
(මොහොමඩ් ආසික්)
මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්න කුඩුගල ප්රදේශයේ පිහිටි වාහන අමතර කොටස් ව්යාපාරික ආයතනකයක (ගබඩාවක) අද අලුයම ඇති වූ විශාල ගින්නකින් එම ආයතනයට දැඩි හානි සිදුව තිබේ.
අලුයම් කාලයේ ඇතිව ඇති මෙම ගින්න ප්රදේශවාසින් දකින අවස්ථාව වන විටක් දැඩි ලෙස පැතිරී ගොස් තිබිණ.
ඒ අවස්ථාවේදීම ප්රදේශවාසින් පොලිසිය දැනුවත් කර ඇති අතර කටුගස්තොට සහ අලවතුගොඩ පොලිස් ස්ථානවල නිලධාරින් වහාම මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය කැඳවා ගින්න පාලනය කිරිමට පියවර ගෙන තිබිණ.
මෙම ගින්න හේතුවෙන් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති අතර ගින්න ඇති වීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ කටුගස්තොට පොලිසිය මගින් සිදු කරනු ලබයි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd