කන්තලේදී ත්‍රීරෝද රියක් හා ටිපර් රථයක් ගැටී ත්‍රීරෝද රිය පැදවූ කාන්තාවද, ඇගේ සැමියාද මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව හබරණ පොලීසිය කියයි.
කන්තලේදී ත්‍රීරෝද රියක් හා ටිපර් රථයක් ගැටී ත්‍රීරෝද රිය පැදවූ කාන්තාවද, ඇගේ සැමියාද මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බව හබරණ පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට කාගේ පිහිටක්ද? (නි)
පසු ගිය දිනවල ටිපර් නිසා සිදුවුන අනතුරු බොහොමයක් වාර්තා වුනා. ටිපර් රියදුරන් ඉතා අපරික්ෂාකාරී ලෙස රිය පදවන බව අපි සැමදාම දකිනවා.මේ සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන්ගේ අවධානය යොමු වේවා! (නි)
උදෙන්ම දැක්ක ප්‍රවෘත්තිය! (නි)
ටිපර් නිසා සිදුවන අනතුරු ඉතා අධික බැවින් ඉක්මන් විසදුම් ලබාදෙන්න. (නි)
අකල් මරණ කිසි කෙනෙකුට නොම වේවා.මෙම දෙපොලම නිවන් සුව ලබත්වා! (නි)
මේ මග මරුවන් මෙල්ල කිරීමට නීති පැනවිය හැකිය. මෙල්ල කළ හැකි බලධාරින් සහ මහජනතාවගේ යහපත වෙනුවෙන්ම කැපවෙනවයි කියන මහජන සේවකයන් සියලු දෙන මර නින්දේ. අපරික්ෂාකාරී ලෙස වාහන පදවා බිහිසුනු අනතුරු සිදු කරන්නන්ගේ රියදුරු බලපත්‍රය ජිවිත කාලයටත් තහනම් කළ හැකි ලෙසත්,වාහනය නඩුව අවසාන වනතුරුත් ධාවනය තහනම් කිරීමට හැකිවන සේ නීති පැනවූ දිනට මෙවැනි අනතුරු බොහොමයක් අඩු වේවි. (නි)
මම නම් නැවත නැවතත් කියන්නේ ත්‍රීවීල් රථය ආරක්‍ෂිත නැහැ. මේවා අතුරු මාර්ග වලට සීමා කළ යුතුයි. මේවායේ ගමන ලාභාදායී නමුත් තමන්ගේ ජීවිතේ අනතුරේ බව මගීන් වටහාගත යුතුයි. අපරාදේ දැන් පවුල් කීයක් විනාශ වුණාද? දරුවන් අසරණ වුණාද? දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන්,අහිමි වුණා. අතපය කැඩී ඉවත් කරලා ජීවිතේම අඳුරු කරගත් අය කොපමණද? (නි)
නිමල් හරි, රථවාහන නීතිය අකුරටම ක්‍රියාත්මක කර දඩ මුදල් සහ දඩුවම් ඇගට දැනෙන ලෙස වැඩි කළ යුතුයි.රියදුරුගේ වරදින් මරණයක් සිදු වුවහොත් අනිවාර්යයෙන් අවම වශයෙන් අවුරුද්දක් වත් බන්ධනාගාර ගත කර ඒ කාලය තුල ඔහුගෙන් යම් සේවයක් ගෙන ( කුඹුරු කොටවා හෝ ) ඔහුට හිමි විය යුතු වැටුප් ඔහුගෙන් යැපෙන්නන්ට ලබා දුන්නොත් මෙවැනි අනතුරු බොහොමයක් අඩු වේවි. (නි)
මාරක රිය අනතුරු සිදු කරන රියදුරන්ට වෙනම වැඩබිමක් සහිත බන්ධනාගාරයක් හදා අවම අවුරුද්දක් ඇප ලබා ගත නොහැකි සේ නීති සංශෝධනය කළ හැකිනම් රිය අනතුරු අඩු වේවි. ඔවුන් සාමාන්‍ය අපරාධකරුවන්ගෙන් වෙන් කළ යුතු වන්නේ අපරාධකරුවන් හා මුසු වූ විට බන්ධනාගාරයෙන් පිටවන රියදුරා සමාජයට පිළිලයක් විය හැකි තවත් අපරාධකරුවෙක් විය හැකි බැවිනි (නි)
අර ඉස්සර හිටි මොල්තස් කියන සමාජ විද්‍යාඥය (පියතුමා) කිව්වා ජනගහනය වැඩිවෙනකොට ඒක මර්දනය වෙන්නත් ස්වභාව ධර්මයෙන්ම පිළියම් යෙදෙනවා කියලා. උදාහරණෙට දුන්නේ කැලේ මුවන් වැඩිවෙනකොට කොටිත් වැඩිවෙනවා, ඒකෙන් තුලනයක් ඇතිවෙනවා කියලා. ලංකාවේ වාහන අනතුරුත් ස්වාභාවික ජනගහන පාලන උපක්‍රමයක් වෙලා වගෙයි දැන් නම්, දවස ගානේ සිද්ධවෙන අනතුරු සංඛ්‍යාව බැලුවාම. (නි)
කාන්තාවන් රිය පැදවීමට යාමේ ආදීනව තමයි මේ (නි)
ටිපර් රථ හා බස් රථ රියදුරන් මාර්ගයේ යන අනිකුත් වාහන හා මිනිසුන් ගැන නොතකා වාහන ධාවනය කරයි. ඔවුන්ට අවම වශයෙන් වසර තුනක්වත් සිර දඩුවම් දිය යුතුය (නි)
ත්‍රිරෝද රථ මෙරටට විශාල අපලයක්. ඉන්දියාවෙන් ලැබුන අනික් ත්‍රස්තවාදය මේකයි (නි)
ලංකාවේ ක්‍රමවේදය තමයි ලොක්කන්ට පොඩ්ඩෝ ඉඩ දිය යුතුයි කියන එක. පාරට බැස්සම ඒක මනාව පේනවා. (නදී)
අනේ දෙයියනේ (දී)
ටිපර් යන්නේ ඒක විතරයි යන මතයට. වේග අඩු කිරීමක්වත් ඉඩ දීමක් වත් බොහෝ අයෙගේ නැහැ .(දී)