අයි. පී. එල්. සහ එස්.එල්.පී.එල්. තරගාවලි නිසා ශ්‍රී ලංකා පිලට ලබන වසරේ ටෙස්ට් තරග හතරක් අහිමි වෙයි. ලබන වසරේ අපේ‍්‍රල් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කොදෙව් දුපත් සමූහයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක අතහැර දැමීමට තීරණය කර ඇති අතර දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලබන ජූලි මාසයේ ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකක් 2015 දක්වා කල්දමා දමා තිබේ. මීළග එස්. එල්. පී. එල්. තරගාවලිය වසර 2013 අගෝස්තු 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ටෙස්ට් මැච් හම්බ වෙන්නෙත් අඩුවෙන්. හම්බුවෙන එකත් නැති කරනවා. (නි)
ඔහොම යමුකෝ. නියමයි. (නි)
කමක් නෑ . ඇයි අපේ නායකයා කියලා තිබ්බේ IPL හොඳ ක්‍රීඩකයෝ බිහි කරනවා කියලා..බිහිවෙන අයට ක්‍රීඩා කරන්න ඉස්සරහට ටෙස් මැච් තිබ්බොත් හොඳයි. (ස)
රටට පෙර සල්ලි. (නි)
IPL වලට මොකටද අපේ තරඟ නවත්වන්නේ ? SLPL ගහන්න ඉන්දියාව ආවද ?කෙලින් තීරණ ගන්න බැරි පාලකයෝ හිටියම ඔහොම වෙනවා .මේ වගේ වෙලාවට තමයි අර්ජුන ඉන්න තිබුණේ. (ස)
වහාම තරග අත්හිටවන්න. නැත්නම් අපේ කට්ටිය ඉල්ලා අස්වෙන්න වුණත් පුලුවන්. (නි)
රටට මොනවා වුණත් ක්‍රීඩකයන්ට හරි සෙතක් වෙනවානේ. (නි)
කොහොමද සල්ලි බලේ? (නි)
ලෝකෙට දස්කම් නොපෙන්නුවාට ලංකාවට දස්කම් පෙන්නුවාම ඇති කියලා හිතලා වෙන්න ඇති... (ස)
ඇයි අර කෙනෙක් කිවුවේ අපිට ටෙස්ට් තරග ලැබෙන්නේ අඩුවෙන් කියලා. කෝ එයා දැන්? (නි)
අයි පී.එල්, එස්.එල්.පී.එල්. ගහමු.. ටෙස්ට් ඕඩීඅයි.. විස්සයි විස්ස අත්හරිමු.. පෙරටම යමු..!!(නු)
වඩා වැදගත් සල්ලිද? ක්‍රීඩාවද? (නි)
දැං ඔය අර්ජුනලා කෑ ගැහුවට එයාලගේ කාලේ අයි.පී.එල් තිබුණනම් එයාලත් කියයි ටෙස්ට් මොකටද ගහමු අයි.පී.එල්. කියලා..!!(නු) .
දැන් ක්‍රිකට් ගහන්නේ රටේ ජනතාවට සතුටක් ලබාදෙන්න නෙමෙයි .... පාලක මණ්ඩලයි ක්‍රීඩකයෝ ටිකටයි....... ගානක් හොයාගන්නයි . (ස)
මම හිතන්නෙ ක්‍රීඩාව පාවා දෙන්න වගෙයි හදන්නේ. (නි)