බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ (ගල්කිස්ස) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරකෝන් බණ්ඩාර මහතාගේ වෙඩි වැදුණු සිරුර හෝමාගම ගොඩගම ඉන්ධන පිරවුම්හළ පිටුපස කුඹුරක තිබිය දී සොයාගත් බව අතුරුගිරිය පොලීසිය කියයි. ඔහුගේ සේවා පිස්තෝලය පාදය අසළ තිබී ඇත. ඔහුගේ හිසට වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි. ඔහු පැමිණි බව කියන යතුරුපැදිය මීටර් 200ක් ඈතින් තිබූ අතර කැඩීගිය හෙල්ටය, බුලත්විඩක් හා ඉරිදා පුවත්පතක් ද එතැන තිබී සොයාගෙන ඇත. මොහු සියදිවි නසාගන්නට ඇතැයි යන සැකය ද පවතින බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස බුද්ධි ඒකකයේ ඉන්නේ රටට ගොඩක් වැඩ කළ උගත් බුද්ධිමත් නිලධාරීන් පිරිසක්.මේක සියදිවි නසාගැනීමක් වෙන්න බැහැ (නි)
පෞද්ගලික පලිගැනීමක් (දී)
බය්සිකලේ යන ගමන් සියදිවි නසාගන්න එකම රට ලංකාව. ඒ තරමට සියදිවි නසාගන්න එකත් දියුණු වෙලා. අනේ මගේ කට!!!(දී)
පොලිසියේ අයට නරක කාලයක් මේ .(දී)
පොලිසියේ අයට නරක කාලයක් මේ .(දී)
නිවන් සුව අත් වේවා. (දී)
නිවන් සුව අත් වේවා. (දී)