
(අංජුල මහික වීරරත්න)
සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත නිසා රටේ සියලු ප්රජාතන්ත්ර අයිතීන් විශේධ වීමේ අවදානමක් තිබෙන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම පනත් නිසා රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය පමණක් නොව වෙළෙඳ සබඳතා මෙන්ම ආයෝජනවලටත් අහිතකර බලපෑමක් එල්ල වෙන මහාචාර්ය පීරිස් මහතා සඳහන් කළේය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල් පීරිස් මහතා:-
මේ රටේ මෑතකදී යෝජනා වූ පනත් අතුරින් අතිශයින්ම භයානක පනතක් තමයි අපරාධ පිළිබඳ පනත. මේ පනත අපි තක්සේරු කරන්න ඕනේ තවත් පනතක් සමඟ. ඒක තමයි ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත මේ පනත් දෙක එකිනෙකට බොහොම සමීපව සම්බන්ධ වෙලා තිබෙනවා.
දැන් මේ පනත් දෙකේ ප්‍රතිඵලය තමයි, අපි චිරාත් කාලයක් මේ රටේ භුක්ති විඳපු නිදහස ප්රජාතන්ත්රවාදයට නෑකම් කියන්න, සියලුම අයිතිවාසිකම් සම්පූර්ණයෙන් නිෂේධ වීම හා ඊට අමතරව ජාත්‍යන්තර තලයේ මේ රටට විශාල විනාශයක් වනවා. අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය පමණක් නොවෙයි, වෙළඳ සම්බන්ධතා ආයෝජන අපේ ආර්ථිකයට සෘජුව බලපාන සියලුම දේවල් විශේෂ අවධානයකට ලක් වෙනවා මේ පනත් දෙකේ සෘජු ප්‍රතිඵලයක් වශයෙන්.
දැනටම ජාත්‍යන්තර ක්ෂමා ආයතනය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නගරයේ පිහිටුවා තියෙන මානව හිමිකම් කවුන්සිලය මේ පනත් දෙක පිළිබඳව ඉතාමත් දැඩි විවේචන ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අය රජයට නිර්දේශ කරලා තිබෙනවා, මූලික සංශෝධන වලින් තොරව මේ පනත් දෙක නීතිගත කරන්න එපා කියලා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂයෙන් වැදගත් වෙන්නේ, මොකද GSP+ සහනයට එයට අදාළ වන නිසා.
මෙතැන සිදුවෙලා තියෙන්නේ, අපේ රටේ නීතිය අනුව සුරක්ෂිත වෙලා තිබෙන මානව අයිතිවාසිකම් වැඩි ලෙස උල්ලංඝනය වීම පමණක් නොවෙයි, අපි ජාත්‍යන්තරයට දීලා තියෙන ප්‍රතිඥා වලට අපේ පනත් දෙක කෙලින්ම පටහැනි නිසා. එම නිසා GSP+ සහනය අපිට මේ අවස්ථාවේදී අතිශයින් වැදගත්.
මේ පනත් දෙක මේ විදියට නීතිගත කළොත් GSP+ සහනය අහිමි වීමේ අවධානම පැහැදිලිව තියෙන බවට කිසිම සැකයක් නැහැ.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිරාස් යූනුස්, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් උපතිස්ස කුමාරතුංග, සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නිර්මාතෘ නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහත්වරුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd