෙනැල්ලා ලොකු කුට්ටියක් ගන්න බලා හිටපු ජරා ජීර්ණ දෙසපාලකයන්ටයි කුණු කොල්ලෙට වී ගන්න හිටපු කළුකඩ මුදලාලිලාටයි හරිම අකර තැබ්බයක් උනේ. (ස)
ඔන්න මඩ සෝදා ගත් කල අර මොකකටද මන්දා සුදුසුයි කියූ අයට වෙලා තියෙන දේ. පව්.... (ස)
අනේ පව් මේ අහිංසක මිනිසුන්. මොනතරම් නින්දිත වැඩක් ද මේ? හැමෝම ඡන්ද වලට වැඩ. වී ගන්න එක ගැන හිතන්න වෙලාවක් නෑ. (ස)
අයියෝ හමුදාව කැඳවලා වෙඩි තියන්න කෝ.. නැතිව කිසිම ගතියක් නැහැ ..අහවලාට නින්ද යන එකකුත් නෑ කෙනෙක්ව මරන්නේ නැතිව. (ස)
හලෝ වරුණ ගොඩ කාලෙකින්! උරුලෑවා තාම එනවද? (ස)
පින්වත් ගොවි මහතුනේ, උද්ඝෝෂණ කරන්න. කරුණාකරලා පාර වහන්න එපා , අපි ඔබතුමන්ලාට වැඩිය අසරණයි (නි)
සමහරක්ට තමන් කුසගිනි නිවා ගන්නේ කාට පින්සිඳු වෙන්න දැයි කියල වත් හිතන්නේ නැතිව අදහස් දමල තියනවා. පව් අහිංසක ගොවීන්ට අත් වෙලා තියන ඉරණම ගැන ගොඩක් කණගාටුයි. (අ)
ගොවි මහතුනේ නුඹලා සෑම කන්නයකදීම ඔය දුක විඳවනවා. ඉතින් ඇයි මේ ක්‍රමයේ වෙනසක් දකින්න කැමති නැත්තේ. (ස)
ගහලා පන්නන්න තිබ්බේ ආමි එකෙන් දාලා. (ස)
අනුරශාන්ත වෙනසක් කියන්නේ කොයි වගේ එක ක්ද? වෙන ආණ්ඩුවක් වගේ එකක්ද? අම්මෝ හිතනකොටත් බයේ බැහැ.(නදී)
ගොවිතෙන් කරන අයවලුන්ගෙන් බොහෝ දෙනෙක් බැංකුවලට ණයවෙලා නැති නම් මුදලාලිලාට ණයවෙලා තමා කරන්නෙ. පවුලේ නඩත්තුවට මුදල් හොයා ගන්ටත් එපායැ. ඉතින් ඒවා මිලදී ගන්නෙ නැහැයි කියපුවහම මිනිස්සුන්ගෙ සිහිය විකල් වෙලා මේ වගෙ දේවල් වලට පෙළඹීම අමුතු දෙයක් නෙමෙයි. නිලධාරීන් ගොවි මහත්තුරුන්ව අමාරුවේ දාන වැඩේ නම් කවුරුත් අනුමත කරන්නෙ නැහැ. (ස)
වැරැද්ද ආණ්ඩුවේ . අස්වනු නෙලන කාලයට හාල් පිටරටින් ගෙන්වීම නවත්වන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නය (ස)
මොහාන් කැමති හමුදාව දම්මලා අපිට කන්න බත සපයන ගොවියන්ගේ අත පය කඩවන්නද? නොමිනිස්කම් ප්‍රදර්ශනය කරන්න එපා! (ස)
රටේ සංවර්ධනය යනු ජනතාව අතට මුදල් ලැබීමය (නි)
ආසියාවේ ආශ්චර්යය මේක වෙන්න ඇති නේද ? (නි)
සිංහල මිනිස්සුන්ගේ රටේ තම නිෂ්පාදනය කරන බඩු විකුනන්න උද්ඝෝෂණ පෙළපාලි යන්න ඕනේ,,,වෙනත් ජාතින් පිටරටින් මත් කුඩු සහ වෙළද භාණ්ඩ ගෙනල්ල උණු කැවුම් වගේ විකුනවා ලබා ලබනවා තම ජාතිය වර්දනය කරනවා අපේ සිංහල මිනිස්සු පොලවට පස් වෙනවා...(අ)..
උද්ගෝෂණ කලාට කමක් නැත පාරවල් අවහිර කිරීම වහා නතර කල යුතුයි (අ)
අඬන්න ඕනෙලු කිරි එරෙන්න කියන්න ඕක තමයි. (අ)
මේ හැංගිලා ඉන්නේ කවුද.? මොකද මුහුණ හන්ගන් ඉන්නේ (අ)
රටට බත සපයන්න අත හිත දෙන, දුක්විදින, දහදිය හෙලන, ණය බරින් මිරිකෙන,ඉවසා දරා ගත නොහෙන අසීමිත දුක්ඛ දෝමනස්සයන් කරපින්නාගෙන, ඇප කැප වෙන මේ රටේ දුප්පත් අහිංසක ගොවිය ගේ වී ටික කලට වෙලාවට මිලදී ගන්න නිසි ක්‍රම වේදයක් සකසන්න, පාලකයන්ට /බලධාරීන්ට බැරිවෙලා තියෙන්නේ කාගේ කරුමයකටද කියල නම් හිතා ගන්නත් අමාරුයි. මේ මිනිස්සු ගැන හරිම දුකක් හිතෙනවා පවූ .(අ)
අඩන්නම ඕනලු කිරිඑරෙන්න , ජනපතිතුමනි, අස්වනු නෙලන කාලයට මෙම අසරණ ගොවින් තලා නොපෙළා ,සියලු අස්වනු මිලදී ගැනීමට ගතවූ කාලය මදිද? ඔබතුමාත් ගොවියෙක් නේද?(අ)
ගෙදරට වෙලා උද්ගෝෂණය කලාටහරියනවද?ප්‍රදීප්?අවශ්‍ය තැන් වලට ඔය අපුරුවට වැදිලා තියෙන්නේ. (අ)
මම උද්ඝෝෂණ අනුමත නොකළත් මේ උද්ඝෝෂණය අනුමත කරමි.රජයේ වගකීමක් පැහැර හැරීමක් වගේ. (නි)
පව් අහිංසක මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා අන්තිමට තමන්ගේ වී ටික විකුණා ගන්න උද්ඝෝෂණ තියන්නත් ඕනේ (අ)
ඇමතිලා නම් 'හැටහුටමාරක්' විතර ඉන්නවා. වැස්සටයි,අව්වටයි විතරයි නැත්තේ. එත් දේශීය නිෂ්පාදන වලට මොනවා කරන්නද කියලා කවුරුවත් දන්නේ නැහැ. මේවායේ රගේ දන්නේ කට්ට කාලා මහන්සි වෙන ගොවි මහත්වරු විතරයිනේ. (නි)
මෙවැනි සිදුවීම් වීමට මුලික වන්නේ අප රටට සහල් ආනයනය කරන තැරැව්කරුවෝ නිසාද, එසේ නැත්නම් සහල් රටේ පරිබෝජනයට වඩා වැඩියෙන් තිබීමද වේ. රටට බත සපයන ගොවීන්ට සාධාරන තීන්දු දීම වෙළද ඇමතිගේ යුතුකමක් වගේම ගොවින් සාධාරනව ඉල්ලීම් දිනාගැනීම ගොවීන්ගේ වගකීමකි (නි)
හිටවපු දේ විකුණගන්න බැරි රටක්? (නි)
බොහොමයක් ප්‍රශ්න වලට පිළිතුරු නොදී කරන්නෙම පාරවල් හදන එකනේ. ප්‍රශ්නයක් විසද ගන්න ඕනෑ වුණහම කරන්න තියෙන්නෙත් ඒ පාරවල් වලට එන එකම තමා.මඩ සෝදාගෙන ඇවිල්ලා ඉන්නවා නම් එලවන්නත් බැහැනේ.මේ අයත් රජවරුනේ. (නි)
පව් අහිංසක මිනිස්සු. ජය වේවා! (නි)
මේකද අනේ අපේ ආශ්චර්ය ?(නදී)
මේ ප්‍රශ්නෙට ස්ථිර පිළිතුරක් හොයන්න බැරි මණ්ඩලය කුමට ද? පාලකයින්ට උනන්දුවක් නැහැ වගේ මට නම් පෙන්නේ.(නදී)