(ගයාන් සූරියආරච්චි)

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින දිගුකාලීන ආරවුලක් මත දරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි වෙඩික්කරු සහ පැදිකරු කොටහේන ප්‍ර දේශයේදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

දැනට ඉන්දියවට පලාගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන පූකුඩි කන්නා නැමැත්තාගේ පාර්ශවයේ සමීපතමයකුගේ දරුවකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම්කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ඝාතන සැලැස්ම දැනට විදේශ රටක සැගව සිටින මත්ද්‍රව්‍ය හා සංවිධාත්මක අපරාධකරුවකු වන පලන කැනිස්ටර් විසින් මෙහෙයවා ඇති බව පොලිසිය කීය.