IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අයි. පී. එල්. සූදු අන්තුවා වින්දුගේ වාසනාව පොලිසියට සැකයක් වෙයි

විරෙන්දර් දාරා සිං යනු අයි. පී. එල්. තරග වෙනුවෙන් ඔට්ටු දැමීම පුරුද්දක් කරගත් බොලිවුඞ් නළුවෙකි. නමුත් ඔහු පරාජිතයෙකි. එහෙත් ගුරුනාත් මෙයියප්පන් මහතා සමග මිතුරු දමින් බැඳුනු පසුව දාරා සිංගේ බඹරය වැල්ලේත් කැරකෙන්නට පටන් ගත්තේය.

දාරා සිංගේ බඹරය වැල්ලේ කරකැවූ ගුර්නාත් මෙයියප්පන් යනු කවරෙක්ද?

ගුර්නාත් මෙයියප්පන් යනු මේ වන විටත් දෙවරක්ම අයි. පී. එල්. ශූරතා දිනා සිටින, මෙවර (2013) තරගාවලියේදීත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්, චෙන්නායි සුපර් කිංග්ස් පිලේ හිමිකරුවා හෙවත් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාගේ බෑණනුවන්ය.

එපමණක් නොවේ, ගුර්නාත් මෙයියප්පන් යනු චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ප‍්‍රධානියා හෙවත් ප‍්‍රධාන විධායක නිලධාරියාය.

මේ වන විටත් මුම්බායි පොලිස් අත්අඩංගුවේ සිටින වින්දු දාරා සිං සහ ගුර්නාත් මෙයියප්පන් මහතා අතර මිතුරු දම ලියලා වැඩෙන්නේ වසර දෙකකට පමණ ඉහත සිටය.

පොලිස් අත්අඩංගුවේදී වින්දු දාරා සිං විසින්ම පවසන ලද දේ අනුව මෙවර අයි. පී. එල්. තරගාවලියේදී වින්දු දාරා සිං ඔට්ටු දැමීමෙන්, පළමු වතාවට, උපයාගන්නා ලද මුදල ඉන්දීය රුපියල් ලක්‍ෂ 17 ක් හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් ලක්‍ෂ 40 ඉක්මවයි. මේ බව ප‍්‍රකාශ කරන්නේ, අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා සම්බන්ධ නමුත්, නම හෙළි කිරීමට අකමැති පොලිස් නිලධාරියෙකි.

වින්දු යන කෙටි නමින් හැඳින්වෙන, විරෙන්දර් දාරා සිං කලකට ඉහත ආසියාවේ සිටි විශිෂ්ටතම මල්ලවපොර ශූරයකු වූ ධාරා සිංගේ පුතණුවන්ය.

ඔට්ටු දමන්නන්ගේ කල්ලියේ වින්දු හඳුන්වනු ලබන්නේ ‘ජැක්’ යනුවෙනි.
කලින් පැවැති අයි. පී. එල්. තරගාවලි පහේදීත් කි‍්‍රකට් තරග සඳහා ඔට්ටු ඇල්ලූ වින්දු ඒවායින් බරපතළ පාඩු අත්කරගත්තේය. එහෙත් මෙවර අයි. පී. එල්. තරගාවලියේදී වින්දුට ලැබී තිබෙන අති විශාල වාසි සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය විමසිල්ලෙන් පසුවෙයි.

”අප තවමත් කිසිම නිගමනයකට ඇවිත් නෑ. ඒත් ඔහුගේ මේ හදිසි සාර්ථකත්වය ගැන අප සොයා බලනවා” යයි මුම්බායි පොලිස් නිලධාරියෙක් පවසා තිබිණ.

බ‍්‍රහස්පතින්දා උදේ වරුවේදී මුම්බායිහි පොලිස් කොමසාරිස්වරයකු වන සත්‍යනාරායන් චෞද්රි මහතා සහ තවත් නිලධාරීන් පිරිසක් චෙන්නායි හි පිහිටි මෙයියප්පන් මහතාගේ නිවසට පැමිණි නමුත් ඔහු නිවසේ නොසිටියේය. පසුව ඔව්හු සිකුරාදා දිනයේදී මුම්බායි පොලිසියේ පෙනී සිටින ලෙස නොතීසි බාරදී පිටව ගියහ.

බොලිවුඞ් නළුවකු වන වින්දුගේ ජංගම දුරකතන ඇමතුම් විශ්ලේශනය කරද්දී මුම්බායි පොලිසියට පෙනී ගියේ ඔහු මෙයියප්පන් මහතා සමග නිරන්තර සම්බන්ධතා පැවැත්වූ බවයි. චෙන්නායි නුවරදී පැවැති අයි. පී. එල්. තරගයකදී ප‍්‍රභූවරුන් සඳහා වෙන්වූ කුටියක වින්දු සිටි බවද හෙළිදරව් විය.

ලැබී තිබෙන තොරතුරු අනුව මෙයියප්පන් මහතාට වින්දු හඳුන්වා දෙනු ලැබ ඇත්තේ ඉන්දීයාවේ ඉතා ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩකයකු සමග කිට්ටු ඇසුරක් ඇති අයකු විසිනි.

පොලිස් නිලධාරීන් පවසන ආකාරයට ඉතා ප‍්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් වින්දු විසින් හෙළිදරව් කරනු ලැබ ඇත. ඒ අතර නළුවෙක්, නිළියක් මෙන්ම කලක් කි‍්‍රකට් කී‍්‍රඩකයකුව සිට පසුව විස්තර කථකයකු වූ අයකුද සිටින බව වාර්තාවේ.

”ගුරුනාත් සම්බන්ධයෙන් ඔහු බොහෝ දේවල් කීවා. ඒත් ගුරුනාත්ගෙන් ප‍්‍රශ්න කිරීමට අවස්ථාවක් අපට ලැබෙන තුරු ඒ ගැන නිශ්චිත යමක් කියන්නට බෑ”

”ඒත් මෙයියප්පන් වෙනුවෙනුත් ඔහු ඔට්ටු ඇල්ලූවා කියලත් වින්දු කිව්වා” යයිද එම පොලිස් නිලධාරීයා පැවසීය.
අපරාධ අංශයේ තොරතුරු අනුව 49 හැවිරිදි වින්දු ස්ථිර වශයෙන්ම ඔට්ටු දමන්නන් සමග සම්බන්ධතා පවත්වා ඇත. බොහෝ අවස්ථාවන්හිදී අයි. පී. එල්. තරග නැරඹීමටද යන වින්දු තරගයෙන් අනතුරුව පැවැත්වෙන පි‍්‍රය සම්භාෂණයටද සහාගි වන්නෙකි.

ඔහු චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ සක්සි සමග අයි. පී. එල්. තරග නැරඹූ අවස්ථාද තිබේ.
පාකිස්තානු ජාතික විනිසුරුවරයකු වන අසාඞ් රවුෆ් මහතාද ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවීමට මුම්බායි පොලිසිය සූදානම් වෙයි. මෙම සූදානම නිසා ලබන මාසයේදී එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් රවුෆ් මහතා ඉවත් කිරීමටද අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පියවර ගත්තේය.

මේ අතර තමිල්නාඩු පොලිසියේ අපරාධ අංශය විසින් ‘කිටී’ හෙවත් උත්තම් චුනිලාල් ජාන් නැමැති අයකු අත්අඩංගුවට ගනු ලැබ ඇත. ඔහු ඉහළ මට්ටමේ ඔට්ටු බාරගන්නා අයකු ලෙස හඳුන්වන චෙන්නායි පොලිසිය, කිටී වටා ඔට්ටු දමන්නන් 30 කට වැඩි පිරිසක් සිටින බවත් පැවසීය. කිටී විසින් බාරගනු ලබන ඔට්ටුවක අවම මුදල රුපියල් 50,000 ක් බවද කියැවේ.

”කිටී බොහොම වැදගත් ඔට්ටුකරුවෙක්”
”හෙළිදරව් වන තොරතුරු අනුව ඔහු ව්‍යාජ ලිපි ලේඛණ භාවිතා කරලා ජංගම දුරකතන සඳහා යොදාගන්නා ‘සිම්’ කාඞ්පත් ගණනාවක්ම කි‍්‍රයාත්මක කරලා තියෙනවා” යයිද චෙන්නායිහි වංචා විමර්ශන ඒකකයේ නිලධාරියෙක් ‘ද හින්දු’ පුවත් පතට පැවසීය.

චෙන්නායිහිදී මේ දක්වා බුකි කරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විටත් දකුණු අපි‍්‍රකාවට ගොස් ඇතැයි සැලකෙන සන්ජේ බෆ්නා නම් අයකුද අත්අඩංගුවට ගැනීමට සොයයි.

මේ අතර මූල්‍ය ඒජන්තවරයකු වන අල්පේෂ්කුමාර් පතෙල් නැමැත්තකුද මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. පාකිස්තානයේදී නීති විරෝධී ආකාරයෙන් උපයාගනු ලබන මුදල් ඔට්ටු දැමීම සඳහා ඩුබායි හරහා ඉන්දියාවට ගෙන ඒමේ නියෝජිතයකු වශයෙන් කටයුතු කර ඇති අල්පේෂ්කුමාර් පතෙල් මුම්බායිහි කල්බාදේවි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණ.

”ඔහු සතුව තිබී ඉන්දීය රුපියල් ලක්‍ෂ 128 ක්, ජංගම දුරකතන දෙකක් අත්අඩංගුවට ගත්තා” යයිද මුම්බායි පොලිස් කොමසාරිස් හිමාන්ෂු රෝයි මහතා පැවසීය.

මෙම නීති විරෝධී මුදල් හුවමාරුවක් සඳහා අල්පේෂ්කුමාර් පතෙල් නැමැත්තා රුපියලකට ශත 25 ත් ශත 50 ත් අතර සේවා ගාස්තුවක් අයකරන බවත් මුම්බායි පොලිසිය කියයි.
 

                                 

 

 


 

 



අදහස් (0)

අයි. පී. එල්. සූදු අන්තුවා වින්දුගේ වාසනාව පොලිසියට සැකයක් වෙයි

චතුල වෙරෝනා Saturday, 25 May 2013 11:58 AM

කුනු බිත්තර ගැන කතාවක් වත් නෑ දෑන් ලංකාවෙ.(නදී)

:       0       0

හෙට්ටිගේ Saturday, 25 May 2013 12:53 AM

අපේ අය ගෑවිලා නැහැ කියලා හිතනවා. (නි)

:       0       0

කිරා Saturday, 25 May 2013 05:07 AM

අයි.පී.එල් කියන්නේ සූදුවක්. ඉතින් ඔට්ටු දැම්මම මොකද ? (නදී)

:       0       0

සාදි Saturday, 25 May 2013 10:03 PM

ක්‍රිකට් වලට වඩා මුදල් බහුලව ගැවසෙන ලෝක මට්ටමේ පාපන්දු තරගවල කොහොමට වංචාවල් වෙනවා ඇතිද අප්පා...හිතා ගන්නවත් බෑ (අ)

:       0       0

මහේෂ් Saturday, 25 May 2013 08:20 AM

මේ තත්වය ඉස්සෙල්ලාම අර්ජුන දැක්කා. නමුත් උද්ධච්ඡකමට නුගත් පරිපාලකයො හා මුදල් තන්හාවට, උඩගු ක්‍රිඩකයො ඒවා පිලිගත්තෙ නැහැ. කෙසේ වෙතත් අන්තිම හානිය තමයි අපේ ක්‍රිඩකයන්ට පාවා දීමේ චෝදනා ලැබිම. (නි)

:       0       0

කමල් Saturday, 25 May 2013 03:47 PM

චතුල , මම ලංකාදීප දිනපතා බලන කෙනෙක් , හාමුදුරුවොත් එක්ක තරහ මොකද ?(නදී)

:       0       0

සංජු Saturday, 25 May 2013 08:54 AM

මේක මම මුලින්ම කිව්වා සුදුවක් කියලා, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, නවසීලන්තය තමයි ක්‍රිකටි නල නස රැක්කේ. ඉන්දියාව, පකිස්ථානය තරග කළේ සල්ලි වලට. ඕනාතරම් උදාහරණ අපේ අර්ජුන මහත්තයා ඇහුවානම් කියයි. ඉන්දියාවේ මේ ක්‍රියාව අපි තරයේ හෙළා දැකිය යුතුයි. ජාතික කණ්ඩායම වසර දෙකකට තහනම් කළා නම් හරි.(නදී)

:       0       0

සාම්රේ Saturday, 25 May 2013 05:49 PM

තානාපති කාර්යාලය ඇතුලත ඕනදෙයක් කරන්න පුලුවන්ද, එහෙනම් හොර අරක්කුත් පෙරන්න පුළුවන් ඇතිනේ, එතකොට තානාපති ආරක්‍ෂකයන් ලංකා පොලිසියෙන්ද දාන්නේ.(නදී)

:       0       0

ජෙෆ් Saturday, 25 May 2013 06:53 PM

මොන තරම් ජනප්‍රිය ක්‍රීඩකයකු වූවත්, දක්ෂයකු වුවත්. මොනම රටක ක්‍රීඩකයකු මුදලට තරග පාවාදුන්නොත් ඔහුගේ මුළු වත්කම් සියල්ල රාජ සන්තක කල යුතුයි. මුළු ජිවිතයටම බලපාන ක්‍රීඩා තහනමක් පැනවිය යුතුයි. හේතුව 1. රට පාවාදීම 2. ප්‍රේක්ෂක යන්ගේ බලාපොරොත්තු බිද දමා, ඔවුන්ව රැවටීම. (ඉන්දියාවේ නම් ගිනිතියා ගන්න ප්‍රේක්ෂකයන් ඉන්නවා. වාසනාවට ලංකාවේ එහෙම අය නැ, එත් හාර්ට් ඇටක් ඇතිවී මරුන ගැහණු පිරිමි සිටියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 318 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 162 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 385 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1299 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 362 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 164 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site