මාර්ගය අවහිර වන සේ වාහනය නවතා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙස කටයුතු කළැයි චෝදනා ලබාසිටි ගායක අමල් පෙරේරා සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමට කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළාය.
මීට වසර තුනකට පෙර අමල් පෙරේරා පයාගලදී මාර්ගය අවහිර වනසේ වාහනය නවතා තිබීම හේතුවෙන් ඔහුගේ රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්‍රය ඉල්ලා සිටි අවස්ථාවේදී එය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම නඩුව පවරා තිබුණි.
නඩුව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ සාක්කි පරස්පර වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබාදුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවාද? දේශපාලන බලවතෙකුගේ උවමනාව පිට කොටකෙතන සිද්ධිය යටගහන්න ලස්සනට වැඩ කළ සමහරු ගැන අපි දන්නවා. (නි)
නඩුව හරියට ගොනුකරලා නෙමෙයිද දාලා තියෙන්නේ? (නි)
දැන් හරියට පොලිසියට වරදිනවා. (ර)
පොලිසිය කොහොමත් දුර්වල තමයි දිනක් රාත්‍රී කාලයේදී මගේ වාහනය නවතා ඉදිරිපස විදුලි පහන් බැලුවා ඒවා දැල්වෙන නිසා පසුපස බැලුවා පසුපස අංක තහඩුවේ පහන් දැල්වී තිබෙද්දී පිටුපස නවතා තැබීමේ පහන් දැල්වුනේ නෑ කියල දඩකොලයක් ගැනීමට අවස්ථාව සැලසුවා මම ඊට පසු දවසක්ම නිවාඩු දමාගෙන දඩකොලය ගෙව්වා පොලිසිය දුර්වල අයට කරදර කරනවා වැඩියි (බ)
මෙයා යන යන තැන නවත්තන්නේ අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතුව, මාර්ග නීති තුට්ටුවකට මාඉම් නොකර තමයි. (ම)
පොලිසිය වාහන වල කහ ඉරි කපන එකට දඩ දෙන එකටත් උසාවි යන්න පුළුවන් මම හිතන්නේ .සමහර කහ ඉරි පෙනෙන්නේ කහ ඉර උඩට වාහනේ අාවහම .පාරේ ඊට කලින් කිසිම සිග්නල් බෝඩ් එකක් නැහැ.(ම)
දුර්වල පොලිස් රාජකාරිය නිසා වැරැද්දට ඉනිමං. (ස)
වැරැද්ද නොකළ බවක් මෙතනින් තහවුරු වෙන්නේ නැහැ. පොලිසිය රියදුරු බලපත්‍ර ඉල්ලුවම ඒක දෙන්න බැහැ කියන්නේ පොඩි ඔලුවේ අමාරුවක්. (ස)
විශාල නඩු ප්‍රමාණය නිසා පොලිසියට දැන් නඩු බරක් වෙලා ඇති (නි)
පොලිසියට කොහොමත් හරියට නඩුවක් දාගන්න බැහැ. වැඩේ පොලිසිය වැරදියි කියලා ඔප්පු කරන්න කාලයත් මුදලුත් ඕනෑ. ඒ නිසා මිනිස්සු බලන්නේ ඔහේ ගොඩින් බේරෙන්න. (නි)
පොලිසියට හරියට නඩුවක් දාගන්නවත් බැහැනේ. (නි)
ඇලි කැස්බෑවෙක් ගිය උඩ. (ර)
මොකක්ද මේ අපේ පොලීසියට වුණේ? (නි)
මේ නඩු මොනවාද? නිදොස්කොට නිදහස්! පුදුම රටක් ලංකාව. (නි)
ඔවු ඉතින් සාක්කි පරස්පර නම් එහෙම තමයි (නි)
හොඳ තැනක් 'සෙට් වෙලා' පාඩමක් ඉගෙනගෙන තමයි නවතින්නේ (නි)
රුවන්,ඒ මොකද දන්නවාද?අපේ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නීති රීති ගැන පුහුණුවක් දෙන්නේ නැහැ.උගත් අය පොලිස් සේවයට බඳවාගෙන ඒ අයට ඕනෑකරන නෛතික පුහුණු පාඨමාලා ලබාදෙන්නේ නම් පොලිසිය මෙවැනි අසහනකාරී තත්වයකට පත්වෙන්නේ නැහැ. (නි)
අපේ පොලීසිය දාන නඩු වැඩි හරියක් අඩුපාඩු නිසා ඉවත දාන්න සිද්ද වෙනවා,,,,(බ)
කාර් පිට කාර් නවත්තන්ඩ යනවා ඇති (බ)
මොකද පොලිසියට වැරදුනේ? (නි)
මෙයා හැමතැනම වාහනේ නවත්තන්නේ ඔහොම. කියන්න ගියාම චන්ඩි කතා කියනවා. (ර)