(අංජුල මහික වීරරත්න)
සියලු අසීරු අවස්ථාවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ශක්තියක් දෙමින් කටයුතු කර ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා ඉන්දු ලංකා ඒකාබද්ධ ප්‍රකාශයේ දී පැවසීය.
ජනාධිපති කාර්යාලයේ පැවති මෙම ඒකාබද්ධ ප්‍රකාශයේදී නරේන්ද්‍ර මෝදි මහතා මෙසේද කීය.
මම ලංකාවට පැමිණෙන හතර වෙනි වතාව.අග්‍රාමාත්‍යවරයා ලෙස මම අවසන් වරට ආවේ 2019 වසරේදී.ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටිනු ඇතැයි මට විශ්වාසයක් තිබුණා.සැබෑ අසල්වැසියෙකු ලෙස අපට අපේ වගකීම් ඉටු කරන්නට හැකි වී තිබෙනවා.එය අපටත් සතුටක්.
කොරෝනා වසංගතය ,ත්‍රස්තවාදී ප්‍රහාර මෑතක ඇතිවූ ආර්ථික අර්බුදය සමයේදී අප හැමවිටම ශ්‍රී ලංකා ජනතාව සමග හිට ගත්තා.සියලු අසීරු අවස්ථා වලදී අප ශ්‍රී ලාංකික ජනතාව සමග කටයුතු කළා.
ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවට පැමිණීමෙන් පසු අපගේ හවුල්කාරීත්ව වැඩසටහනේ ඉතා හොඳ ප්‍රගතියක් ඇතිවුණා.
සාම්පූර් විදුලි බල ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරනවා.
එමෙන්ම ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය අනුර කුමාර ජනපති අතින් ලබන්නට හැකි වීම ගැන මා ඉතා සතුටට පත් වුණා.මේ සම්මානය මට ලොකු ආඩම්බරයක්.
ඒ පිළිබඳව රජයටත් ජනතාවටත් මගේ ගෞරවය පුදකරනවා යනුවෙන්ද මෝදි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අමාරු කාල වලදී ලංකාවට උදව් කරන්න ලැබීම සතුටක්
ගුණරත්න Saturday, 05 April 2025 05:57 PM
ස්තුතියි මෝදි අගමැතිතුමනි, ඒත් ඔය කාලෙත් ඉන්දියාවෙන් ලැබුණු ආධාර භුක්ති විඳින ගමන් ඉන්දියාවට පහර ගැසීම් කළ කල්ලිය තමයි දැන් ආණ්ඩුවේ ඉන්නේත්...!
නිර්පාක්ෂික Saturday, 05 April 2025 07:32 PM
ඒ වගේම ලංකාවට වෙනත් රටවලින් ලැබුණු ආධාරත් ගසා කාපු දූශිත බලලෝබි බඩගොස්තරවාදී නායකයොත් නැතුව නෙවෙයි. .අවතැන් වූ අසරණයන්ට ලැබුණු සුනාමි ආදාර ගසාකාපු හිරේට යවන්ඩ ඕන එකා, රජගෙදරට යවපු රටක් වෙච්චි .?
Nandalal de Silva - France Saturday, 05 April 2025 09:28 PM
ඒක නම් සම්පූර්ණ ඇත්ත... ශ්‍රී ලංකාවට අමාරුම කාලයක් වුනේ 30 වසරක් තිස්සේ පැවති කොටි ත්‍රස්ථවාදීන් ගේ ප්‍රහාර පැවති කාල වකවානුවයි. කොටින්ට, ඉන්දියානු කදවුරු, අවි ආයුධවලින් වලින් ඉතා හොඳින් සංග්‍රහ කර අපේ මව්බිම තුනෙන් දෙකක්ම කොටින්ගේ පාලනයට නතු කිරීමට ඉන්දීය රජය, ශ්‍රී ලංකාවට උදව් උපකාර කරපු හැටි නොදන්නවා නම්, ඒ ලගදී උපත ලබූ දරුවන් පමණි.... ඉන් පස්සෙ, ඉන්දියාව ශ්‍රී ලංකාවට කරපු අතිවිශාල තම උදව්වක් තමා... උඩින් හෙලපු "කාපල්ලා පරිප්පු" සංග්‍රහය !!!! සිහි මදි මොඩයන්ට ඒවා අමතක ඇති... නමුදු ඒවා අපට අමතක නැත !!!