මහා භාරතයේ බුද්ධාගම ප්‍රචලිත කිරීමට මහත් සේවයක් කළ ආචාර්ය බී.ආර්.අම්බෙඩ්කාර්තුමන්ගේ 125 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් ඉන්දියාවේ මහා රාෂ්ඨ ප්‍රාන්තයේ නාග්ෂර් හි ඩ්‍රැගන් පැලස් විහාරයේදී අන්තර්ජාතික බෞද්ධ සාම සමුළුව පැවැත්වෙන අතර එහිදී මෙරට තිරගතවූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම‘ සිනමාපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
2014 වියට්නාමයේ පැවැති එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය මෙන්ම හොඳම නළුවා ආදී සම්මාන රැසක් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට හිමිවිය.
අන්තර්ජාතික බෞද්ධ සාම සමුළුව ඔක්තෝබර් 14 සිට 23 දක්වා පැවැත්වෙන බවත් එහිදී නීලගිරි විහාරයේ සිට වැඩම කරන ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක්ද ඇතුළත් ව මහාරාෂ්ඨ ප්‍රාන්ත සමාජ සුබ සාධන අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් මහතා බුද්ධ ශාසන අමාත්‍යංශයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
එම අවස්ථාවට ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රාම් දාස් ආත්වලේ, හිටපු අමාත්‍ය සුලේකා ටයි කුම්බාරේ , සර්වෝදය සභාපති ඒ.ටී.ආරියරත්න, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ප්‍රධාන නළු ගගන් මලික් සහ ලයිට් ඔෆ් ඒසියා පදනමේ සභාපති නවීන් ගුණරත්න යන පිරිස එක්ව සිටියහ.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අම්බෙඩ්කාර් සැමරුමට ලක් චිත්‍රපටයක්
උපරතන හිමි Tuesday, 29 September 2015 04:02 PM
ධම්ම චක්‍ර සමරුවක් වෙන්නේ කොහොමද? අම්බෙඩ්කාර් සමරුව ? (බ)
පිටිගල මිලානෝ Tuesday, 29 September 2015 05:31 PM
මෙතුමාගේ චරිත කතාව ලංකාවේ පාසල් වල ඉගැන්විය යුතුය. (නි)
දුමින්ද Wednesday, 30 September 2015 08:11 AM
ඉන්දියාවේ දෙවැනි මිහිඳු හිමි වැනිය (බ)
එළුවාපොළ Wednesday, 30 September 2015 03:29 AM
මෙතුමා ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයෙක්, සදා සමරා පින් දිය යුතුය (බ)
ධර්ම ජයවික්‍රම Wednesday, 30 September 2015 04:27 AM
ශ්‍රී ලංකික බෞද්ධ ජනතාවගේ ගෞරවය එතුමාට හිමිවිය යුතුමය.(ම)