(යොහාන් භාසුර)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යංශයේදී පැවැත්විණි.
විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙහෙයුම් හා මූල්‍ය වගකීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවත් විදුලි අය ක්‍රම සංශෝධනය, 2023 වසරේ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ගිණුම්, විදුලිබල මණ්ඩලයේ වත්මන් මූල්‍ය තත්වය, ගිණුම්කරණයේ මූලධර්ම සහ ප්‍රමිතීන් අනුගමනය කිරීම, ස්වයංක්‍රීය ගිණුම්කරණය, 2024 වසර සඳහා පුරෝකථන, ඉන්ධන මිල සූත්‍රය සහ තෙල් සංස්ථාවේ මෙහෙයුම් සම්බන්ධයෙන් එහිදී අවදානය යොමු කළ බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ, මුදල් අමාත්‍යාංශ, විදුලිබල මණ්ඩල සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීහූ ද එම සාකච්ඡාවට සහභාගී වූහ.
අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයි.එම්.එෆ්. ප්‍රධානියාගේ ඇසත් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයට
පිටරටවැසියා Wednesday, 13 March 2024 06:47 PM
පීටර් බෲවර්ටත් කරන්ට් එක වදින්න ඇති... ඒ ෂෝක් එකෙන්ම එයාටත් ෂෙඩ් කිහිපයක් දෙන්න කිව්වද?
ravin Wednesday, 13 March 2024 09:38 PM
ආරංචියි... ආරංචියි ...! හොර පුතාලා ටිකගේ පාරාදීසයක් කියලා..
Bamunuarachchi Friday, 15 March 2024 05:44 AM
අපිට කිසිම බයක් නැහැ. අනුර කුමාර ජනාධිපති වුනාම ඔය ගිවිසුම ජනතාවට වාසිවෙන විදිහට වෙනස් කරනවලු.. රනිල්ට තමයි බැරි...!